Sale!

කළු සිල්ලර Kalu SIllara

Original price was: රු 1,150.00.Current price is: රු 920.00.

  • USD: 3.12$

Author – Ruwini Silva

Publisher – Sithuwili books

Year – 2025

Add to Wishlist
Add to Wishlist
SKU: KRS 0225 Categories: , Tag:
Guaranteed Safe Checkout

” රඟපාන්න ඕනේ නැහැ කියලා කිව්වට ත මුසේ දැනටමත් හොද නිළියෙක්වෙලා ඉවරයි. ත මුසෙට ආයෙමත් ආපස්සට හැරෙන්න බැහැ මන්දාකිණි.”
මුව අද්දරට සිනහවක් නගා ගත් උදය එසේ පැවසුවේ දුරකථනයෙන් දිස්වෙන මන්දාකිණි ගේ රුව දෙස අපහාසාත්මක බැල්මක් හෙළමිනි.
“මොකක්ද ඒ කතාවෙ තේරුම..”
“තේරුම දැනගන්න ඕනේද.. පොඩ්ඩක් හිටපන් උ ඔට උ ඹේ රඟපෑම් උ ඹේම ඇස් දෙකෙන් දැක ගන්න පුළුවන්..මම එවන වීඩියෝ එක බලලා මට ආයෙමත් කෝල් ක රපන් ..”
උදය ඇමතුම විසන්ධි කළේ මන්දාකිණි ගේ හද ගැස්ම උපරිම අගයක් දක්වා ත්රීව්ර කරමිනි.ඒ සමගම ඇගේ ජංගම දුරකථනයට පැමිණි වීඩියෝව ඇය අසිහියෙන් මෙන් විවර කළාය
*******************************

අ පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිය ප්රධානීන් හමුවූ ලියාමා ඔවුන්හට සීසීටීවී දර්ශන ත් සැකකාර පුද්ගලයා ගේ ඡායාරූපත් පෙන්නුවාය.
“වෙල්ඩන් ලියාමා.. එක දවසින් ඔයා මේ කේස් එක ගැන සෑහෙන තොරතුරු දැනගෙන..”
“ඒක තමයි සර්..සර්ට මම ලියාමා ගැන රෙකමන්ඩ් කළේ. මේ තමයි අපිට ඉන්න සුපිරිම බුලට් එක..කොහොමත් සර් මේ ෆිල්ඩ් එකට හරියන්නේ අපිට වඩා ගෑ නු. දන්නවනේ ගෑ නියෙක්ට පොඩි සැකයක් ඇති වුනොත් ඇති කියලා..”
අ පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
අ පරාධ විමර්ශන අංශයේ ප්රධානියා එසේ පැවසුවේ ඔහුගේ බිරිද හා මව සිහිපත් ව ය.
ගැහැණුන්ගේ නුවණ පොල් කටු හැන්දේ මිට තරමට යැයි පැවසූයේ බමුණු යුගයේ ය.
නූතනයේ කාන්තාව පිරිමින්ටත් වඩා බුද්ධිමත් ය. තමුන් ගැටවර සමයේ මව , තමුන් ගැන සොයා බැලුවේ ද ,කුඩා සැකයක් ඇති වූ විට පසුපස පන්නා සූක්ෂම ලෙස ඒවා සොයාගන්නේ ද සහජ ඉවකිනි. බිරිඳ පවා ද එසේය. හුස්මක වෙනසක් වුවද ඇයට ප්රමාණවත්ය. සියල්ල සොයා ගැනීමට වැඩි දවසක් ගත වෙන්නේ නැත.
“ඒක නම් ඇත්ත.. ඇත්තමයි ලියාමා ඔයා නම් හරිම දක්ෂ ගෑනු ළමයෙක්.. කළුතර පොලීසියට මෙච්චර දවසක් හොයා ගන්න බැරි වෙච්ච දේවල් ඔයා එක දවසින් හොයාගත්තා.
දැන් ඉතින් අපිට තියෙන්නේ මේ මනුස්සයා හොයාගෙන අත්අඩංගුවට ගන්න විතරයි.”

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart