Sale!

සුසුම් සැනසුම් ඔබ තමයි Susum Sanasum Oba Thamai

Original price was: රු1800.Current price is: රු1440.

Author – Dilrukshi Gamage
Publisher – Sithuwili publishers
Year – 2024

ස්නේහ මාලිගා – දිල්රුක්ෂි ගමගේ

Availability: 3 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: SDS 0003 Categories: , Tag:
Guaranteed Safe Checkout
“අම්මා ….අම්මා මොනවද ඒ දෙන්නගෙ ආදරේ ගැන දන්නෙ . ඒ ආදරේ දැක්කෙ මං , දන්නෙ මං ..ඔවු පුදුම ආදරේකින් හිටියා . හැබැයි දැන් තමා මම දන්නෙ ඒ අපේ එකා විතරයි කියලා .ආදරේ කියන්නෙ අවශ්යම වෙලාවෙ දාලා යන එකද අම්මෙ ? තනි කරන එකද ? එහෙම ගිහින් හරි ශලනි අපෙ එකා වෙනුවෙන් තනිකඩව හිටියා නම් ජීවිතේ දීලා හරි උන් දෙන්නව එකතු කරන්නෙ අම්මා නෙවේ මම . අපෙ මල්ලිට ශලනි වගේ ගෑනියක් හරි යන්නෙ නෑ. ඌ අද මේ ඉන්න තැන හිටියත් , මහපාරෙ හිඟා කෑවත් ලැජ්ජා නැතුව උගෙ අත අල්ලාගෙන ඉන්න පුළුවන් ගෑනියෙකුයි ඌට ඕනැ. මගේ මල්ලි වැරදියි නම් අම්මත් එදා වැරදියි ..එහෙනම් දවස ගානෙ රණ්ඩු කරන්නෙ මරාගන්නෙ නැතුව අම්මටත් එදා ඉවසන්න තිබුණා . තාත්තාට සමාව දෙන්න තිබුණා .අම්මා දන්නවට වඩා දෙයක් මම මගේ මල්ලි ගැන දන්නවා . ශලනි මිනිස්සු සීයක් එක්ක ගිහින් ආවත් සමාව දෙන්න තරම් හිතක් ඌට තියෙනවා .ඒක මට විශ්වාසයි ..ඒත් ඌ අන්ත අසරණ වුණ වෙලාවෙ හිතක් පපුවක් නැති ගෑනියෙක් වගේ ඌව දාලා ගිය ශලනිට උගෙ හිතේ සමාවක් නෑ කියලා මම හොඳටම දන්නවා . අම්මා නොදන්නවා වුණාට අපේ එකා එදා පිස්සෙක් වගේ පාරක් පාරක් ගානෙ ඇවිදගෙන ගිහින් තියෙනවා .”
“මං දන්නෙ නෑ ලොකු පුතා . ඒ දරුවා ගත්තෙ වැරදි තීරණයක් කියලා ඒ දරුවා හැම වෙලාවෙම පසු තැවෙනවා ..ඉතිං ඇයි අවස්ථාවක් දෙන්න බැරි ?”
“අම්මා මගෙ කොල්ලගෙ ජීවිතේ කාටවත් අවස්ථා දෙන්න ඕනැ නෑ .අවස්ථා දිදී දාලා ගිය ගෑනියක් ළං කරගන්න තරම් ලාබ බඩුවක් නෙවේ ඌ. අම්මට වැඳලා කියන්නම් ඌට තමන්ගෙ ජීවිතේ වැදගත්ම තීරණය ගන්න ඉඩ දෙන්න . ඌ මට මල්ලි නෙවේ මගෙ තාත්තා ..ඌ මගෙ දරුවො හතර දෙනාටම තාත්තා , අර මැරිච්ච ගෑනිගෙ සහෝදරයා .මගෙ එකාට ලැබෙන්න ඕනැ මේ ලෝකෙ හොඳම කෙල්ල . එහෙම නැතුව මේ ලෝකෙ ඉන්න අවස්ථාවාදිම කෙල්ල නෙවේ ..”
“මං දන්නෑ ලොකු පුතා .”
“අම්මා නොදන්න ගොඩාක් දේවල් තියෙනවා .ආරියබාහු ගාමන්ට් ආයෙ ලංකාවේ අංක එක කරපු කොල්ලට , මට තාත්තෙක් වුණ, මගේ කොල්ලට ඌට ගැලපෙන කෙල්ලෙක් හොයා ගන්න බෑ කියන එක විහිලුවක් . ඌ හොයා ගනියි. ගැලපෙන වෙලාවට නියම කෙනාව . ප්ලීස් අම්මා ඌව අවුල් කරන්න එපා අම්මට පවු පිරෙයි .
කොල්ලට ඕනැ ජීවිතේ අවුල් කරන කෙල්ලෙක් නෙවේ ජීවිතේ පිලිවෙලක් කරන්න පුළුවන් කෙල්ලෙක්

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart