Sale!

ස්නේහ මාලිගා – දිල්රුක්ෂි ගමගේ

රු1040

Author – Dilrukshi Gamage

Publisher – Sithuwili publication

Year – 2023

Add to Wishlist
Add to Wishlist
SKU: SDS 0002 Categories: , Tag:

නේත්‍රා සමාධි රණබාහු තම වමතෙහි පළඳාගෙන උන් රන් පැහැයත් සුදු පැහැයත් මිශ්‍ර වූ අත් ඔරලෝසුව දෙස බැලුවේ කී වෙනි වතාවටදැයි ඇයටම මතකයක් නොවේ. දෑස් තිබුණේ කඳුළින් බොඳවය. එකිනෙකා තමාගේ අදහස් ඉදිරිපත් කරමින් සිටී. නේත්‍රාට ඒ කිසිවෙකුට දෙන්නට තරම් පිළිතුරක් ගලපාගත හැකි වූයේ නැත. උපතින්ම කැරලි කොණ්ඩයක් හිමිව තිබූ නැඟණිය සහසලා නෙත්මි විජේසූරිය මෑතකදී ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පිණියක් ලවා කඩා හැලෙනා ආකාරයට සකසා ගත් කෙටි කොණ්ඩය එක් පසෙකට ගස්සා තම සොයුරිය දෙස හෙලුවේ අවඥා සහගත බැල්මකි. එපමණකින් නොනැවතුණ ඈ සිය හඬ අවධි කළේ තෙමහල් නිවස තුළ ටයිමින් බෝම්බයට පුපුරා යන්නට ඉඩ සලස්වමින්ය.
“මාරයි.. තමුසේ තවත් රැවටෙනවකෝ හලෝ.. මං කිව්වේ නැද්ද ඔය හිඟන පත්තරකාරයා තමුසේ පස්සේ එන්නේ ආදරේට නෙමෙයි කියලා.,”
එකවරම නිවස තුළ ඇතිව ගිය නිහඬතවාය මවා පෑවේ උදාවන තත්පරයත්, විනාඩියත් සුබදායී නොවන බවය.
“මානෙල්.. ඩ්‍රයිවර්ට කියන්න වාහනේ ගන්න කියලා.. අත්‍යාවශ්‍යම මීටින් එකක් පවා කල් දාලයි මං නතර වුණේ… ලොකු දුව.. මනුස්සයෙකුට පොරොන්දුවක් කඩ කරන්න සාධාරණ හේතුවක් තියෙන්නම ඕනේ.. එහෙම නැතුව පොරොන්දුවක් කඩන කෙනෙක ගැන ආයේ වතාවක් විශ්වාස කරන එක තරම් මෝඩකමක් තවත් නෑ.. එහෙම කෙනෙක් ඔයා දිහා බලනවටවත් මම කැමැති නෑ.. මොකද ඔයයි නංගී කියන්නේ අම්මගෙයි මගෙයි ජීවිතේ.. ඒ තරම් වටිනාකමක් තියෙන දරුවෝ කපටියෙක් ළඟ මේ විදියට හෑල්ලු වෙන්න අවශ්‍ය නෑ..”
එපමණක් පවැසූ සමන්ත විජේසූරිය නික්ම ගියේ වාඩි වී උන් ආච්චි අම්මාගේත් සීයා තාත්තාගේත් දෙපා නැමදුවාට පසුවය.

***************************

කාර්යාලයට ඇතුලු වූ තරුණයා මුලින්ම කළේ පෑනක් හා හිස් සුදු පිටු කිහිපයක් අතට ගැනීමය. ඉන්පසු පරිගණකය ක්‍රියාත්මක කර ගනිමින් මින් වසරකට පමණ පෙර කල සමීක්ෂණයක ප්‍රතිඵල අඩංගු ලිපි ගොනුවක් සොයා ගත්තේය. මේ මයුර විසින් අති සාර්ථක ලෙස නිම කළ වාර්තා කිහිපයකි. එහි වූයේ සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා ජාවාරම ගැනය. යළිත් ඒ පිළිබඳව විස්තර සොයා යාමට කාලය එළැඹ ඇත. මුල සිට අගට එකඳු වචනයක්වත් මග නොහැරෙන්නට සියලු කරුණු කියවා බැලූ තරුණයා හිස් සුදු පිටුවක් මතට සිය පෑන ගෙන ගියේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය.
“සුදු පිරුවටයට මුවා වූ දැවැන්ත ව්‍යාපාරිකයෙකුගේ රහස් ගබඩාවක් විවර වෙයි. ඒ අතර සුපිරි ගණිකා නිවාසයක්..”
එපමණක් ලියූ ඔහු ඒ පිටුවා වසා දැමුවේය.
මේ පලිගැලීමේ අරමුණක් නොවේ. කිසිදු ලාබ ප්‍රයෝජනයක් හෝ පුද්ගලික වාසියක් උදෙසා සමාජ විරෝධී ක්‍රියාකාරීන් ආරක්ෂා නොකරන බව ඔහු ඔහුටම සපථ වූයේ මින් වසර කිහිපයකට ඉහතදීය. එදා මයුර මේ පත්තර කලාවට අත තැබුවා පමණය. සමන් කීවාටම පත්තරයට යමක් ලිවීමේ හැකියාවක් නොවේ. ඒ පිළිබඳව නිවැරදි තොරතුරු සොයා බැලීම ඇරඹිය යුතුය. ඒවා තහවුරු කරගෙනය.
මයුර තම නිවසට පැමිණියේ රාත්‍රියේය. ඔහු ප්‍රිය කරනා කෑම වර්ග කිහිපයක්ම සාදාගෙන ගංගානි මග බලාගෙන සිටියේ සවස සිටමය. “දැන් මල්ලී ආවට පස්සේ අනවශ්‍ය ප්‍රශ්න ඔලුවට දාන්න එපා තාත්තේ.. සමීරගේ අම්මලා වෙනස් උනාට සමීරට වෙනස් නොවී ඉන්න තිබුණා.. අපි මේ සම්බන්ධකම් පටන් ගත්තේ සමීරගේ අම්මලගෙන් අහලා නෙමෙයිනේ..”
නන්දසේන සිය දියණිය දෙස බැලුවේ අදහාගත නොහැකි යමක් ඇගේ මුවින් පිට වූවා සේය.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart