ආදිත්ය යනු සීතල හැඟීමකි. ඔහු තවමත් මා වෙනුවෙන් බලා හිඳින්නේ දැයි මම නොදනිමි. නමුත් මගේ යටි සිත නිතර දෙවේලේ ඔහු පතයි. තැලී පොඩි වී බිඳී විසිරී ගිය අවාසනාවන්ත ගැහැණියක වන මම ඔහුට ළං වීමට බිය වෙමි. ඒ ඔහු පිළිබඳ මගේ හදවත තුළ නොනැසී පවතින පාරිශුද්ධ හැඟීමට හානියක් වෙතැයි මට දැනෙනා අනියත බිය නිසාවෙනි. නමුත් ඔහුගේ කාරුණික බැල්ම , දෙකම්මුල් වල ගැසෙනා සිනහව මට දැනුදු දෑස් ඉදිරිපිට මැවෙන්නේය. ඔහුත් මාත් අතරේ දිගු අතීතයක් නොවුණ ද ඒ කාරුණික හදවත මම තදින් විශ්වාස කරමි. මම නිරන්තරයෙන් ඔහු හා සිතින් දොඩමළු වෙමි. ආ ගිය තොරතුරු කතාබස් කරමි. සිතැඟි විමසමි. සිනාසෙමි. හඬමි. ඉදින් මට පාළුවක් නැත්තේය. නමුත් මල් බර වසන්තයක් පැමිණෙන තෙක් මගේ යටි සිත නිරන්තරයෙන් මග බලයි.
****************************
ගෙන යන්නේ අතිශය ආත්මාර්ථකාමී ක්රියා පිළිවෙතක් බව මම හොඳාකාරවම දනිමි. නමුත් මට කළ හැකි වෙනත් යමක් නැත. කාමරය අගුලු ලා ගත් මම බීර වීදුරුවක් පුරවා අතට ගෙන ජනෙල් කවුළුව වසා තිබූ තිර රෙද්ද මෑත් කළෙමි. අහස් ගැබ පුරා සඳ එළිය සමාන්තරව විහිදී ඇත. ඈත තුරු වදුලක සිට කෑ ගසනා රැහැයියෙකුගේ හඬත් නුදුරෙන් පිහිටි රුවන්වැලි සෑ පුදබිමෙන් නැගෙනා පිරිත් දේශනාවක තුනී හඬත් හැරෙන්නට පරිසරයම නිස්කලංකය. නිහඬ බව යනු මෙතරම් දරුණු ව්යාධියක් බව මා මින් පෙර දැන නූන්නෙමි. මිනිසුන් වී උපදින්නෝ මිනිසුන් හා ගැටිය යුතුමය. මිනිසුන් ඇසුරු කළ යුතුමය. මින්සුන්ගෙන් මිදී තනිව වෙසීම පහසු නැත.
*************************
Reviews
There are no reviews yet.