Sale!

දිය මත ඉරි Diya Matha Iri

Original price was: රු1400.Current price is: රු1120.

Author – Araliya Perera
Year – 2024
Publisher – Sithuvili Publication

Availability: 3 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: DAS 0001 Categories: , Tag:
Guaranteed Safe Checkout

ගඟදරා මේ කලබලය විඳින්නීය. ඈ තම ස්කූටි වර්ගයේ බයිසිකලය බොහෝවිට නවත්වන්නේ තංගල්ල පාර ඇරඹුමේ ඇති පෙරේරා ඇන්ඩ් සන්ස් ප්‍රේස්ට්‍රිහල අසලය. නැතිනම් සමුද්‍ර බුක්ෂොප් ඉදිරිපිටය. ඉන්පසු ඈ නිවී සැනසිල්ලේ මාර්කට් පාරට පිවිසෙන්නීය. කලබල ලෝකයට කලබල වන්නට ඉඩහැර ඈ පමණක් මන්දගාමී මාත්‍රයක් තවරා ගන්නීය. එතැන් පටන් ඈ විමසිල්ලේය. හොඳම එළවලු හොඳම පළතුරු ඇස ගැටෙන තෙක් ගඟදරා ඇවිදින්නීය. ඇවිස්සුනු මිනිස් ගඟ නිමා නොවෙන බවත් දහවල් වන විට හවස් වන විට තවත් ජනාකීර්ණ වන බව දන්නා නමුත් ඈ සති අවසානයේ මාර්කට් සවාරියට හෝරා දෙක තුනකට වඩා වෙන් කරගෙන සිටී.

****************************

නොදැනී තිබුණට ගඟදරා තමාව පසුකර බොහෝ දුර ගොසිනි. ඇයගේ හඬින්ම ඇයව දැනෙන්නේ උස් තැනකින් ය. ඔහු හැමදාම හිතුවේ ඉහළට යාමක් ගැනය. එහෙත් හැමදාම ඇය ඔහුට ඉහළින් සිටියාය. නමුත් ඒ බොහෝ උසක බව අද තීව්‍ර දැනිණි. ඔහු ඇය පාගා ගන්නට බැලුවේත් වචනයක වටිනාකමක්වත් නොදී සිටියේත් ඒ උසේ හිඩස පුරවන්නටය. ඇය හැමදාකම ඔහුට ඉදිරියෙන් සිටියාය. ඇය කිසිදාක වැනෙන සුළු නොවුණාය. කිසිවකට නොබියව මුහුණ දුන්නාය. සෑම තැන්හීම කැපී පෙනුණේ ඇයමය. එය සියුම් රිදුමකි. ඉසියුම් කැපුමකි. ඇයව හිමි කර ගත් පසුවවත් ඔහුගේන ඒ හැඟීම බැහැර වූයේ නැත. ඇය මල් පෙත්තකව් සියුමැලි වේ යැයි ඔහු සිතුවේය. මල් පෙත්තක් සේ පහසුවෙන් තැලී පොඩි වී යනු ඇතැයි ඔහු සිතුවේය. එහෙත් හැමවිටකම ඇය කුංකුම රේණුවක් සේ මහාර්ඝ වූවාය. දැන් ඇය අත පොවන මානයේ නොවූවාය.
රිදීම කෝපයක්ව දළුලන විට හදවත ඇතුලෙන් ඉඟි දුන්නේ ආප්සසට යන ලෙසටය.
සුභාෂ්ගේ කතන්දරයට යුවතියන් කීපදෙනෙක්ම ආහ. ගියහ. ඒ කාවවත් රඳවා තබා ගැනීමට ඔහු උත්සුක නොවූවේය.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart