තුරඟ මායම්

රු 500.00

  • USD: 1.67$

E book

Book – Thuraga Mayam

Author – Pawani Umayangana

 

Add to Wishlist
Add to Wishlist
Categories: , Tag:
Guaranteed Safe Checkout

සිථිල ද ඔවුන්ට මඳක් එහායින් සෙනඟ අතරේ තෙරපමින් සිටි යුවතිය දෙසට නෙත් හෙලුවේය.
ඇය ඇඟට හිර වූ කොට ගවුමකින් සැරසී සිටියාය. පිට මැද තෙක් දිගු වූ කොණ්ඩය තඹ පැහැයෙන් වර්ණ ගන්වා තිබිණි. ඇයට තිබුණේ බටර් පැහැති ඡවි වර්ණයකි. මුහුණට යන්තම් මේකප් ගල්වා තිබූ ඇගේ දෙකන කරාඹු කිහිපයකින් හැඩ වි තිබිණි.
“හයි ක්ලාස් එකියක් වගේ..” ඇය දෙසටම නෙත් හෙලාගෙන සිටි සිථිලට, ජනිත්ගේ හඬ ඇසිණි.
“පිට පොත්තෙන් ගෑනු මනින්න එපා බං..” රුවින්ද ඔහුට පිළිතුරු දෙන විට මිතුරන් සියලු දෙනාම ඇය දෙස බලාගෙන සිට ඇති බව සිථිලට වැටහිණි.
“ගෑනුන්ට චරිත සහතික දුන්නට වැඩක් තියෙනව ද බං.. කාර්ඩ් පැක් එකවත් ගනින් සෙල්ලම් කරන්න..” යුවතිය කෙරෙන් අවධානය මුදා ගත් සිථිල කිවේය.
“එහෙම කියන්න එපා බං.. නිකම් හරි බර අත්තක් නම් කල්ල මරේ නේ..” ජනිත් කීවේ සිනාසෙමිනි.
“එතකොට අර හවසට හවසට උඹේ කරේ එල්ලිලා එන ඒකීට මොකද වෙන්නේ..?” ප්‍රභාත්, ජනිත්ගේ කරට අත දමා ගනිමින් ඇසුවේය.
“යකෝ රජ්ජුරුවන්ට අග බිසව විතරක් නෙමෙයි අන්තඃපුරේකුත් තිබ්බා..”
“අම්මට හුඩු.. උඹ දැන් හිතාගෙන ඉන්නේ උඹ රජ කියල ද..?” සිථිල ඔහුගේ බඩට පහරක් ගැසුවේය.
“ඇයි අපිට රජ වෙන්න බැරි ද මල්ලී..?” ජනිත් කොන්ද කෙළින් කර සෘජුව සිට ගත්තේය.
“පුළුවන් පුළුවන්.. උඹ රජ වෙලා හිටපන් එහෙනම්.. අපි ප්ලේ කරමු..” රුවින්ද, කාඩ් පැක් එක අතට ගනිමින් කීවේය. සියලු දෙනාම හඬ නඟා සිනාසුණහ

******************************

තරඟයට ඉදිරිපත් වන අශ්වයින් සම්බන්ධයෙන් පරික්ෂා කළ සිථිල වින් ඔට්ටුවක් ඇල්ලුවේය.
“මේ තරගේ කීයට ද තියෙන්නේ..?”
වවුචරය නිම්නා අතට බාර දෙමින් සිථිල විමසුවේය.
“තව පැයකින් තියෙනවා..” තරඟ තොරතුරු පරීක්ෂා කළ නිම්නා පැවසුවාය.
“හ්ම්ම්.. තව පැයක් තියෙනව ද..?” සිථිල කල්පනාවට වැටුණේය.
“ඔය පැය ඉඳලා යන්න ඉතින්.. ආයි ඇවිත් යන්න ඕනයැ..”
නිම්නා කීවාය.
සිථිල ඇය දෙස බැලුවේ දෙනෙත් කුඩා කරමිනි.
“මම නිකම් අයිඩියා එකක් කිව්වේ..” නිම්නා බිම බලා ගත්තාය.
“හ්ම්.. ඒකත් එහෙම ද..? අයිඩියා එක නරක නෑ.. පැය ඉඳලා මම දිනුවොත් තව ඔට්ටුවක් දානවා.. පැරදුණොත් ඔයා මට ගෙවනව ද..?”
“මම ගෙවන්නේ මොකට ද..?”
නිම්නා ඔහු දෙස බලමින් සිනාසුණාය.
“ඔයානේ මට පැයක් ඉන්න කියන්නේ..”

*****************************

“හලෝ.. ලෑස්ති ද ඔයාලා..?”
සිථිල මල් කළඹ දෙකත් රැගෙන ඔවුන් අසළට ළං වූයේය.
“සිථිල අයියා..” මනමාලිගේ පසෙකින් සිටි දෙවෙනි මනමාලිය එක්වරම හඬ නැඟුවාය. සිථිල ඇය දෙස බැලුවේ උනන්දුවෙනි. පාට දෙකක ඔසරියකින් සැරසී සිටි ඇය පුළුල් සිනාවක් පාමින් ඔහු වෙතට ළං වූවාය.
“ටේ්‍රසි..”
සිථිලට එක්වරම කියැවිණි. “මේ ඇත්තටම ඔයා ද..?” ඔහු ඇසුවේ පුදුමයෙනි.
මනමාලියගේ දෙවෙනි මනමාලිය ලෙසින් සිටියේ ටේ්‍රසිය. ඔහුට තමා පැමිණි කාර්යයත් මොහොතකට අමතක විය. මනමාලිය ඔවුන් දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලුවේ පුදුමයෙනි.
“අයියේ, බොකේස් දෙක දෙනව ද..? ෆොටෝස් ගන්න ලේට් වෙනවා..”
සිථිලට පිටුපසින් සිටි ඡායාරූප ශිල්පියා පැවසූ නිසා ඔහුටත් ටේ්‍රසිටත් අදහස් හුවමාරු කර ගැනිමට නොහැකි විය.
මනමාලියට හා ටේ්‍රසිට මල් පොකුරු දෙක ලබා දුන් සිථිල ටේ්‍රසිගේ මුහුණ දෙපස සිප ගත්තේ ඉතා කැමැත්තෙනි. බටහිර ඇඳුම් ඇඳගෙන සිටින ටේ්‍රසිට වඩා මේ ටේ්‍රසි කෙතරම් සුන්දරදැයි ඔහුට සිතිණි. ටේ්‍රසි සිටියේත් දැඩි පුදුමයෙනි.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart