Sale!

Chekmate චෙක්මේට්

රු560

Author – Pawani Umayangana
Publisher  –  Pawana creations

Add to Wishlist
Add to Wishlist
SKU: CPP 0002 Categories: , Tag:

“කොහොමත් අපි ලොකුවට අනාගතයක් ගැන හිතන්න පුළුවන් මිනිස්සු නෙමෙයිනේ.. ආශ්‍රය කරලා හිතලා බලන්න ශකීට නෙමෙයි ආදිතිට එයා එක්ක ජීවත් වෙන්න පුළුවන් ද කියලා.. ශකීට කරන දේ පස්සේ හිතන්න..”
ඇය යළි වදනක්වත් පවසන්නට මත්තෙන් ඔහු කුටියෙන් පිටව ගියේ ඇය පුදුමයෙන් බලා සිටියදීය.
“සිදාට තරහා ගිහින් ද..?”
අනුරාධ නොදන්නා බවට ඉඟි කරද්දී ඇය දෙතොල සපා ගත්තාය.
“කලබල වෙන්න එපා මෑම්… ලව් කරන එක කොහොමද දැන ගන්නත් එක්ක ලව් කරලා බලන්නකෝ… කොහොමත් සෙනේෂ් කියන්නේ ආශ්‍රය කරලා බලමු කියලනෙ එෆෙයාර් එකකට යන්න කලින්.. ඒ හින්දා පරිස්සමින් ආශ්‍රය කරලා බලන්නකෝ දුර යනවද නැද්ද කියලා..”
අනුරාධ ඇගේ අතට තට්ටුවක් දමාගෙන නැඟී සිටිද්දී ඇය දිගු හුස්මක් ගත්තාය.

**********************************************

සිය කොපුලක් මත ආදිතිගේ අතැඟිලි තැවරෙනුත් දෙනෙත් මතට ඇගේ දෙතොල් තද වෙනුත් දැනෙද්දී ඔහු දෙනෙත් විවර කළේය.
“ගුඩ් මෝර්නිං.”
ඔහු මුමුණද්දී ඇය හිස සලා සිනාවක් පාමින් ඉවත බලා ගත්තාය.
“මොකෝ කෙල්ල රතු වෙන්නේ ආ…”
ඔහු ඇගේ කොපුලක් මිරිකා දෙතොල් තදින් සිප ගත්තේය. ඇය එයින් මිදෙන්නට දඟලද්දී මෙතෙක් ඇගේ ගෙල තෙක් වැසී තිබූ පොරෝනය ඉණ තෙක් වැටුණේ ඇගේ ළමැද නිරාවරණය කරමිනි. සෙනේෂ් වහා නෙත් ඉවතට හරවා ගත්තේ සිතුවිලි අයාලේ යන බව දැනෙද්දීය.
“යන්න බබා ගිහින් වොෂ් දාගන්න.. මම තේ හදන්නම් දෙන්නටම…”
“ෂුවර් ද..?”
“යර්ස් මැඩම්…”
ඔහු බිම තිබූ තුවාය ඉණ වටා පටලා ගනිමින් පහත මාලයට යද්දී ඇය නාන කාමරයට දිව ගියාය.

**********************************************

ගු කල්පනාවක සිටි අමාත්‍යවරයා ඔවුන්ගේ මුහුණු දෙස වුවමනාවෙන් බැලුවේය.
“ඇමතිතුමා ඇත්තටම ද කියන්නේ ශකීව හම්බ වෙන්න ඕනේ කියලා..”
එක් තරුණයෙකු ඇසුවේ අනෙක් තරුණයන් දෙස ද බලමිනි.
“ඔව්.. මට දැන ගන්න ඕනේ ඔය ශකී කියන්නේ කොහොම කෙනෙක් ද කියලා.. ලොකු බණ්ඩාරවයි, රජීව්වයි දෙන්නම මැරුවේ ශකී කියලා පොලීසියෙන් කියන්නේ.. හැබැයි සාක්ෂි නෑ ඔප්පු කරන්න.. මට මෙච්චර කාලෙකට ඔය කියන ශකීව හම්බ වෙලා නෑ,. ඔය කියන තරම් දක්ෂ කෙල්ලෙක් නම් මගේ ඇස් දෙකට අහු නොවී තියෙන්න බෑනෙ.. ඒ හින්දා මට මීට් වෙන්නම ඕනේ..”
ඔහු සිය නිකට ද පිරිමැද ගනිමින් පැවසුවේ ය.
“ඇමතිතුමා, ශකී ලේසියෙන් කාවවත් මීට් වෙන්නේ නෑ.. විශේෂයෙන්ම ඇමතිලාගේ වැඩවලට.. ඒවාට බහින්නේ ඒකිගේ ගෝලයෝ…”

**********************************************

“ශකී මෑම්ගේ තාත්තා කාලෙකට කලින් හිටිය හොඳ බිස්නස්මන් කෙනෙක්.. ගාමන්ට් ෆැක්ටරි එකක් කළේ.. බිස්නස් හොඳ වෙද්දී හතුරෝ ඇති වුණා. මෑම්ගේ අම්මා, තාත්තාට ඉඳ හිටලා උදව් කළා මිසක් බිස්නස් වැඩවලට ගියේ නෑ.. දරුවෝ බලාගෙන ගෙදර හිටියා..
එක කාලෙකදී මෑම්ගේ තාත්තාගේ බිස්නස් ටික ටික විනාශ වෙන්න පටන් ගත්තා.. ඇතුළෙම හතුරෙක් ඉන්නවා කියලා තේරුම් ගත්ත තාත්තා ඌව හොයද්දි දැන ගත්තා වෙන බිස්නස්මන් කෙනෙක් තාත්තාට ගේමක් දෙනවා කියලා.. මෑම්ගේ තාත්තා පොලීසියේ පැමිණිල්ලක් දාන්න ලෑස්ති වෙලා.. ඒක ඒ බිස්නස්මන්ට ආරංචි වෙලා බොරුවක් කියාගෙන ගෙදරට ඇවිත් තාත්තාවයි අම්මවයි මරලා දාලා.. ඒ වෙද්දී අපේ මැඩමුයි අයියයි දෙන්නම ඉස්කෝලේ යනවා.. අම්මගෙයි තාත්තාගෙයි මරණවලට පොලීසියෙන් සාධාරණයක් නොවුණු නිසා ඒ දෙන්නා ගේමට බැස්සා. පාතාලේ තැනක් හදාගන්න නඳුන්ට පුළුවන් වුණා.. ඒ කාලේ ශකී මෑම් අයියා එක්කම වැඩ කළා.. පොලිස් රේඩ් එකකදී අයියා මැරුණු නිසා ඒ ප්ලේස් එක මෑම්ට ලැබුණා…”
ඔහුගේ කතාව අසා සිටි සෙනේෂ්ට දිගු සුසුමක් හෙලුණේ ඇය ගැන ඇති වූ වේදනාවටය. ඇයට වරදක් පටවන්නට නොහැකි බවක් සිතට දැනුණත් පසුව හෝ ඇයට එම ජීවිතයෙන් මිදෙන්නට තිබුණා යැයි ඔහුට සිතිණි.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart