Sale!

Yakada Thabaru Pethi යකඩ තඹරු පෙති

Original price was: රු950.Current price is: රු760.

Author – Imesha Madhavi Mallawarachchi

Publisher – Sada madhavi publisher

Year – 2022

Availability: 5 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: YIS 0010 Categories: , Tag:
Guaranteed Safe Checkout

“ඩිලන් මම පිටත්වෙනවා.. කවුද එන්නේ මාව පික් කරන්න..?” හේෂධ දුරකථනය උරහිසේ ගසාගෙන කතා කළා.
“හේෂා.. මට ඩුබායිවලින් ටයිමින් කන්ෆර්ම් කරන්න.. ම්ම්.. වැඩකුත් තියෙනවා උඹත් එක්ක කන්ෆර්ම් කරගන්න.. හරි අදට විතරක් මම උඹේ ඩ්‍රයිවර් වෙන්නම්..” ඩිලන් සිනාසුණේ හේෂධටත් සිනාවක් දෙමින්.
සූදානම් වෙන අතරතුර අවසානයේ ලද එක්තරා ඉසිඹුවකදී හේෂධ ලොස් ඇන්ජලීස් නුවරට ඉහළින් වූ නිල් අහස දෙස ආයෙමත් බැලුවා. අවුරුදු දෙකක් සෙවණ දුන් මේ නිල් අහස යට වෙනස්ම හේෂධ කෙනෙක් නිර්මාණය කළ ඒ අදිසි හස්තය ගැන හේෂධ අදටත් හරියටම දන්නේ නැහැ.

******************************************************

“මිස්ට මහානාම ඇයි ආවේ..?”
“බබා.. මම ඔයාට කොහොමද මේ දේවල් තේරුම් කරන්න ඕනේ..?”
“කොහොමටව්ත එපා මිස්ටර් මහානාම.. වෙච්ච හැමදෙයක් වෙනුවෙන්ම මම මගේ පැත්තෙන් ඒ වගකීම භාරගන්නවා.. අපි පොඩි ළමයි නෙමෙයි.. මාලකට මම ආදරය කළ එකත් මගේ අතින් වුණු වැරැද්දක්.. හරියටම කිව්වොත් මම මිස්ට මහානාමට රැවටුණා වගේ..”
“ඉරූ ඔයා මට රැවටුණේ නැහැ.. ඒ වගේම මම ඔයාව රැවැට්ටුවෙත් නැහැ..”
“මට ඒ ගැන තවත් දැනගන්න අවශ්‍ය නැහැ මිස්ට මහානාම.. මම කැමැතියි අපි හම්බවෙන අවසාන දවස අද වෙනවා නම්..”
“ඉමාරා ඔච්චර හිතුවක්කාර වෙන්න එපා..”
“අද දවල් එක්කෙනෙක් ඇවිත් මගේ කෙරුවාව ගැන අපූරු චරිත සහතිකයක් දීලා ගිය වෙලාවක මට ඔබතුමාගේ චරිත සහතිකය වැඩි නැහැ.. ආව එකේ ඔබතුමාත් ඔක්කොම කියලම යන්න.. මම අතින් අතට යන ගෑනියෙක්… එතකොට නැහැදිච්ච, මෝඩ, උද්දච්ච එකියක් කියලත් කියලා යන්න..”

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart