Sale!

Yaara යාරා

Original price was: රු 2,800.00.Current price is: රු 2,240.00.

  • USD: 7.59$

Author – Chethana de Silva

Publisher – Ahas publishers
Year – 2022

Out of stock

SKU: YAC 0001 Categories: , Tag:
Guaranteed Safe Checkout
Add to Wishlist
Add to Wishlist

දෙනෙත් නෙත් හැරියේ මළ හිරු බැස යමින් තිබියදීය. ඔහු හෙමිහිට නෙත් හරිද්දී නෙතට හසු වූයේ සුදු පැහැ සිවිලිමකි. ඔහු මඳ වේලාවක් එදෙස බලා සිටියේය. ගත තළා පෙළා දැමුවාක් මෙන් රිදුම් දෙයි. ඔහු හෙමිහිට නැඟිට යහන මත වාඩි විය. කාමරයට යන්තමට අඳුර ගලා එයි. ඔහුගේ නෙතට දිස් වූයේ ඈත සිතිජයේ මුහුදේ ගිලී යන ගිනි බෝලයක් වන් හිරුය. ඔහු එදෙසම බලා ඉන්නට විය.
‘දැන් සනීප ද?”
ඒ හඬට හිස හරවා ඔහු කාමරයේ දොර දෙස බැලුවේය. කොට කලිසමක් හා සැහැල්ලු ස්කිනියකින් සැරසී සිටි ඇය අත කෝප්පයක් විය. ඔහු වචනයක්වත් නොපවසා අහක බලා ගත්තේය. ඇය කාමරයේ විදුලි පහන දල්වා ඔහු අසළට ආවාය.
‘මේ සුප් එක බොන්න.. ඇඟට පණක් එයි..”
“ඇයි මාව මෙහෙට එක්ක ආවේ..?”
පෙර මෙන් තරහින් නොවුණත් මඳක් දැඩි හඬින් ඔහු ඇසුවේ ඇය දෙස නොබලාමය. ඇය කිසිත් නොපවසා ඔහු දෙස බලා සිටින්නට විය.

දෙනෙත් නිවස අසළ වාහනය නතර කරද්දීම යාරා වහා ඉන් බැස නිවස තුළට දිව ගියේ දොර ළඟ සිටි පෙරේරා මහත්මිය දෙස ද නොබලාමය. දෙනෙත් එන්ජිම නිවා දමා වාහනයෙන් බැස යාරා පසුපස වේගවත් අඩි තබමින් නිවස තුළට ගියේය. යාරා දෙවරක් නොසිතාම පහළ මාලයේ වූ මිලිනිගේ කාමරයට එබුණාය. යහන මත මුනින්තලා වී කොට්ටය බදාගෙන හඩමින් සිටි මිලිනිව දැක ඇයට දැනුණේ සැනසීමකි.
“චුට්ටි..”
යාරා දොර ළඟ සිටම අඩියක්වත් ඉදිරියට තබා ගත නොහැකිව සිටගෙන දෙතොල් සලද්දී මිලිනි කොට්ටයෙන් මුහුණ ඉවතට ගෙන යාරා දෙස බැලුවේ කඳුළු පිරුණු නෙතිනි. ඒ මුහුණේ වූ අසරණ පරාජිත බව දැක යාරාගේ පපුව දැවී ගියේය. පෙරදින රැයේ ඇඳ සිටියා යැයි සිතිය හැකි කලු පැහැ පාටි ගවුමකින් සැරසී, අවුල් වූ හිසකෙස්වලින් සිටි මිලිනිව දැක යාරාගේ සිතට අනියත බියක් ද ඇති විය.
“චුට්ටි.. ඔයාට මුකුත් කරදරයක් වුණේ නෑ නේද..?”
යාරා වෙව්ලන හඬින් අසමින් තමා දෙසම බලා සිටින මිලිනි වෙත ළංව ඇය සිය තුරුලට ගන්නට ගියත් මිලිනි එක්වරම යාරාව පසෙකට තල්ලු කළාය.

“ඉස්සර තාත්තා අවුරුද්දට නිලා ගේනවා පෙට්ටි තුනක්.. අපි තුන්දෙනාට. අපි ඒවා උඩ පැන පැන කරකර කරකව පත්තු කරනවා. මං දැකලා තියෙනවා ඒ දිහා බලන් අම්මයි තාත්තයි සතුටු වෙන හැටි..”
ඇය ඒ අතීතය සිහි කරමින් කීවාය. දෙනෙත් අහස දෙස බලා සිටින ඇය දෙසම මඳ වේලාවක් බලා සිටියේය.
‘අපි නිව් ඉයර් එකට නිලා පත්තු කරමු.. මං පෙට්ටි ගොඩක් ගේන්නම් එලි වෙනකම් පත්තු කරන්න..”
යාරා දෙනෙත් දෙස බැලුවාය.
“උඩ පැන පැන පත්තු කරන්න ඇති වෙනකම්.. මං බලන් ඉන්නම්…”
යළි දෙනෙත් පවසද්දී යාරා ඔහු දෙස බලා සිටියේ අපමණ ආදරයෙනි.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart