පුංචි ඩේලයිට්
එකමත් එක රටක මාළිගාව තිබුණේ ලස්සන පොඩි කැළෑවක් ළඟ. මේ කැළෑවේ හිටියා සුරංගනාවියෝ අට දෙනෙක්. ඒ සුරංගනාවියන්ගෙන් හත් දෙනෙක් හොඳ අය. ඒත් එක්කෙනෙක් විතරක් ගොඩක් නරකයි. එයා හැම තිස්සෙම හිතුවේ කාට හරි නපුරක් කරන්න. මේ නරක සුරංගනාවි කැළෑවට ආවේ ළඟදී දවසක. එයා ආවා කියලා කව්රුවත් දැනගෙන හිටියෙත් නෑ.
හොඳ සුරංගනාවියෝ ජීවත් වුණේ කැළෑව ඇතුළේ තිබුණ ලස්සන පුංචි ගෙවල්වල. එක සුරංගනාවියක් රිදී පාට බර්ච් අත්තක ජීවත් වුණා. තවත් කෙනෙක් පොඩි පැළක ජීවත් වුණා. හොඳ සුරංගනාවියෝ ලස්සන පිරිසිදු තැන්වල හිටියේ. ඒත් නරක සුරංගනාවි කැළෑවේ අඳුරු මුල්ලක තියෙන මඩ ගොඩක ගෙයක් හදාගෙන ජීවත් වුණා. ඒ හරියට යන්නේ නැති නිසා කවුරුවත් මේ සුරංගනාවි ගැන දැනගෙන හිටියෙත් නෑ.
මාළිගාවේ රජතුමාගෙයි රැජිණගෙයි පළවෙනි දරුවා ඉපදුණා. එයා ගැහැණු ළමයෙක්. මේ කුමාරිට එයාලා නම දැම්මේ ‘ඩේ ලයිට්’ කියලා.
මාළිගාවේ දරුවෙක් ඉපදුනාම ඒ දරුවව බෞතිස්ම කරන්නේ සුරංගනාවියෝ.
************************************************
කිලුටු බැටළු කෙල්ල
එකෝමත් එක රටක රජ කෙනෙකුට හිටියා ලස්සන දූවරු දෙන්නෙක්. මේ දූවරු දෙන්නට රජතුමා ගොඩක් ආදරේ කළා. කිසිම දේකින් ඒ දෙන්නට පොඩි අඩුපාඩුවක්වත් වෙන්න රජතුමා ඉඩ දුන්නේ නෑ.
එක දවසක් රජතුමාට හිතුණා එයා ආදරේ කරන තරම්ම කුමාරියෝ දෙන්නත් තමන්ට ආදරේ කරනව ද කියලා දැන ගන්න. රජතුමා කුමාරියෝ දෙන්නටම එන්න කියලා පණිවිඩයක් යැව්වා. මුලින්ම රජතුමා ළඟට ආවේ වැඩිමල් කුමාරි.
“මගේ දුව, මට කොච්චර ආදරේ ද..?”
රජතුමා ඇහුවා.
“මම රත්තරන්වලට තරමට තාත්තට ආදරෙයි..”
වැඩිමල් කුමාරි කිව්වේ හිනා වෙලා.
රජතුමාට ගොඩක් සතුටු හිතුණා. එයා කුමාරිට රත්තරන් රෝසමලක් තෑගි කළා.
ඊළඟට රජතුමා ළඟට ආවේ බාල කුමාරි.
“මගේ දුව, මට කොයි තරම් ආදරේ ද..?”
රජතුමා අහද්දී, බාල කුමාරි ටිකක් වෙලා කල්පනා කළා.
“මම තාත්තාට ලුණුවලට තරම් ආදරෙයි..”
කුමාරි කිව්වා විතරයි රජතුමාගේ මූණ වෙනස් වුණා. එයාට හිතුණේ කුමාරි තමන්ට අපහාස කළා කියලා.
************************************************
වලස් කුමාරිකාව
එකමත් එක කාලෙක හිටිය රජ කෙනෙක්ට හිටියා ලස්සන දූ කුමාරියක්. මේ දූ කුමාරි තමයි රජතුමාට හිටිය එකම දරුවා. ඒ හින්දම රජතුමා කුමාරිට ගොඩක් ආදරේ කළා. කොයි තරම් ආදරෙයි ද කියනවා නම් කුමාරිට මාළිගාවෙන් එළියට බහින්නවත් දුන්නේ නෑ.
කුමාරිට කරදරයක් වෙයි කියලා රජතුමා හැම වෙලාවෙම ගොඩක් බයෙන් හිටියේ. ඒ හින්දා කුමාරි මාලිගාව ඇතුළේ හිරකාරියක් වුණා. එයාට කිසිම තැනකට යන්න අවසරයක් තිබ්බේ නෑ.
කුමාරි ටිකෙන් ටික ලොකු වෙලා තරුණ වයසට එද්දී මේ හිරකාර ජීවිතේ එයාට එපා වුණා. මේ විදියට නම් ජීවත් වෙන්න බෑ කියලමයි එයාට හිතුණේ.
“මට නම් දැන් මේ හිරකාර ජීවිතේ එපා වෙලා තියෙන්නේ.. මට කොහෙටවත්ම යන්න පිය රජතුමා ඉඩ දෙන්නේ නෑනේ.. අඩුම ගාණේ මට උද්‍යානෙට ගිහින් විනෝද වෙන්නවත් බෑ..”
එක දවසක් මාලිගාාවේ ඇතුළේ එහා මෙහා ඇවිදින ගමන් කුමාරි එයාගේ පරිවාර සේවිකාවන්ට කිව්වා.
පරිවාර සේවිකාවෝ කුමාරිගේ හිත හදන්න උත්සාහ කළත් කුමාරි ඒ හැමෝම එක්ක තරහ ගත්තා. හැමෝටම බැන්නා.
මේ සේවිකාවෝ අතරේ හිටිය එක සේවිකාවක් මන්තරකාරියක්. කුමාරි හුඟක් නොසන්සුන් වෙලා තරහින් දුකින් ඉන්නවා කියලා එයාට තේරුණා.
“කුමරිය, ටිකක් සංසුන් වෙලා මම කියන දේ අහන්නකෝ.. මට පුළුවන් ඔයාට උදව් කරන්න..”
මන්තරකාර සේවිකාව හෙමින් සැරේ කුමාරි ළඟට ආවා.
“කොහොමද ඔයා මට උදව් කරන්නේ..?”
කුමාරි ඇහුවේ තරහින්.
“මම කියන විදියට කළොත් මාලිගාවෙන් එළියට යන්න මම උදව් කරන්නම්..”
Reviews
There are no reviews yet.