දිනක් මධ්‍යම රාත්‍රියට ඔන්න මෙන්න තිබූ වෙලාවක නිසලව තිබූ උධය මාවත දිගේ කටු රාජා ගමන් ගනිද්දී ඔහුට කිසිවෙකුගේ කෑ ගැසීමක් ඇසිණි. කවුරුන් හෝ යටි ගිරියෙන් මරහඬ දී කෑ ගැසූ ඒ හඬට රාජාගේ ගතේ රෝම කූප කෙළින් වූ තරම්ය.
“කවුද යකෝ මේ මහ රෑ බෙරිහන් දෙන්නේ..?”
ඔහු පාළුව යන්නත් එක්ක තරමක උස් හඬින් එසේ කියා දේවිකාගේ නිවස දෙස සෝදිසියෙන් බැලීය. නමුත් ඒ නිවස තිබුණේ අඳුරේ ගිලෙමිනි. එහි කිසිවෙකු කෑ ගැසූ බවට සළකුණක් නැත.
***************************************
“අපි මේ කියන්නේ උදය මාවතේ මිනීමරුවා ගැනම ද කියලා අපි දන්නේ නෑනේ මල්ලා.. කොහොම වුණත් මට කියන්න ඕන වුණේ මට ඒ මනුස්සයාගේ මොකක්දෝ මන්දා නොගැලපීම් ටිකක් තිබුනා කියලා විතරයි.. ඒ ඇරුණම එයා බොහොම ජෙනුයින් විදියට මාත් එක්ක ගනුදෙනුව කරලා ගියා..”
තමා දුටු පුද්ගලයාත් උදය මාවතේ සිද්ධියට අදාළ සැඟවුනු මිනීමරුවාත් එක් අයෙක්මදැයි නොදන්නා නිසා තරුණයි එය බර හඬින් කීවේ මෙම නිළධාරියා හමුවේද පෙර මෙන් හෑල්ලුවට පත් නොවිය යුතු නිසාය.
*******************************************
සන්දුල් විජේමාන්නව හිතාමතා අනතුරට ලක් කළ ලොරි රථය ගැන සෙවීමේ කාර්යය ප්‍රශාන් සම්පූර්ණයෙන්ම තම හිස මතට ගෙන උන්නේය. විශ්මිලාගේ නිවසට ගල් ගැසීමේ සිද්ධිය මෙන්ම උදය මාවතේ දේවිකාගේ මිනීමැරුම මෙම අනතුර හා බැඳී ඇතැයි යන සැකය එම වැඩි පරීක්ෂාවට හේතුවක් විණි.
ලොරි රථය සන්දුල් අනතුරට ලක් වූ අතුරු මාර්ගයේ සිට කෙළින්ම පැමිණියහොත් එය වැටෙන්නේ ටී හන්දියකටය. එතැනින් වූයේ විකල්ප දෙකකි.
“වමට ගියොත් වෙල පහු කරලා දිගටම යන්න ඕනේ.. දකුණට හැරෙව්වොත් අර මිනි සුපර්මාර්කට් එක පහු කරලා යන්න ඕනේ.. එතන අනිවාර්යෙනම් කැමරා තියෙනවා.. ඒත් වෙල පාරෙන් ගියොත් කැමරා තියෙන තැනක් ගැන හරියටම කියන්න බෑ.. ඒක ගිහින්ම බලන්න වෙනවා..”
Reviews
There are no reviews yet.