Sale!

Thun Sith තුන් සිත්

රු1200

Author – Pawani Umayangana
Publisher – Pawana Creations
Year 2024

Add to Wishlist
Add to Wishlist
Categories: , Tag:
ඇගේ අතැඟිලි ඔහුගේ කෙටි හිසකෙස් අතරත් ගෙල මතත් රටා මවන්නට වූයේ හැඟුමන් අවුලවාලමිනි. ඇගේ දෙපා ඔහුගේ බඳ වටා බැඳුණේ සිටි ඉරියව්ව පහසු කර ගනිමිනි. යුවතියගේ පහස නිරුවත් ළය මතට වුවමනාවටත් වඩා දැනෙනා විට ඔහු ඇය ඉවත් කරන්නට උත්සාහ කළේය.
“ඩැනී.. ප්ලීස්.. අයි වෝන්ට් යූ..”
ඇය, ඔහුගේ ගෙල මත දෙතොල් තවරමින් මිමිණුවාය.
“නෝ.. ප්ලීස් හංසි.. ගෝ..”
ඇය අත නොහැරම, ඇය තවත් සිරුරට තෙරපා ගනිමින් ඔහු දත් අතරින් පැවසුවේ එම පහස දරා ගන්නට උත්සාහ කරමිනි.
“ඩැනී.. අයි ලව් යූ..”
ඇය එක්වරම ඔහුගේ කොපුල් දෝතින් අල්ලාගෙන දෙනෙත්වලට එබී මිමිණුවාය.
“වට්..?”
සිරුර පුරාවට දෝරේ ගලමින් තිබූ හැඟුම් ධාරාව අයිස් මෙන් එක තැන ගල් විණි.
“අයි ලව් යූ..”
බැරෑරුම් ස්වරයෙන්ම පැවසූ ඇය යළිත් ඔහුගේ දෙතොල් සිප ගන්නට වූවාය. එහෙත් ඇගේ වදන් නිසා ගල් වූ ගත හසුරුවා ගන්නට ඔහුට නොහැකි විණී.
“සොරි ඩැනී.. මම කිව්ව දේවල් ගැන හිතලා අවුල් වෙන්න එපා.. ජස්ට්.. ම්ම්ම්.. හොඳට ප්ලේ කරන්න.. ඔයා දිනනකම් මම, අපි හැමෝම බලන් ඉන්නවා.. ඕල් ද බෙස්ට්..”
ඇය ඔහුගේ දෑතින් මිදී බිමට බැස ගත්තේ යළිත් වතාවක් කොපුල ද සිප ගනිමිනි. ඔහු ගල් වූ සිරුර හසුරුවා ගනිමින් දිගු හුස්මක් ගත්තේය.
“යූ ටූ.. ඕල් ද බෙස්ට්..”
***********************************
“සුදූ..”
ඔහුගේ ස්වරය මෘදු විය.
“ෆෝන් එක හොඳයි නේද..? සුදූව කවදාවත් දැකලා නැති තරම් ලස්සනට පේනවනේ..”
ඔහු යන්තමින් මුමුණද්දී ඇය ඔහු දෙස බලමින් කෝල වූවාය.
“කෝ අම්මලා..?”
“කුස්සියේ..”
“හ්ම්ම්ම්… මොකක්ද ඔය ඇඳගෙන ඉන්නේ..?”
ඔහු සිහින් ස්වරයෙන් විමසද්දී ඇය වහා තමා දෙසට නෙත් හෙලුවාය.
තමා සැරසී සිටින්නේ දුහුල් රාත්‍රී ඇඳුමින් පමණක් බව සිහිවෙද්දී කලබල වූ ඇය දුරකථනයේ කැමරාව අතින් වසා ගත්තාය.
ු “අනේ… මම…මම මේ…”
“කට් කරන්න එපා සුදූ.. කෝ කැමරාවෙන් අත අහකට ගන්න..”
“අනේ බෑ.. මට අමතක වුණා.. ඒකයි එහෙමම කෝල් එක ගත්තේ..”
ඇය මිමිණුවේ හැඬුම්බරවය. ඇයට දැනුණේ දැඩි ලැජ්ජාවකි.
“සුදූ… කෝල් එක ගත්තේ මට.. තව මාස දෙකකින් කසාද බදින්න ඉන්න මනුස්සයට.. අනික ඇඳුමක් නැතුව නෙමෙයිනේ ඉන්නේ.. කෝලම් කරන්නේ නැතුව අත ගන්න..”
ඔහුගේ ස්වරය කෝපවත්ව ඇසෙද්දී ඇය කැමරාව නිදහස් කර දුරකථනය තරමක් ඉහළට එසවූයේ ඇගේ ගෙලෙන් ඉහළ කොටස පමණක් දිස් වෙන අන්දමටය.
ඇගේ ක්‍රියාව හමුවේ ධනිෂ්ක දිගු හුස්මක් ගත්තේය.
*****************************************************
අවසන් පූර්ව වටයෙන් ධනිෂ්ක ජයග්‍රහණය හිමි කර ගනිද්දී ඇය, චීන ක්‍රීඩිකාවක හමුවේ පරාජයට පත් වූවාය. පරාජය, ඇගේ වේදනාවට හේතු වූයේ ජයග්‍රහණයට මිස පරාජයට කිසි සේත් කැමති නොවූ නිසාමය.
“ෂිට්.. මට, නොකවුට් කර ගන්න බැරි වුණානේ.. අන්තිම ටැකල් එක හරියට වැටුණේ නෑනේ..”
සිය කණ්ඩායම හමුවේ ඇය ගතු කීවේ වේදනාවෙනි.
“ඉට්ස් ඕකේ හංසි… ඔයා හොඳට ප්ලේ කළා.. හදිස්සියේ ප්‍රැක්ටිස් කරලා සෙමිෆයිනල් එනකම්ම ආව එකත් ලොකු ජයග්‍රහණයක්..”
සුරේෂ් ඇය වැළඳගනිමින් පැවසුවාය.
“ඒ වුණාට තාත්තී අපරාදේ… එක ටැකල් එකෙන් මිස් වුණේ..”
සුරේෂ් ඇගේ හිස සිඹ පිරිස හා කතාවට වැටෙද්දී, ධනිෂ්ක ඇයට ළං විණි. බොහෝ දිනක් ඔහු  මඟ හැර සිටියත් ඒ මොහොතේ මඟ හැරිය නොහැකි නිසාම ඔහු දිගු කළ අත පිළි ගත්තාය.
“එක ටැකල් එකක, එක ෂොට් එකක වරදක් ඇති තරඟයක් පරදින්න.. ඒත් පරදිනවා කියන්නේ, දිනන්න බෑ කියන එක නෙමෙයි.. ලැජ්ජා වෙන්න අප්සෙට් වෙන්න දේකුත් නෙමෙයි.. පරදින එක හොඳයි… එතකොට හිටියටත් වැඩිය හයියක් එක්ක ඉස්සරහට එන්න පුළුවන්.. ඊළඟ තරඟේ දිනාගන්න මොරාල් එක හදාගන්න පුළුවන්..”
ඇගේ දෑස් දෙස බලාගෙනම ඔහු නොනවත්වා කියාගෙන ගියේය.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart