ඇගේ සිතුවිලි සත්‍ය කරමින් අතේ ඇඟිල්ලක් සෙලවිණි.
“මෙයාට සිහිය තියෙනව ද..?”
ඇය සෙමෙන් එම සිරුර මත අත තැබුවාය. එසැණින්ම ඇය ඉවතට ගත්තේ සිරුරෙන් දැනුණු දැඩි සීතල නිසාමය. එහෙත් ඇඟිල්ලක් යළි සෙලවනු දකිද්දී ඇය සිතට දිරි ගත්තාය. නටාෂා තවමත් පෙනෙන තෙක් මානයක නොවිණි. ඇය සිරුර උඩු අතට හරවන්නට උත්සාහ කළාය.
“අම්මෝ බර…”
ඕෂධීට කියැවිණි. ඇය යළි සිය උපරිම ශක්තිය යොදවා සිරුර උඩු අතට පෙරලා ගත්තාය. එය පිරිමියෙකුගේ සිරුරක් විය. තෙතැති හිසකෙස්වලින් මුහුණේ බාගයක් පමණ වැසී තිබුණත් ඔහු කඩවසම් අයෙක් යැයි සිතිණි. ඇය තිගැස්සුණේ ඔහුගේ පපුව හරහා ඇති කැපුම් පහරක් දුටු විය. දකුණු උරහිසේ සිට වම් ඇලපත දක්වා එම කැපුම් පහර විහිදී තිබූ එහි රුධිරය මිදී තිබුණේ බොහෝ වේලාවකට පෙර කැපුම සිදු වූ බව දක්වමිනි.
ඇය සිය මුහුණ දෝතින්ම පිරිමැද ගත්තේ තිගැස්ම නිසාවෙනි. යළි සිත පාලනය කරගෙන ඔහුගේ අතක් ගෙන නාඩි පරීක්ෂා කර බැලුවේ කල්පනාකාරීවය. ඉතා දුර්වල ලෙසින් නාඩි වැටෙනු දැනෙද්දී ඇගේ සිත කලබල විය. ඔහුට ඉක්මන් ප්‍රතිකාර අවශ්‍ය බව ඇයට වැටහිණි. ඇය මොහොතකට දෙනෙත් වසාගෙන තමා රතුකුරුස සංගමයේදී උගත් ප්‍රථමාධාර සිහිපත් කර ගත්තාය.
“ඕෂී…” නටාෂාගේ හඬ ඇසෙද්දී ඇය වහා දෙනෙත් විවර කළාය.
“කව්ද මේ…?”
බිමල් ඇසුවේ කුතුහලයෙනි.
“දන්නේ නෑ.. මෙතන වැටිලා හිටියේ.. මෙයාට පණ තියෙනවා…” ඇය වේගයෙන් කියාගෙන ගියාය.
“ඕ මයි ගෝඩ්… පොලීසියට කියන්න වෙයි..”
****************************
ඔහුගේ මුහුණ වේදනාවෙන් පිරිණි. උගුර යටින් ගෙරවීමක් පිට කරමින් ඔහු දෙනෙත් තද කොට පියා ගත්තේය. ඕෂධී, බිමල් හා නටාෂා දෙස බලද්දී ඔවුන් ද ඇය දෙස බැලූහ.
තරුණයා යළි නෙත් විවර කර බලද්දීම සමන්දි සමඟින් වෛද්‍යවරයෙකුත්, සහයකයින් කිහිප දෙනෙකුත් ඇතුළට දිව ආහ. ඔවුන් දකිද්දී තරුණයා යළි කලබල විය. ඔහු දෑත් බැඳ දමා තිබූ දම්වැල් අඳින්නට වූයේ වේගයෙනි.
“ඔයාලා මොකද ඔතන කරන්නේ..?”
සමන්දි කෑ ගැසුවේ බියෙනි.
තරුණයා වේගයෙන් හුස්ම ගනිමින් ඇඳ මත දඟලන්නට වූයේ නොසන්සුන්වය. ඕෂධී ඔහුගේ අත තද කොට අල්ලා ගත්තාය. බිමල් හා නටාෂා අඩියක්වත් සොලවා ගත නොහැකිව එතනටම වී සිටියහ.
වෛද්‍යවරයා ඇතුළු කණ්ඩායම ද ඇඳ අසළට ළං විය. වෛද්‍යවරයා අතේ තිබුණේ එන්නත් කටුවකි.
“කලබල වෙන්න එපා…” ඕෂධී ඔහුගේ බාහුව පිරිමදිමින් මෘදු හඬින් කියද්දී වෛද්‍යවරයා වෙත යොමුව තිබූ ඔහුගේ නෙත් ඕෂධී දෙසට යොමු විය. ඇය, ඔහුගේ නෙත් දෙස එක එල්ලේම බලාගෙන සෙමෙන් දෑත පිරිමැද්දාය.
“ඔහොම ඉන්න..”
ඔහුගේ දැඟලීම නැවතිණි. වේගයෙන් ගත් හුස්ම සෙමෙන් සාමාන්‍ය අතට හැරිණි. බිමල් හා නටාෂා වෙතටත් ඔහුගේ නෙත් යොමු වූයේය. බිමල් , ඔහුගේ අතට සෙමෙන් තට්ටුවක් දැමුවේය.
“ඕ මයි ගෝඩ්…”
එදෙස බලා සිටි වෛද්‍යවරයාට කියැවිණි.
****************************
“මගේ නම ඒද්… මම මේ ලෝකෙට අයිති නෑ.. ඒ නිසයි මාව කව්රුවත් හොයාගෙන ආවේ නැත්තේ..”
ඔහු කියාගෙන යද්දී ඇගේ දෙනෙත් විසල් විය. මුව ද විවර විය. ඇගේ ඉරියව්ව දකිද්දී ඔහුගේ මුවඟට නැගුණේ සිනාවකි.
“ඔයා විහිළුවක්ද ඔය කරන්නේ..?”
දෙනෙත් කුඩා කර ඇය දෙස බැලූ ඔහු හිස දෙපසට සැලීය.
ඇය ඔහු දෙසම බලාගෙන හිස තදින් පිරිමැද ගත්තේ කිසිත් සිතා ගත නොහැකිවය. ඔහු කිසියම් මානසික පීඩාවකින් පෙලෙන බවට සැකයක් තිබ්බත් සැබෑ ලෝකයෙන් බැහැර වූ මනසකින් සිටින බව නම් ඇයට මෙතෙක් දිනක් දැනුණේ නැත. එහෙත් ඔහු දැන් පවසන වදන් ඇගේ සිත සම්පූර්ණයෙන්ම අවුල් කර දැමීය.
“මට තේරෙන්නේ නෑ…. කොහොම වුණත් ඔයා අඳුරන කෙනෙක් ගෙන්න ගන්න බලන්න… මට නම්බර් එකක් හරි දෙන්න.. මම කතා කරන්නම්…”
ඔහු හිස දෙපසට වනමින් අමුතු බැල්මකින් බලා සිටින්නට වූයේ ඇය බියපත් කරමිනි.
“නාන්න ඕනේ…”
මොහොතකට පසු දෙඋරහිස් හකුලවමින් ඔහු කීවේය.
ඔහුට කුමනාකාරයේ මානසික රෝගයක් තිබේදැයි ඇයට සිතා ගත නොහැකි විය. ඇය නාන කාමරයට අත දිගු කළේ කිසිත් නොපවසාමය.
****************************
උදෑසනම දිය නා සිටි ඔහුගේ හිසකෙස්වලින් ගිලිහුණු වතුර බිඳු කිහිපයක් ඇගේ ළමැද තුළින් ගලා ගියේ ඇය හිරිවට්ටවමිනි.
“මොනවද කරන්නේ ඔයා…?”
ඇය ඇසුවේ අපහසුවෙන් හඬ අවදි කරමිනි.
“මොනවත් නෑ… තේ කෝ..?”
ඔහු එලෙසම සිටිමින් තේ කෝප්පය අතට ගත්තේය. ඇගේ උරහිසට නිකට තද කර ගනිමින් තේ උගුරක් පානය කළ ඔහු එයින් උගුරක් ඇයට ද පෙවීය.
“ඔයා කොහොමද ඔහොම කරන්නේ..?”
ඇගෙන් ඉවත් වූ සයුරු පැන්ටි්‍රයට හේත්තු වෙද්දී ඇය, ඔහු දෙස හොඳින් බැලීය. තුවායක් ඉණ වටා පටලාගෙන නිරුවත් උඩුකයින් සිටි ඔහු දකිද්දී ඇයට දැනුනේ කෝලබවකි. ඔහුගෙන් දෙනෙත් සඟවමින් ඇය ඉක්මණින් ආහාර පිළියෙල කරන්නට විය.
“ඇයි මෙහෙම කරන එක වැරදි ද..? ටීවී එකේ ගොඩක් දෙනෙක් එහෙමයි.. කෙල්ලෝ එහෙම කැමැතියි.. ඔයාත් අකැමැතියි කියලා මට දැනුණේ නෑනේ..”
ඇයට සිනා නැඟිණි.
“යන්න ගිහින් ඉක්මණට ලෑස්ති වෙන්න…පරක්කු වෙනවනේ..”
දෙනෙත් කුඩා කරමින් මොහොතක් ඇය දෙස බලා සිටි ඔහු එතැනින් ඉවතට ගියේය.
“රොමෑන්ටික් ඩ්‍රාමා විතරමද කොහෙද බලලා තියෙන්නේ හොඳ වෙලාවට..”
ඔහු ගිය දෙස බලා සිටි ඇය තමාටම කියා ගනිමින් සිනාසුණේ ඔහුගේ හැසිරීම් සිහිපත් කරමිනි.
“නෑ.. ත්‍රිලර්, ක්‍රයිම් ඒවාත් බැලුවා.. ඒත් ඒවා ගැලපෙන්නේ නෑනේ..”
ඔහු උස් හඬින් පිළිතුරු දුන්නේ ඇගේ මුව ද විවර කරමිනි.
“සයුරු…”
ඇය තරවටු හඬින් කෑ ගැසුවාය.
“ඔයා මගේ හිත කියවන එක නවත්තන්න හොඳ ද..?”
“ඒක ඔයා කටින් කිව්වේ.. මට ඇහුණා..”
ඔහු කීවේ කාමරයේ සිට කෑ ගසමිනි.
Reviews
There are no reviews yet.