Sale!

Sammanitha landa සම්මානිත ළඳ

රු1280

Author – Chandi kodikara

Publisher – Rathsara poth

Year – 2022

Add to Wishlist
Add to Wishlist
SKU: SCR 00011 Categories: , Tag:

“ඇත්තමයි මේ තුහින ෆර්ගයුසන් නම් මහ ජරා මිනිහෙක්.. එයා ලියන ඒවා වගේම තමයි.. මහ ලොකුවට කිව්වේ නම් පොරොන්දු කඩ කරන්නේ නෑ කියලා..”
තරහින් කියවමින් තිසුලි මේසය මත වූ කොළ ගොන්න එකතු කර ගත්තාය. එක්වරම අවට නිහැඬියාවක් පැතිර ගියේ මන්දැයි ඇයට වැටහුණේ නැත. අපූරු විලවුන් සුවඳක් මැදිරිය පුරා විහිද ගියේය.
“නෑ.. එයා එච්චර ජරා මිනිහෙක් නෙමෙයි.. ඒ වගේම පොරොන්දු කඩ කරන්නෙත් නෑ මිස් තිසුලි..”
ඇය අසළින්ම නුපුරුදු පිරිමි හඬක් නැඟිණි. ඇය බමරයක් මෙන් ආපසු හැරුණාය. ඇය වෙත එල්ල වී තිබුණේ ජීවිතයේ කිසිම දිනෙක ඇය දැක නොතිබූ නිල් පැහැති නෙත් සඟලකි. ඒ නෙත් සඟලත්, කළු පැහැති කොණ්ඩයත්, පැහැපත් පෙනුමත් සහිත කඩවසම් පිරිමියාගේ දෙතොල සරදම් සිනාවකින් හැඩ වී තිබිණි.

*********************************888

රුක්ලානි කොණ්ඩා මෝස්තරය, කොණ්ඩයේ වර්ණය වෙනස් කළේ එවිටවත් තමා තිසුලිට වඩා කැපී පෙනෙනු ඇතැයි සිතුවිල්ලෙනි. ඇය ඇන්දේ පැළැන්දේ රටේ නම ගිය නිමි ඇඳුම් වෙළෙඳසැල්වලින් මිළදී ගන්නා ලද වටිනා ඇඳුම් පැළඳුම්ය. එහෙත් ඇයත්, තිසුලිත් දෙදෙනාම සිටින තැන්වලදී හැමදාමත් කැපී පෙනුණේ තිසුලිය.
“ආ.. නේ මේ තිසූ නේද.,? තිසූගේ අඩහෝරාව අපි හැමදාම බලනවා අනේ..” කියමින් හැමදෙනාම දිව ආවේ තිසුලි වෙතටය.

*******************************

සාරානාත් ආරච්චිගේ විසින් රාවණා චැනලය මිළදී ගනු ලැබුවේ ඒ අතරය. එහි වැඩ කටයුතු සොයා බැලීම පැවරුණේ මාධ්‍ය ලේකම්වරයා වූ ආයුෂ්ටය.
“ඔය හැම චැනල් එකක්ම බලලා ඒවයේ ජනප්‍රිය එවුන් ටික අපේ එකට ඇද ගන්න බලපන්.. ටිකක් වැඩිපුර ගෙවනවා කිව්වම උන් නෑවිත් ඉන්නේ නෑ..” සාරානාත් අණ කළේය. “මට ඕනේ මගේ චැනල් එක ලංකාවේ අංක එක කරන්න..”
ඒ අනුව රූපවාහිනී නාලිකා බොහොමයක ජනප්‍රිය තලයේ වැජඹුණ ශිල්පීන් බොහෝ දෙනෙක් සිය නාලිකාවට බඳවා ගන්නට ඔහුට හැකි වූයේය.

*************************************************

“ක… කවි අයියා..” ඇයට ගොත ගැසිණි.
“ඔව්.. කවි අයියා තමයි.. කාගේ ඉහටද රුකී දේවාලේ කඩා වැටුනේ..?”
ඔහු සරදම් ස්වරයෙන් විමසද්දී රුක්ලානි පලා යන්නට මඟක් ඇද්දැයි සොයන්නාක් මෙන් වටපිට බැලුවාය. අදනම් තමාට ගැලවීමක් නොලැබෙන බැව් දැනෙද්දී ඇගේ මුළු සිරුරම ගැහෙන්නට වූයේය.
“ඔය වගේ ජරා වැඩ කරනකොට දේවාල නෙමෙයි ලෝකෙම ඉහට කඩා වැටෙන්න බැරි නෑ..”
කවීෂ් පැවසුවේ අප්‍රසන්න හඬිනි.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart