Sale!

Premaya nam ප්‍රේමය නම්

රු760

Author – Dilini Gayani
Publisher – Nohadunanni publishers

Year – 2022

 

Availability: 1 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: PDN 0006 Categories: , Tag:

ඇත්තටම ඒක හරිම ලස්සන හීනයක්.. මේ වගේ හීන පේන්නේ ඉතින් දියේලි අහිංසා කවිරත්නට විතරයි. දෙයියනේ.. මේ වගේ ලස්සන රැවුලක්.. කොහෙන්ද මේ නළු කොල්ලා ආවේ..? සුදු මූණයි, රෝස තොල් දෙකයි.. එයා නම් මාරම ශේප් එකක්.. ඇයි ඔයා මෙහෙම මාව පිස්සු වට්ටන්නේ.. අනෙ, එයාව තමා මං හැමදාම හීනෙන් හොය හොයා රස්තියාදු වෙන්නේ.. හීන, ඇයි ඔයා ඔහොම..? ලස්සන කොල්ලෙක් හීනෙන් විතරමද පෙන්නේ? හීනත් මා එක්ක කරන්නෙම විහිළු.
පෙනිච්ච හීනෙට බණින ගමන් මං ඇහැරුනේ ගේ ඉදිරිපසින් ඇසුණු ටකරන් බෙලෙක්ක සද්දෙකට. කවුද ඒ පාර මේ උදේ පාන්දර අපේ ගේ ඉස්සරහ ඉඳන් සද්දෙට කෑ ගහන බවලතා කියලා බලන්න මං එළියට බැස්සේ ඇඟේ ඇඳුම ගැන කිසිම ගාණක් නැතුව.

********************************

“කොහෙහරි යනවා නම් හොරෙන්ම යන්නේ නැතුව මට කෝල් කරනවා කීය උනත්. පණ්ඩිතකමට තනියම බස්වල රස්තියාදු ගහලා අහු වුනොත් හොම්බ තලනවා.. දැනගන්නවා..”
මගේ ඇඟිලි ටිකෙන් ටික තද කර කරා බුරුල් කර කර එයාගේ තර්ජන එයාට ඕන විදියට කරන්න දීලා. මං කට තද කරගෙන හිටියා. ඒත් ඒ ඇඟිල්ලෙන් පටන් ගත්ත දැනීම සියුම් නහර පටක අතරින් යටි පතුලටම අඩුවක් නැතුව දැනෙද්දී මාව එයාගේ අත් දෙකටම හිර වුණා. එයාගේ අත මගේ අතේ පැටලිලා. පුදුමයෙන් එයා බැලුවේ මං දිහා. මටත් පුදුමයි ඉතින්.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart