“ඔයා හෙටින් පස්සේ මොකක් ද කරන්න හිතාගෙන ඉන්නේ සුදු බබා..?”
ඔහු විමසුවේ යාත්රා තමන් වෙත ළං කර ගනිමිනි. ඇය සුසුමක් හෙලුවාය.
“චූටී මාමා කියනවා ඔයාට ඔසී එන්න කියලා.”
යුවීන් පැවසුවේ ඇගේ හිස අතගාමිනි.
“නෑ අයියා.. මම කුසුම් නැන්දා ළඟට යන්නම්. එයා විතරයි ගෙදර ඉන්නේ. මට ඕන ටික කාලයක් නිදහස් නිස්කලංක තැනක ඉන්න අයියා.”
ඇය පැවසුවේ සෙමෙනි. යුවීන් සුසුමක් හෙලුවේය.
“හරි මම කුසුම් නැන්දට කතා කරන්නම්.”
ඔහු නැගී සිටියේ ඇගේ හිස සිඹිමිනි.
*************************
“යාත්රා…”
ඔහු ඇයව ඇමතුවේ අතීතයේ දිනක ජයවර්ධන පුර සරසවියේ දී ඇගෙන් කැමැත්ත ඇසු දින ඇය ඇමතු හඬින්මය. එදාද ඇය සිටියේ මිතුරියන් හා කතාවකය. එහෙත් එදා මෙන් ඇය වහා හැරී බැලුවේ නැත. ඉක්මන් වූයේ යූවීන්ය.
“දැන් මොනවද කියන්න තියෙන්නේ මිස්ටර් අතුකෝරල?”
ඔහු අසලට ඇවිද ආ යූුවීන් විමසුවේ දැඩි හඬිනි.
“මට විනාඩියක් යාත්රා එක්ක කතා කරන්න දෙනවද?”
එහි වූයේ ආයාචනයකි.
“උඹ මගේ නංගිට කරපු දේවල් ඇති. මේ උසාවිය නිසා මම මේ ඉවසගෙන ඉන්නේ. කරුණාකරලා මෙතනින් පලයන්.”
යුවීන් දත්මිටි කාගෙන පැවසුවේ කෝපයෙනි.
“අයියා අන්තිම වතාවටත් කියන්න තියෙන දෙයක් අහගෙන මම එන්නම්.”
ඇය ඔහු අසලින් සිට ගත්තේ පෙර මෙන් ආදරය හුරතලය පිරි නෙතින් වතින් නොවේ. ඒ වතේ වූයේ හිස් බවකි.
*********************
ඇය පන්තිය අවසන් කර සෙමෙන් සෙමෙන් බණ මඩුවෙන් පිටතට පැමිණියාය. ඔහු ඇය අසළට ඇවිද ගියේ සැහැල්ලු පියවරෙනි.
“කොහොමද ළමයි ටික හොඳයිද”
ඔහු විමසුවේ සැහැල්ලුවෙනි.
“නරකම නෑ. හැබැයි ඉතින් එයාලාට ඉන්ග්ලීෂ් ගැන කිසිම ක්නොලෙජ් එකක් නෑ”
ඇය පැවසුවේ කුඩා දරුවන් දෙසම නෙත් රඳවා ගනිමිනි. එහෙත් ඒ ස්වරයේ කිසිදු හිතවත්කමක් නොවීය.
“ඉතින් හොඳයිනේ”
ඔහු සැහැල්ලු ඉරියව්වකින් ඇය අසලින්ම සිට ගත්තේය. ඇය එක් වරම ඔහු සෙ බැලුවේ විස්මය රැඳි නෙතිනි.
“අහ් නෑ ඉතින් ඔයාට ඕන විදිහට හදලා ගන්න පුළුවන්නේ”
ඇය සිනහවක් පැවාය. ඉන් පසු ඇය සිය පොත් පත්ද රැගෙන එතැනින් ඉවත් වූයේ ඔහුට සමුදීමකින්ද තොරවය. විමුත් ඇය යන දෙස බලා සිටියේ සැහැල්ලු මදහසක් ද සමගිනි.
“හ්ම්…. බලමුකෝ ආඩම්බරකාරි, ආඩම්බරකම් කොයි තරම් කල් පෙන්නයිද කියලා.”
ඔහු සිතුවේ ඇගෙන් නෙත් ඉවතට නොගනිමින්මය.
Reviews
There are no reviews yet.