Sale!

Nuba Nubatama නුබ නුඹටම

රු1200

Book name – Nuba Nubatama
Author – Pawani Umayangana

Publisher – Pawana creations
Year – 2023

Add to Wishlist
Add to Wishlist
SKU: NPP 0002 Categories: ,

විනාඩි පහක පමණ කාලයක් සිය හැකියාවන් නිරූපණය කළ ඊගල් යානාව සිය පථයට ගොඩ බැස්සවූ සැණින් ගුවන් හමුදාව නියෝජනය කරමින් ගෝල්ඩන් බර්ඩ් යානාව අහසට නැඟිණි.
“ඒක අයිලෙරෝන් රෝල් එකක්.. ගුවන් හමුදාව දක්ෂ විදියට තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය කරනවා..”
නිවේදකයා පවසන්නට වූයේ පහතින් පියාසර කළ යානාව රවුමක් කැරකී යළි ඉහළට පියාසර කරද්දීය.
ජනනි දෙනෙත් වසා ගත්තේ යානාව වේගයෙන් ඉහළට ගොස් අංශක 45ක පමණ හැඩයකට නැවතී රවුම් කිහිපයක් කැරකෙද්දීය. ඇයට දැනුණේ තමා ද ඒ හා සමානවම කැරකෙන බවකි.
මඳ වේලාවකින් ගෝල්ඩන් බර්ඩ් යානාව පහතට කිමිදුණු අතර එය ගුවන් පථයට ගොඩ බෑමට මත්තෙන් නාවික හමුදාවට අයත් නිල් පැහැයෙන් වර්ණ ගන්වා ඇල්බාට්‍රෝස් කුරුල්ලෙකු ද ඇඳ තිබූ යානාව අහසට නැඟිණි. ඒහාම ගෝල්ඩ්න් බර්ඩ් ද අහසට නැඟුණේ සුදු පැහැ දුම් වළාවක් නිකුත් කරමිනි. ඇල්බාට්‍රොස් නිල් පැහැ දුම් වළාවක් නිකුත් කරන්නට වූ අතර යානා දෙකම වට කිහිපයක් කැරකෙමින් වර්ණ දෙකෙන් දුම් වළලු පිට කළ අතර ඇල්බාට්‍රෝස් යානාවෙන් පිටතට ‘වෙල්කම්’ ලෙස ඉංග්‍රීසියෙන් ලියූ කොඩියක් පැමිණියේය.

**********************************

“අපි එහෙනම් මෝනාව සිලෙක්ට් කරනවනේ..?”
“සොරි මිස්ටර් අජේ.. මම එකඟ නෑ ඒකට.. අපි ඒක සිලෙක්ට් කළොත් වෙන්නේ ඒ වගේ පරිස්සමක් නැති, මෝඩ වැඩ එරෝබොටික් කියලා හිතන එක..”
ඉන්දීය ජාතිකයෙකු වූ විනිශ්චයකරුගේ මුව ඇද විණි. මෙහන්ස කෝපයෙන් දත් මිටි කමින් සිටියදී එකිනෙකා දෙස බලා ගත් අනෙක් විනිශ්චයකරුවන් තිදෙනා යළිත් තමන් අත තිබූ ලකුණු සටහන් දෙස බැලූහ.
“බලන්න, මෙහන්ස.. මෝනා ෆ්ලයිට් එක කරපු වැඩේ රිස්කි වුණාට අපිට හයි මාර්ක්ස් දෙන්න පුළුවන්.. අනික් එයා කරපු හැම රෝල් එකක්ම හරිම නීට්.. ගෝල්ඩන් බර්ඩ් එක නිකම්ම දෙකට වැටෙනවා..”
“ඒක හරි අජේ.. එරෝබොටික් කියන්නෙම ඩේන්ජරස් කියලා අපි දන්නවනෙ.. ඒ හින්දා එන්ජින් ඕෆ් කරලා කඩා වැටෙන්න දුන්නු එක විතරක් ඩේන්ජර්ස් කියන්න බෑ අපිට..”
නැඳුන්ගමුව පවසද්දී සුධීර ද හිස සැලුවේ ඊට එකඟත්වය පළ කරමිනි.
“තුනට එකයි කියන්නේ කොහොමත් මගේ අදහස වැඩක් නෑ කියන එකනේ.. මෝනා දිනුම් කියන්න..”
“මෙහන්ස, අපිට ඔයත් එක්ක ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ.. අපි දෙන්න ඕනේ සාධාරණ විනිශ්චයක්.. අපි කරන්නේ ඒ ඩියුටි එක.. මාර්ක්ස් වැඩියෙන් වැටෙන්නේ මෝනාටනේ..”

**************************************

විවර වූ දොරින් පිටතට පැමිණි මෙහන්සගේ බිය, පුදුමය, කුතුහලය සියල්ල සංකලනය වූ බැල්ම දෙස බලා සිටි ඇය කෙළ පිඩක් ගිල ගත්තේ ආයාසයෙනි.
“ශමී..” ඔහු මිමිණුවේ උගුරෙනි.
“ඇයි..?”
ඇගේ හිස සිට දෙපතුලටම බලමින් ඔහු විමසුවේය.
“ඔයා හිතුවේ බොරු කියලා ඔප්පු කරන්න..”
ඔහුගේ දෙනෙත් දෙස සෘජුව බැලූ ඇය මිමිණුවාය.
“ඔයා වගේම මමත් බී මයින් කිව්වේ සම්පූර්ණයෙන්ම ඔයාගේ වෙන්න හිතාගෙන මෙහා… මගේ ඇස් දෙක දිහා බැලුවා නම් ඔයා ඇත්තටම හදවතින්ම මාව වැළඳගත්තා නම් මගේ වෙනවද අහන්නවත්, තෘප්තිමත් ද අහන්නවත් ඕනේ වෙන්නේ නෑ..”
ඇගේ සෘජු වදන් හමුවේ ඔහු වේගයෙන් ඇසිපිය සැලුවේය. කුමක් කරන්නදැයි සිතාගත නොහැකිව ගල් ගැසුණාක් මෙන් සිටින මෙහන්ස අසළට ඇය සෙමෙන් ළං විය. සිය දෑත් ඔහුගේ ගෙල වටා දමා ගත් ශම්මි ඔහුගේ දෙතොල් අසළට ළං වූවාය.
“ශමී..”
ආයාසයෙන් මිමිණූ මෙහන්සගේ දෙතොල් ඇගේ ග්‍රහණයට නතු වෙද්දී මොහොතක් සිටි ඉරියව්වෙන් සිටි ඔහු සිය දෑත් ඇගේ බඳ වටා යවමින් ඇය ඉහළට ඔසවා ගත්තේය.
කුටියෙහි මේසය මතින් ඈ ඉන්දවූ ඔහු ඇය සිප ගත්තේ විටෙක මුදු ලෙසත් රළු ලෙසත් ය. මොහොතකට පසු ඇය ඇඳ මතට දමා, සිය ගෙල වටා තිබූ ඇගේ දෑත් ඇඳ වියළට තද කළේය.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart