කොට්ටය අසළ වූ ජංගම දුරකථනය අතට ගත් තිසාක්‍යා දිවියේ අනන්ත වාරයක් අංකනය කළ ඒ අංකය සටහන් කළේ පුරුද්දට මෙනි. දෙකොපුල් දිගේ ගලා යන කඳුළුවලට ඔහේ ගලා යන්නට ඉඩ දෙමින් ඇය දුරකථනය සවණට ළං කරගෙන සිටියාය. එහා පසින් ඇගේ ප්‍රියතම ගීතය වාදනය වෙනවා ඇයට ඇසිණි. පළමු වරට දුරකථනය විසන්ධි විය. ඔහුට අයත් සියල්ල අදද ඒ ලෙසම සුරැකිව තිබේ. නැත්තේ ඔහු ඇයට දුන් ආදරය පමණි. ඇය යළිත් යළිත් ගත්තාය. සිව්වන වරට ද දුරකථනය විසන්ධි වීමට ආසන්න මොහොතේ එහා පසින් එයට පිළිතුරු ලබා දුන්නේය.
“හෙලෝව්.. තිසූ මොකද ළමයෝ මේ මහ රෑ.. දැන් වෙලාව එකටත් ළඟයි..”
ඒ හඬ එයමය. ඇයට හොඳින් හුරු පුරුදු හඬමය. වෙනසකට ඇත්තේ මේ හඬ ඒ හඬ තරම් ගැඹුරු නොවීමයි.
“තිසූ හොඳින් නේද.. අඬනවා නේද ඔයා..”
***********************************
ඇය සිටියේ උඩුරාවන නිවසේ උඩු මහලේ වූ මසිත්ගේ කාමරයේය. සිය පුහුණුව අවසන් කළ මසිත් සිටියේ යුද බිමට පිටත්ව යාමට සූදානම්වය. තිසාක්‍යා එහුගේ ගමන් මල්ල අහුරන්නට උදව් කළාය. ඇය මෙන්ම ඔහු ද සිටියේ සිත තුළ වූ හැඟීම් සියල්ල සඟවා ගෙනය.
“මන්දි..”
සියල්ල අවසන ඇය ගමන් මල්ල වසා දමන අයුරු බලා සිටි මසිත් ඇයව තමන් වෙත හරවා ගත්තේ එසේ මුමුණමිනි. ඇය මොහොතක් ඔහු දෙස බලා සිටියේ වේදනාවෙනි.
“අනේ මසිත් අයියේ..’‘
ඇය ඔහුගේ පපුවෙහි මුහුණ හොවා ගත්තේ ඉකියක් සමඟිනි. මසිත් ඇයව තමන් වෙත තුරුල් කර ගත්තේ නෙතට ඉනූ කඳුළුවලට ඔහේ ගලා යන්න ඉඩ දෙමිනි. සිය සිහිනය කොයිතරම් ප්‍රබල වුවත් ඇයව දමා රණ බිමට යාමට ඔහුගේ සිත මොහොතකට පසුබට විය.
***********************************
ඇය ඔහේ අරමුණක් නොමැති දෑසින් වැසි දිය දෙස බලා සිටියාය. සීතලක් දැනුණ ද උණුසුම් කබාය හැඳ ගැනීමට හෝ යාමට ඇයට දැනුණේ අලස බවකි. අවට පරිසරයේ වූයේ දැඩි අඳුරකි. සුදර්ෂී සිටියේ තවමත් නින්දේය. ඇයට මින් වසර ගණනාවකට පෙර ආ දියතලා ගමන සිහිවිය. එදා සහ අද ගමනේ වෙනස ගැන ඇය සිතුවේ සියුම් වේදනාවක් ද සමඟිනි.
“ෂික් මේ වැස්ස නිසා සමීරටයි නාලකටයි එන්න පරක්කු වෙයි වගේ..”
තමාටම මුමුණා ගත් ඇය නැඟී සිටියේ කාමරයට යන්නටය. එහෙත් එක්වරම දැඩි වැස්සේම මිදුලට පැමිණි රථය හේතුවේන අයැ නතර වූයේ කවුද බලන්නටය. එහෙත් එයින් බැස ආලින්දයට දිව ආ රුව තිසාක්‍යාගේ සියොළඟම වෙව්ලා ගියේ භීතියක් සමඟිනි. ඇය සූදානම් වූයේ හැකි ඉක්මණින් සිය කාමරයට යාමටය. එහෙත් ඒ රුව ඇයව අල්ලා ගත්තේ දැඩිවය. එවිටම නිවස තුළ සිට අමුතු සිනාවක් සමඟ පැමිණියේ විමල් ය.
“ඔන්න බොස් මම ගාණට වැඩේ සෙට් කළා.. දැන් ඉතින් මටත් රස බලන්න ඕනේ සර්..”
***********************************
“පුතේ ඔ්‍යා හිතනවද ඒ දරුවත් එක්ක සතුටිං ඉන්න පුළුවන් කියලා.. අනික ඒ අතීතේ ඔය දෙන්නා අතරට ප්‍රශ්නයක් විදිහට එන එකක් නෑ කියලා..”
ඔහු විමසුවේ අවධාරණයෙනි. භාතිය සැහැල්ලු ලෙස හිනැහෙමිනි.
“අප්පච්චි අපි දෙන්නා වෙන ගෑනු මිනිස්සු වගේම රණ්ඩු වෙයි තරහා වෙයි. හැබැයි ඒ අතීතේ අපි අතරට එන්නේ නෑ.. ඒක මට විශ්වාසයි. මොකද මම සේරම දැනගෙනයි එයාව බඳින්නේ. අනික මට මසිත්ව අමතක කරවන්න ඕන නෑ තිසූට.. ඒ මතකේ පැත්තක තියෙද්දී මට පුළුවන් අලුත් මතකයක් හදන්න..”
භාතිය පැවසුවේ අවධාරණයෙනි.
Reviews
There are no reviews yet.