මේ කතාව පටන් ගන්නේ මගේ උසස් පෙළ ප්‍රතිඵල ආව දවසෙන්. උසස් පෙළ කියන්නේ ජීවිතේට එච්චර බලපෑමක් කරන්න පුළුවන් දෙයක්ද කියලා දැන් කල්පනා වුණාට මට හිතෙන්නේ මගේ ජීවිතේම වෙනස් වෙන්න ගත්තේ එතනින් කියලා.
එදා අපේ ගෙදර මළ ගෙයක් වගේ. අපේ ගෙදර කිව්වට ගෙදර හිටියේ අම්මයි මමයි විතරයි. අයියා ඒ වෙද්දීත් පේරාදෙණිය විශ්ව විද්‍යාලේ තුන්වෙනි වසරෙ ඉගෙන ගන්නවා. විශ්‍රාමික ගුරුවරියෙක් වුණ අම්මා බලාපොරොත්තු තියාගෙන හිටියෙ මමත් විශ්ව විද්‍යාලෙ යයි කියලා.. අම්මා හිතාගෙන හිටියේ ජීවිතේ හැමදේම ඉන්පස්සේ විසඳෙනවා කියලා. ඒත් මගේ ප්‍රතිඵලවලින් විශ්ව විද්‍යාලේ නෙමෙයි විද්‍යා පීඨයකටවත් ඇතුල් වෙන්න පුළුවන්කමක් තිබ්බේ නෑ. වෛද්‍යවරියක් වෙන්න තරම් දක්ෂකමක්වත් අරමුණක්වත් නොතිබුණු මම උසස් පෙළ විද්‍යා විෂයන් තෝරා ගත්තේ ඒ කාලේ තිබුණ රැල්ලට වගේ. අනිත් අතට අම්මගේ බලපෑමට. එච්චඑ උනන්දුවක් නොතිබ්බත්, අන්තිම කාලේ මහන්සි වුණා. ඒ මහන්සියේ තරමට මීට වඩා ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණා. ඒත් ඉතින් මොනවා කරන්න ද?
“දැන් ඉතින් සුදු මහත්තයා ඔහොම හීන දැක්කට මේ දැරිවි කැමැති වෙයි කියලා හිතෙනව ද..?”
දිනක් මාලා නැන්දා ඒ තීරණාත්මක පැනය අසන තුරු මා එවැන්නක් පිළිබඳ කිසිවිටෙකත් සිතා නොතිබුණි. මා සිහින දකිමින් සිටියේ පැමිණි වහා ඇය හා විවාහ වීමටය. අම්මලාගේ කැමැත්ත හෝ අකමැත්ත මට එතරම් වගක් නොවිණි.
එකල මට විවාහ යෝජනා ගෙන ආ කාන්තාව සමාධිගේ ඡායාරූපයක් පෙන්වූයේ එතරම් බලාපොරොත්තුවක් ඇතිව නොවේ. අම්මා සෙවූ මූලික සුදුසුකම් ඇය සපුරා සිටියේ නැත. සුදුසුකම් සපිරූ අයගේ පෙනුම මා සිත් ගත්තේ නැත. එවැනි සිත්ගත් රුවක් තිබුණ ද හමු වී කතා බස් කළ පසු ඒ අදහස් මට ගැලපුණේ නැත.
“මෙන්න මේ ගෑණු ළමයා බලන්න පුංචි මහත්තයා.,”
යැයි කියමින් එම කාන්තාව දිගු කළ ඡායාරූපයේ සිටි යුවතිය දුටු වනම මගේ සිත පැහැර ගත්තේය. නමුත් උපාධිය මූලික සුදුසුකම කරගෙන ගුරු වෘත්තියෙන් ඉහළට රැකියා සෙවූ අම්මාට ඇය කිසිසේත් ගැලපුණේ නැත.
“මම ඔයාව බලන්න මුලින්ම ආව දවසේ කොහේ හරි රේඩියෝ එකක ඔය සිංදුව ඇහුණා..”
මගේ හිතත් කඳු පල්ලම් බැහැගෙන ගල් ගොඩවල්වල හැප්පි හැප්පී ගිහින් ඒ දවසේ නතර වුණා. ඒ දවස කිව්වේ එරන්ද එහෙම දවසක් තිබ්බා කියලා මතක් කරලා දුන්න තැන තමයි නතර වුණේ.. ඒ දවස ගැන ඊට පස්සේ එරන්ද කතා කළ එක ගැන පැහැදිලි මතකයක් හදවතේ තිබුණට ඔය වගේ සින්දුවක් ඇහුණා කියලා නම් සිහිපත් කර ගන්න බැරිවුණා.. බලන්න ආව අනිත් මනමාලයො මගේ ප්‍රතික්ෂේප කිරීම් එක්ක අකුලගෙන ගියාට එරන්ද ඒවා සත පහකටවත් ගනන් ගත්තේ නෑ කියන එක තමයි මට තිබුණු එකම විශේෂත්වේ.
“ඇත්තටම එරන්ද එක දවසක් පොඩි වෙලාවකට දැක්ක කෙල්ලෙක් ගැන ඔ්‍යා වගේ කෙනෙක් ඇයි ඔච්චර මතක තියා ගන්නේ..?”
“ඔයා වගේ කෙනෙක් කියලා අදහස් කරන්නේ මොකක්ද.,?”
“නෑ ඉතින් ඔයා වගේ ලෝකේ වටේ ඇවිදපු කෙනෙක්..”
“මම ලෝකෙ වටේ ඇවිද්දට මගේ හිත ලෝකෙ වටේ ඇවිද්දේ නෑ..”
ඒ ප්‍රශ්නෙට මට දෙන්න ඕන උත්තරයක් හිතාගන්න බැරිවුණා.
Reviews
There are no reviews yet.