ඔනිල් ආර්ය දහනායක වන රටක් හඳුනන නුදුරු අනාගතයේදී පාර්ලිමේන්තුවට තේරී පත් වන්නට බලාපොරොත්තුවෙන් සිටින නන්දන දහනායකගේ වැඩිමහල් පුතාය. සිටිනා එකම නැඟණිය මනීෂා දිව්‍යාංජලී දහනායක අවුරුදු හතරකින් බාලය.
මේ අවුරුදු විසි හතක කාල පරිච්ඡේදය ගත් විට ගෙවුණු අවුරුදු තුන හතරක කාලය තුළ ආවා ගියා වූ බ්ලූ හේලි හෝටලය ගෙදර හා සමානය. කාමරයේ උෂ්ණත්වය ශීත වන තරමට ශරීරය උනුසුම් වන්නට වූ නිසා ඔනිල්, සනත් විසින් ඇණවුම් කර මේසය මත තිබූ බියර් කෑන් හතරක් සහ ඩෙනිම් සාක්කුවේ තිබූ ඩන්හිල් දෙකකුත් හිස්කර දැමුවේ උගුරට දෙකටය. ඒ මොහොතේම නාන කුටියේ දොරටුව විවරව ගියෙන් ඔහුගේ දෑස් ඒ දෙසට හැරවුණේ අද රැය ගෙවීමට අළුත් හැඩයක් බලාපොරොත්තුවෙනි.
“ශික්.. මේකි වයසක ඇන්ටියෙක්නෙ..”
අපේක්ෂා කළ තරම් සොඳුරු බවක් ඇගෙන් නොපෙනෙද්දී සිත එයට ද කම් නැති බව ඔහුට දැනුම් දුන්නේය. අනුරාගී හෝරාවකට සිත ඇරයුම් කර තිබුණු නිසාම සිරුර උනුසුම්ව තිබිණි. ඔනිල්ට පෙනුණේ සුදු පැහැති සාලුවකින් සැරසී සිටින අවුරුදු තිස් දෙකක්, තුනක පෙනුමැති අතිශය සරාගී බව ආරූඪ කර ගන්නට වෙහෙසන කාන්තාවකි. යටි සිත්න ඇයට සිනාසෙමින් ඇය ඔහු අසළට එනතුරු යහන මතම ඉඳගෙන බලාගෙන සිටියේය.
“මට යන්නත් හදිස්සියි.. ඉක්මන් කරමු ද..?”
හිසකේ දෑතින් ගසමින් ඕනෑවට එපාවට මෙන් කී ඒ හඬේ තිබුණු අණ කිරීමට ඔනිල්ගේ සිරුර පත්ලේ නිදා හුන් යක්ෂයා අවදි වීමට වැඩි වේලාවක් ගත වූයේ නැත.
“මේ ඔනිල්ට කවුද යකෝ ඕඩර්ස් දෙන්නේ..? ඔනිල් කරන්නේ ඔනිල්ට ඕන දේ..”
ක්ෂණිකව අඩි දෙක තුනක දුරින් සිටි ඇගේ ළය මැද්දට වන්නට දවටාගෙන සිටි සාලුව සුරතින් ගැලවී කාමරයේ මුල්ලකට විසි වී ගියේය. පිරුණු ළය ඔහුගේ සුරතට මිරීක ගියේ ඇසිල්ලෙනි.
********************************
මෙලනි සමඟ දැහැමි කලකට පසුව සාප්පු සවාරියේ යාමට තීරණය කෙරුණේ හදිසියේම වාගේය. එයට ප්‍රධානතම හේතුව දැහැමිගේ නිවසට පැමිණි මොහොතේ පටන් මෙලනි වෙතින් දිගහැරුණු මලානික පෙනුමය. මෙලනිගේ වතේ වූ ශෝකී පෙනුම ශූක්ෂමව හැඳින ගත් මිතුරියට අවශ්‍ය වූයේ නිවසින් පිටතට ගොස් ඇය හා දොඩමළු වීමටය. ඒ ඉදිමුණු දෑසත්, රත් පැහැයට හැරුණු මුහුණත් කියා පෑවේ සිත තුළ සිරකරගෙන සිටින මානසික වේදනවා යැයි දැහැමිට යන්තම් වැටහුණු නිසාය. නමුත් එයට බලවත් ලෙස විරෝධය පෑ මෙලනි අවසානයේ දැහැමිගේ බලකිරීම හමුවේ හිස නමන්නට සිදු වූයේ ඇය බොරුවට නහයෙන් හඬන්නට පටන් ගත් නිසාය.
“ඉඳලා ඉඳලා අදයි ආවේ.. බලන්නකෝ අම්මි මෙයා.. ශොපින් කරන්නව්ත එන්න බෑලු.. මෙහෙමයාළුවෝ වැඩක් තියෙනවද..?” ඇය ම මවට නෝක්කාඩු කතා කීවේ මෙලනි වෙත ඇඟිල්ල දිගු කර පෙන්වමිනි.
“මාර යාළුවෝ තමයි මේ නම්..”
“හරි හරි ඉතින් යමු..”
මෙලනි දැහැමිගේ ළඟටම ගොස් ඇගේ සිරුරේ හැපෙමින් කීවේ බොරු තරහක් මවා පෙන්වමිනි. දැහැමි උඩ පැන ඇයව බදාගත්තේ “යේ.. යේ..” කියමිනි. ඇඬිල්ල අන්ත්‍රස්දාන වී තිබිණි.
“බොරුවට අඬලා මාව අල්ලා ගත්තා නේද.,? මහ කපටි කෙල්ලෙක් ඔයා.. මඟදී තාත්තා එහෙම දැක්කොත් ඔයාට තමා උත්තර දෙන්න වෙන්නේ..”
****************************************
ඔනිල් ද මඳ වූ මෘදු සුහද සිනහවකින් ඇයට සංග්‍රහ කර තම අසුනට එහායින් වූ සුදු පැහැති තීන්ත යෙදූ අසුන ඇයට දෑසින් පෙන්වූයේ ඉඳගන්නට කියා ඉඟි කරමිනි. විනාඩි කිහිපයක් ගෙවී ගියේ නිශ්ශබ්දතාවයක් සමඟය.
“හෙට හෝම් කමින්..”
“සේරම ප්ලෑන් කරපු විදියට සිද්ධ වෙයි.. ඔයා ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා දිශානි.. මං ඊයේ රෑ කිව්වා වගේ ඔයාට ඔයාගේ නිදහසේ ඉන්න පුළුවන් වෙයි..”
කළු පැහැති රතු ඉරි වැටුණු අත් දිග ටී ශර්ටයට කළු ඩෙනිම් කලිසමක් ඇැඳි ඔහුගෙන් දිස් වූයේ අතිශය කඩවසම් පිරිමි රුවකි. වැඩිය උස මහත නොවූ ඔහු සිත් ඇද ග්නනා සුලු සිරුරකින් හෙබි වීම හා එම රූප ස්භාවය දෑසින් ඇය විඳිමින් හුන්නාය. තම පෙම්වතුන් අතරින් මේ මටටමට සැසඳිය හැකි පෙම්වතෙක් අහලකවත් සිටි බව ඇගේ මතකයේ තිබුණේ නැත.
“ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ද ඔනිල්..? ඔයා එකපාරටම මෙහෙම.. අනේ මන්දා මට හිතා ගන්න බැරිවුනා..”
Reviews
There are no reviews yet.