Sale!

ළබැදි සබඳ ඔබ – Labadi Sabada Oba

රු920

Author – Nilanthi Waranasooriya

Publisher – Story Flix

Year – 2024

Availability: 3 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: SFN 0001 Categories: , Tag:

“ගිය සතියේ ගෙනාව අච්චාරු බෝතල් ටික උණු කැවුම් වගේ විකිණුනා මැණිකේ නෝනේ.. තව බෝතල් දහයක් විතර වැඩිපුර දැම්මත් කමක් නෑ…”
ජයතිස්ස මුදලාලි කීවේ මා අතින් බිලින් අච්චාරු බෝතල් සහිත කාඩ්බෝඩ් පෙට්ටිය ගනිමිනි. ඔහු දුන් මුදල්, පසුම්බියට දමා එය ගවුම් සාක්කුවේ ඔබාගත් මම විදුරු කවුන්ටරය පිටුපස සිටි මුදලාලිගේ බිරිඳට සිනාවක් පෑවෙමි.
“ඊළඟ පාර පුළුවන් වුණොත් වැඩිපුරට ගේන්නම් මුදලාලි.. බිලින් ඉවර වේගෙන යන නිසා දැන් හදන බෝතල් පහවත් හදාගන්න පුළුවන් වේවිද දන්නේ නෑ.. එහෙම බැරිවුණොත් ඊළඟ පාර අඹ අච්චාරු හරි වෙරළු අච්චාරු හරි තමයි..”
ඔවුන්ගෙන් සමුගත් මම බයිසිකලය තල්ලු කරගෙන ඇවිද ගියෙමි. ජයතිස්ස මුදලාලිගේ කඩය පලුගස් හන්දියේ ඇති එකම වෙළඳසැලය. ඒ කඩයට දකුණු පසින් ඔහුගේ සොහොයුරා දර පෝරණුවක් සහිත බේකරියක් පවත්වාගෙන ගිය අතර, ඊටත් එහා වූයේ බයිසිකල් අලුත්වැඩියා කරන ස්ථානයකි. පලුගස් හන්දියේ සිට විනාඩි පහක් පමණ තාර පාර දිගේ ඇවිද ගිය විට දකුණු පසින් පටු ගුරු පාරක් වෙයි. ඒ පාරෙහි වම්පසින් වෙල් යායකි. දකුණු පස තැනින් තැන ඉදිවුණු නිවෙස් කිහිපයක් විය. යසෝ නැන්දා සමඟ මා ජීවත් වූ කුඩා නිවස ඉන් එකකි.

**************************************************

මල්ලිකා ආච්චි පොත් අසුරන්නේ කතුවරුන් අනුවය. ඒ පිළිවෙල හොඳින් දන්නා නිසා මම රිදී නිම්නය කරුණාසේන ජයලත්ගේ පොත් අතර තැබුවෙමි. මීළඟ තෝරාගන්නේ කුමක්දැයි කල්පනා කරමින් පොත් මත ඇගිලි තුඩු දිවෙව්වෙමි. කරුණාසේන ජයලත්ගේ කුල කුමරිය තෝරාගත් මා හිස හරවා බැලුවේ පෙතා අතට ගන්නාව්ත සමඟ ඇසුණු සිහින් ශබ්දයක් නිසාය.
නාඳුනන මිනිසෙකු ලියන මේසයට හේත්තු වී, දෑත් ළය හරහා බැඳගෙන මා දෙස බලා සිටියේය. ඒ දසුනින් තිගැස්සුණු මා අතින් පොත බිමට වැටුණ ද, එය අහුලාගන්නටවත් මට දිරියක් තිබුණේ නැත. ජනේලයට පිටුපා සිටි බැවින් ද, කාමරයේ විදුලි පහන දල්වා නැති බැවින් ද ඒ මුහුණ මට හරියට පෙනුණේ නැත. එහෙත් එහි ඇත්තේ මිත්‍රශිලී බවක් නොවන බැව් සිහින් කරගත් දෑසෙහි ඇති බැල්ම කීවේය. මම අසීරුවෙන් කෙල පිඬක් ගිල්ලෙමි මේ අබිරහස් පුත්‍ර රත්නය විය යුතුය.
“හූ ආර් යූ,.?” ඒ හඬෙහි වූයේ නොරිස්සුම් සහගත කෝපයකි. ‘තමුන් කවුද? මෙතන මොකද කරන්නේ..?”
මගෙන් පිළිතුරු නැති නිසාදෝ ඒ ස්වරය මඳක් උස්ව තිබුණේය.
මා දොර දෙසට එක් පියවරක් තැබූ වහාම මේසය අසලින් ඉවත් වූ ඔහු අප අතර වූ අඩි කිහිපයක දුර පියෙව්වේ විදුලි වේගයෙනි.
“මං මල්ලිකා ආච්චි.. පොත්..” මගේ ගොත ගැසීම ඒ මුවට සරදම් සිනාවක් ගෙනාවේය.
“මල්ලිකා ආච්චි.? මල්ලිකා ආච්චි අර ඉන්නේ කුස්සියේ..”

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart