Sale!

සුසුමන් දරා Susuman dara

Original price was: රු 1,000.00.Current price is: රු 800.00.

  • USD: 2.40$

Author – Tharuprabha Rathnayaka

Publisher – Nisa publishers

Year – 2025

Out of stock

Categories: , Tag:
Guaranteed Safe Checkout
Add to Wishlist
Add to Wishlist

“අයියේ…”

“ම්ම්…”

“අපි ආය ප්රැක්ටිස් පටන් ගමු..”

“පටන් ගන්නත් ඕනෙ වස්තු..මං මේ ගෙදර අය පොඩ්ඩක් ශේප් වෙනකන් ඉන්නේ..”

“වර්ල්ඩ් කප් එකට නැති වුනාට ඔන්න බලන්නකෝ..ඔයාව ඊළඟ සීරිස් එකට ඒ ගොල්ලෝ දානවා…”

අමාරා කියන්නට වෙද්දි සිහස්ය නිහඬවම ඈ ගෙල මත හාදුවක් තබන්නට විය.

“අයියේ අපි දාදි බලලා එන්න යන්ද..?”

“හ්ම්..”

දැන් ඔහුගෙන් කිසිවක් අසා ඵලක් නැත.ඔහුට දැන් අවැසි ඈ මතින් සැනසෙන්නටයි.ඈ හා රස චාරිකාවක යන්නටයි.ඇගේ ගෙල මත කෙටි හාදු තබමින් උන් ඔහු එක්වරම තදින්ම ඔහුගේ දෙතොල් ඈ ගෙල මත තබන්නට වූයේ දසන්ද තද කරමිනි.එක්වරම ගතට දැනුන හිරියට අමාරා තදින්ම ඔහුගේ හිස පුංචි එකියක මෙන් ඇගේ ගෙල මතට තවත් සිර කරගත්තේ දෑස්ද පියාගනිමිනි..ඇගේ තුවාල සුව වී නොමැති හෙයින් ඔහු ඇයව අල්ලාගෙන සිටින්නේ හරි පරිස්සමටය.

දෙතොල් වලට විරාමයක් නොදීම සිහස්ය රළු අයුරින් අමාරාගේ ගෙලත් කන් පෙති අසලත් සිපගන්නට වෙද්දි ඇය මුවින් සිහින් කෙදිරියක් පිටවන්නට වූයේ දැනෙන්නාවු මිහිරි හැඟිම දරා ගන්නට නොහැකිවයි.ඒ හඬින් තව තවත් ඇවිලි ගිය සිහස්ය හිමින් සීරුවේ ඇයව ඇද මතින් තබන්නට වූයේ ඇගේ තුවාල වලට බලපෑමක් නොවන අයුරිනි.සිහස්යගේ ගෙල බදාගෙනම ඇද මතට වැටුනු අමාරා ඔහු දෙස බලා සිටින්නට වූයේ ඇසිපිය නොහෙළමිනි.පසෙක තිබු ලැප්ටොප් පරිගණකය හා ඇගේ පොත ගෙන අසල කබඩය මතින් තැබු සිහස්ය ඇගේ දෑස් දෙස බලාගෙන ඇගේ දෙපා දෙපසට කර ඇගේ ගත මතට ආවේය.ඔහුගේ ගතෙහි බර දී තිබුනේ ඇදටයි.ඈ දෑස් දෙසම බලාගෙන සිහස්ය ඇගේ දෙතොල් මතට බරවන්නට විය.ඒ සැනින්ම ක්රියාත්මක වූ අමාරා ඔහුගේ බදවටා සිය දෙපා තදින් වෙළාගන්නට වුයේ ඔහුට රුකුල් දෙමිනි.

*************************
“සුදූ…හ්.”

ඒ හඬට අඩියට දෙකට කාමරයෙන් එළියට ආ අමාරා තත්පර කිහිපයක් තුළ ඇගේ නැන්දණිය සිටි ආලින්දයේ දොර අසලට ගියාය.ඒ එක්කම එතනට ගිය අමාරාගේ දෑස් මෙන්ම මුවද විසල් වෙද්දි ඇය අඩියක් පිටුපසට යන්නට වූයේ දොරෙහි උළුවස්සද තදින්ම අල්ලාගෙනයි.

ඉබ්බන්කටුව ජලාශයෙන් හමා එන සිසිල් සුළං පහස විදිමින් දඹුලු ක්රීඩාංගණයේ පිත්ත හා පන්දුව සමඟ ඔට්ටු විය යුතු හාදයා කුරුණෑගල නුවර පාරේ අමාරාගේ නිවසෙහි වැරන්ඩාවෙන් මතුව ඇත.කිසිවිටෙක බලාපොරොත්තු නොවු පැමිණීමක් හමුවේ වික්ෂිප්ත වී සිටින අමාරා තවමත් ගල් ගැසී මෙන් ඔහු දෙසත් මිදුලෙහි නවතා ඇති කළු පැහැති බෙන්ස් රථය දෙසත් බලා සිටියි.ඊට නොදෙවෙනි වූ පුදුමෙකින් ප්රමිලාද ඔහු දෙස බලා සිටියි.

“ම්..මේ සිහස්ය රණසිංහ..?”

කිසිවක් සිතා ගත නොහැකිව සිටින අමාරාගේ නැන්දා සිහස්ය දෙස බලාගෙන මුමුණද්දි අමාරාද පියවි සිහියට පැමිණියාය.

“ඔව්…මං අමාරාව මීට් වෙන්න ආවේ…”

අමාරාගේ නැන්දා ඇය යැයි ඔහු අනුමාන කළත් මේ සා තරුණව සිටින ඇයට නැන්දේ ලෙස අමතන්නට ඔහුට එක්වරම සිතුනේ නැත.තවමත් ලෝක පුදුම සියල්ල එක්වර දුටුවා මෙන් ඔහු දෙස බලා සිටින ස්ත්රින් දෙදෙනා දෙස සිහස්ය මාරුවෙන් මාරුවට බලන්නට වූයේ සිනහව සඟවාගෙනයි..

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart