Sale!

සංසු Sansu

රු960

Author – Pawani Umayangana

Publisher – Pawana creations
Year – 2022

Add to Wishlist
Add to Wishlist
SKU: SSPP 002 Categories: , Tag:

“සොරි සොරි.. වැරදි ප්‍රශ්නයක්.. අපි දෙන්නා ඩාන්සින්ග් ක්ලාස් යනවා.. සල්සා.. හිපහොප් දෙකම කරනවා.. මේ පාරේ කෙළවර යාලුවෙක් ඉන්නවා.. එහේ ගිහින් එද්දී ඔයාව දැක්ක නිසා කතා කළේ.. තරහා වෙන්න එපා.. කරදරයක් වුණා නම් සමාවෙන්න.. පුලුවන් වෙලාවක අපිත් එක්ක මොනවා හරි බොන්න යමු.. වරදවා හිතන්න එපා.. මේ මගේ නම්බර් එක..”
ඔහුගේ බැල්ම නොසලකා හරිමින් එක දිගටම කතා කරගෙන ගිය ඇය කොලයක ලියා තිබූ අංකය ඔහු අතට දී යතුරුපැදියට නැගුණාය. මන්දනා වහාම යතුරුපැදිය ඉදිරියට ඇද්දුවත් ඇය යලිත් හැරී බැලුවේ ඔහු සිටි තැනම නතර වී ඔවුන් යන දෙස බලා සිටියදීය.
“පිස්සු කෙල්ලෙක්..”
තමාටම මුමුණා ගත් සංසුන් හිස දෙපසට සලා අත රැඳි දුරකථන අංකය දෙස බැල්මක් හෙලුවේය. එය ඉවතට විසි කරන්නට සිතුණත් ඔහු එය කර එල්ලුණු බෑගයට දමා ගත්තේය. බසයෙන් බසිද්දී තිබූ විඩාව සිරුරෙන් හා මනසින් දුරස් වී තිබුණාක් මෙන් ඔහු දෙඅත් සාක්කු දෙකට ඔබාගෙන සැහැල්ලුවෙන් ඉදිරියට ඇදුණේ සමුදිව සිහි කරමිනි.

*********************************************

සංසුන් ද ඉක්මණින් රථයෙන් බැස ගත්තේ ඇය තෙමෙනු දකිද්දීය. ඇගේ අතකින් ඇදගෙනම ඔහු දිව ගොස් ඉස්තෝප්පු කොටසට ගොඩ වූයේ ඇය දෙස කෝපයෙන් බලමිනි.
“මොකද මෙහෙ..?”
වෙනදා නොමැති කෝපයක් ඔහුගේ ස්වරයේ ගැබ්ව ඇති බව වැටහෙද්දී ඇගේ දෙනෙත්වලට කඳුලු පිරිණි.
“ඔයා මීට් වෙන්න..” ඇය මිමිණුවේ බිම බලාගෙනය.
“මාව මොනවට මීට් වෙන්න ද දැන්..?”
නොසැලකිලිමත් හඬින් පවසමින් ඔහු දොර විවෘත කරමින් ගෙතුලට පිවිසිණි.
“සංසු ප්ලීස්..”
“සමුදි ප්ලීස්.. ඇති..”
ඔහු පවසද්දී ඇය රිදුම් දෙන තරම් තදින් යටිතොල සපා ගත්තේ ඔහු සිය ගෙල සිර කළා නම් මෙතරම් වේදනාවක් නොවෙනු ඇතැයි සිතමිනි. බැඳීම ඇරඹි දා සිටම ඔහුට ඇය දෝණි, මැණික හෝ බබා වූවා මිසක සමුදි නම් නොවිණි. ඇයට තරවටු කරද්දී ද සමූ ලෙසට පැවසුවා පමණකි.

**********************************

“සංසු.. මම නරක ගෑනු ළමයෙක් කියලා හිතන්න එපා.. මෙහෙම කිව්වා කියලා මාව වරදවා හිතන්නත් එපා.. මාත් එක්ක තරහා වෙන්නත් එපා..” ඇය කියාගෙන ගියේ ඔහු කුතුහලයේන ඇගේ මුහුණ දෙසම බලා සිටියදීය.
“මම ඔයාට අයියා නොකියන්නෙයි, ගෑනු ළමයෙක් නැති එක හොඳයි කිව්වෙයි…”
ඇය කතාව මොහොතකට නවත්වා හුස්මක් ඉහළට ගෙන පහළ දැමුවාය. “මොකද මම ඔයාට ආදරෙයි.. ඇත්තමයි.. දන්නේ නෑ ඇයි එහෙම හිතුණේ කියලා.. ඒත් එහෙම හිතුණා..”
ඔහුගේ දෙනෙත් විසල් විය. කෝපිහලේදී පැවසූ වදන් මෙන් නොව මෙවදන් ස්ථිරසාර බවත්, ඇය පවසන්නේ සැබෑම හැඟීමෙන් බවත් ඇගේ හැසිරීම් පැවසීය.
“සමු..”
“මම යනවා.. බායි.. මගේ කැබ් එක ඇවිත් ඇති..”
ඔහු යමක් කියන්නට උත්සාහ කළත් ඇය එසැණින් හැරී දිව යන්නට වූයේ ඔහු දබරැඟිල්ලෙන් යටිතොල පිරිමදිමින් එදෙස බලා සිටියදීය.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart