මලානික අයුරින් බැස ගිය හිරු පරිසරයට ගිල ගනිමින් සිටියේය. ලකිසුරු කියවමින් සිටි පුවත්පත නවමින් නැගී සිටියේ තවදුරටත් පැහැදිලි අකුරු ඒ මතින් දෑසට නොපෙනුණ නිසාය.
“මේවයේ ඉතින් තියෙන්නේ ආණ්ඩුව අරහෙම කළා මෙහෙම කළා කියලා. ඒ උනාට කාටද අප්පා කරලා තියෙන්නේ. අඟහරු ලෝකෙට වෙන්නැති.. අපේ රටේ මිනිස්සුන්ට යමක් කළා නම් මිනිස්සු මේ තරම් දුක් විඳිනවද?
තමාටම පවසා ගත් ඒ හඬ මඳක් ආවේගකාරී එකකි. ඇතුළට යොමුවුණු නෙතට පෙනුණේ තවමත් කළුවරේ ඇති නිවසය. ඉන්පසු මුවින් පිට වූ හඬෙහි පත්තර කියවා උපන් කෝපය කලකිරීම සේම සිය දියණියන් පිළිබඳ උපන් කෝපයත් එකසේම මිශ්‍රව තිබිණි.
****************************
“මං මේ කල්පනා කළේ කොල්ලයි කෙල්ලෙකුගෙයි ටෙලිෆෝන් කෝල් එකක් ද එහෙම නැත්නම් රාජකාරි මට්ටමේ කෝල් එකක් ද කියලා..”
“ඇයි..? කියන්න අවශ්‍ය පණිවිඩය කිව්වා. යාලු වෙච්ච මුල් කාලෙදිනේ ඉතින් මල් කඩන්නේ..?”
“මං එකඟ නෑ ඒ අදහසට.. යාළු වෙච්ච මුල් කාලේ තියෙන හැඟීමම ජීවිතේ අන්තිම වෙනකම්ම තියෙන්න ඕනේ…”
“ඒක හරි.. එක පැත්තකින් විතරක් තිබිලා මදි දෙපැත්තෙන්ම තියෙන්න ඕනේ..”
“දැන් එතකොට මෙතන කාගේ පැත්තෙන් ද තියෙන්නේ..? කාගේ පැත්තෙන් ද නැත්තේ..?”
“අපි ගැන නෙවෙයි මං කිව්වේ පොදුවේ..”
“හා හරි මං විශ්වාස කළා හොඳේ..”
ඇය සිනහ වී පඩිපෙළ නැග යන්නට ගියාය. වින්දන සෑම දෙයක් ගැනම දැඩි අවධානයෙන් පසුවෙනවා නේදැයි ඇයට සිතුනි. ප්‍රේමයෙන් බැඳුනු අයගේ කතාවල් එසේ නිම වන්නේ නැත. ඔහු නිවැරදිය.
Reviews
There are no reviews yet.