“අයියෝ දියානා නංගීට තරහා ගිහින්නේ.. චුට්ටක් රිලැක්ස් එකේ කතා කරන්න අපි කොහෙට හරි යමු ද? මට පුංචි දෙයක් කියන්න තියෙනවා ඔයාට..”
“අයියට පිස්සු ද? අයියා මාව කවුරු කියල ද හිතාගෙන ඉන්නේ..?”
“අපෝ මොකද මේ..? ඕනවටත් වඩා බයවෙලානේ ඔයා.. සමහරවිට ඔ්‍යාගේ ප්‍රහ්නෙට විසඳුම මම වෙන්න පුළුවන්.. මම මේ කිව්වේ දරුවෙක් ඉන්නවා නම් ඔයාටයි සදෙව්ටයි එකතුවෙන්න වුණත් පුළුවන්නේ ආයිත්.. මුහුදෙ නැව් ගියා කියලා පාරවල් හිටින්නේ නෑ නංගී.. ටිකක් මොළේ පාවිච්චි කරලා වැඩ කරන්න..”
“මොනවද මනුස්සයෝ කියවන්නේ මේ..?”
*******************************************************
කඳුළු බිඳු ඔහුගේ කමිසයට වැටෙන තරමට මම සඳෙව්ට ළං වී සිටියෙමි. අන් දිනවල මෙන් ඒ නෙතු මත වූයේ ආදරණීය බවක්ම පමණි. හෝරාවක් දෙක්ක ගෙවෙන්නට ඇත. ඒ කාලය තුළ වෙනස් කළ නොහැකි බොහෝ දේ සිදුවෙමින් තිබුණි.
“මම යන්න ඕනේ දියානා.. හෙට මගේ රෙජිස්ටේ්‍රසන් එක..”
සඳෙව් කීවේ බොහෝ වේලාවකට පසුය. ළය පැලී යන්නට ඒ වචන කිහිපය ඇතිය. සඳෙව් එබී බලා සිටියේ මගේ දෑස් වෙතට. මම හැඟීම් දැනීම් නොමැති සිත මරා දැමූ එකියක් සේ මද සිනහවක් නගා ගතිමි. යන්තම් හිස ද සැලුවෙමි. ඉන්පසු කලබලව ඇඳ පාමුල විසිරී තිබෙන ඇඳුම් සහ සාලුව රැගෙන නාන කාමරයට රිංගා ගත්තෙමි.
***********************************
“දියා.. මගේ ඇස්වලට පේන හැටිද නැත්නම් මට වැරදිලා ද..? හිතාගන්න බැරි මොකක් හරි වෙනසක් වෙලා තියෙනවා… මටම තේරෙන්නේ නෑ ඒ මොකක්ද කියලා..”
“නෑහ්.. එහෙම මුකුත් නෑ..”
“මට බොරු කරන්න ඔයාට හිතන්නවත් බෑ…”
“ඔයා මොකද ආවේ සඳෙව්.. අනික ඔයාගේ වයිෆ්.. එයා දන්නවද ඔයා මෙහෙම මාව හම්බෙන්න ආවා කියලා.. දරුවෙක් ලැබෙන්න ඉන්න ඒ අහිංසක කෙල්ලට දුකක් නොදී හිටියා නම් නේද හොඳ..”
Reviews
There are no reviews yet.