Sale!

තිමිර සඳ Thimira Sanda

Original price was: රු 1,500.00.Current price is: රු 1,200.00.

  • USD: 3.91$

Author – Tharuprabha Rathnayaka

Publisher – Nisa publishers

Year – 2025

Add to Wishlist
Add to Wishlist
SKU: TTN 001 Categories: ,
Guaranteed Safe Checkout
ධාර්යාට පියාව අහිමි කරන්නට යේත්රට කිසිසේත්ම නොහැකිය. ඔවුන් දෙදෙනාට දෙදෙනා පණ මෙන්ය. මෙතනදි දරදඬු විය යුතු එකම පුද්ගලයා තමාය. හදවත තුවාල වි ඇත්තේ දරුණු ලෙසය. එනමුත් මේ තමාගේ තුවාල ගැන සිතන්නට මොහොත නොවේ. අන් සියල්ලන්ම සමබර කර ඔවුන්ව නිවිය යුතු මොහොතයි.
“ළමයි සිය ගාණකගේ ඇස් පාදපු, වැඩිකාලයක් ළමයි එක්කම ගත කරපු එඩියුකේටඩ් මනුස්සයෙක් වෙලත් ඔයා මෙහෙම හැසිරෙද්දි හිතා ගන්න බෑ.. ඇත්තටම මට ලැජ්ජයි තාත්තේ ඔයා ගැන..”
“ධා.ර්යා..”
“අන්කල්..”
යේත්ර ඉදිරියේ උන් ධාර්යා සිය පියා දෙස බලාගෙනම කලකිරුනු නමුත් තීව්ර හඬින් කියන්නට වෙද්දි මෙතෙක් සියල්ල දෙස බලාගෙන උන් ඇගේ පියා ඈ වෙතට පහරක් ගසන්නට අත දිගු කළෙත් ධාර්යා පිටුපසට වී උන් යේත්ර ධාර්යාව තමාගේ පිටුපසට ගෙන ඔහු ඉදිරියට ආවෙත් එකටය.
“මගේ කෙල්ලට අතක් තියන්න එපා..”
යේත්රගේ කෝපය පිරුණු දෑස් ධාර්යාගේ පියාව දවා හළු කරන්නට සමත්ය. සාරවි හා චින්තා ධාර්යාව වරු කරගත්හ. ධාර්යා හඬනවාය. නැවත පිස්සියක මෙන් හඬනවාය. පොඩි කාලේ සිට මේ වන තුරු අතක් උස්සා නැති ඇගේ පියා අද කවරදාකවත් නොවූ ලෙස කෝප ගෙන තමාට අත උස්සද්දි ඇත්තෙන්ම ඇයට එය දරාගන්නට නොහැකි වූවාය.
“මං කිව්වනෙ අන්කල් ධාර්යාව අරගෙන යන්න.. හැබැයි මගේ කෙල්ලට හීරිමක් හරි වෙලා තිබ්බොත් මම ආය අන්කල්ට මේ විදිහට කතා කරන්නේ නෑ…”
දෑස් උපරිමයෙන් නපුරු කරගෙන කෝපයෙන් යේත්ර කියවාගෙන ගියේය. ඊටත් පසු ඔහු සාරවිට වාරු වී හඬනා ධාර්යාව තමා අසලට ගත්තේය.
“ම්..මට යන්.. න බැ… මට ඔයාව ඕ.. නේ අයියේ…”
යේත්රව දෝතින්ම බදා ගත් යුවතිය වැළහින්නක මෙන් හඬන්නට වෙද්දි සිය දෑස් සමාන්තරව හිස් බිත්තියක රැඳ වූ යේත්ර දත් මිටි කමින්, දෑත් මිටි මොළවා ගනිමින් සිය හැඟීම් දරා ගත්තේය. වේගයෙන් ඇසිපිය සැලුවේය. ධාර්යාව තමාගෙන් ඈත් කර ඈ දෑස් වලට එබුනේය.
*************************
විටෙක හන්තානට හිරු පායන අයුරු බලාගෙන දෙදෙනා මේ අක්බාර් පාළම මත සිටියහ. විටෙක හන්තාන මීදුමෙන් වසාගෙන වැහි වහින අයුරු බලමින් දෙදෙනා මෙහි සිටියහ. බොහෝ රාත්රින්හි හන්තාන අහසේ පායන තරු ගණන් කරන්නට, තරු දෙස බලාගෙන කතා කියන්නට ඔවුන් මෙහි ආහ.
ඉදින් පහළින් ගලා බසින මහවැලිය, ඈතින් වූ හන්තාන කඳු වැටිය, ෆයිනස් ගස් පෙළ, රොබරෝසියා පමණක් නොව නේක විධ වෛවර්ණ මල්, කොළපාටම වෙලාගෙත් සීතල පරිසරය මේ සියල්ල අද හිතුවක්කාර සඳ වෙනුවෙනුත් ඔහුගේ රොබරෝසියා මල වෙනුවෙනුත් ප්රේමණීය ගීතයක් මුමුණනු ඇත. ප්රේමයෙන් එක්වන, ඒ ප්රේමයෙන්ම වෙන්වන, සතුට මිහිර විඳින, සෝ සුසුම් හෙළන රොබරෝසියාව ප්රේමවන්තයින්ගේ තෝතැන්නක්මය.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart