Sale!

අනගි සිලිලාර – Anagi Sililara

රු1400

Author – Imesha Madavi
Year – 2023
Publisher – Sada Madavi

Add to Wishlist
Add to Wishlist
SKU: ASI 0002 Categories: , Tag:

මම මගේ ජීවිතේ උපරිමයෙන් වින්දා. මට හිතුණු දේ බය නැතුව හිතුවා. එතැනින් නැවතෙන්නේ නැතුව ඒවා මම බය නැතිව කතා කළා. තව මම අත දිග ඇරලා මම වෙනුවෙන් වියදම් කළා. හෙටක් නැති අනාගතයක් ගැන නොහිතා මම අද උදාවුණු වර්තමානයට ආදරය කළා. දැනුණු සතුටටම බැක් පැක් එක පිටේ එල්ල ගත්ත මම අංශක එකසිය විස්සට වගේ අනිත් පැත්ත හැරුණා විතරයි මෙන්න මම දඩාහ් ගාලා කාගේදෝ ඇඟේ හැප්පුණා.
“ශිට්..”
කවුදෝ එහෙම කියද්දී මම ආයෙම කැරකිලා කළුවරේම බැලුවේ මේ හැප්පිච්ච එකා මොකාද කියලා බලන්න. හයයි හතරේ සයිස් යක්ඛ වේසයෙන් බලාගෙන ඉන්න මාර පුත්‍රයෙක් මගේ නේත්‍රා දෙකට අහුවුණේ ඒ වෙලෙයි. හප්පොච්චි තාත්තේ. යක්ඛ පුතාගේ බඩේ ඉඳලා අදාළ බරපතල කලාපයත් පහුකරගෙනම හැලිලා ගිහින් තියෙන රතුපාට පැල්ලම අනිත් තත්තපරේ මගේ නේත්‍රා දෙකට අහුවුණා. මේ මොනවද මේකා මේ බඩ පුරාම හලාගෙන තියෙන්නේ හැබෑට.
‘උඩ බලාගෙන ද හලෝ යන්නේ..?”
යකඩෝ මූ… මම යන පාර මැද්දේ ලයිට් කණුවක් වගේ හිටගෙන ඉඳලා දැන් හැප්පුණේ මොකද කියලා මගෙන් අහනවා..

**********************************

“අඩ්ඩඩ්ඩා.. අනර් මේ බලපන්..”
හර්ෂිත කෑ ගහද්දී අනර්වා ඒ මූන දිහා බැලුවේ මොන කරුමයක් ද කියන බැල්මෙන්.. අද උදේ ඉඳලා ගේ දෙක කරන හර්ෂිතයි සසිදරන් නිසයි අනර්වාට එපා වෙලා තිබ්බේ.
“මොන කරුමයක්ද බන්..? යන්තන් වෙසක් පෝයට නිවාඩුවක් සෙට් වුණා.. නිදාග්නන දීපන්කෝ..”
“මේ මේ පිස්සු කෙළින්න එපා.. නැඟිටපන්.. ලෑස්ති වෙයන්.. අද දන්සැල් පෝලිමයි.. යකෝ උඹට මේවා අවුරුදු හතරක් මිස් වෙලා නේද තිබ්බේ..?”
හර්ෂිත කෑ ගැහුවේ අනර්වාගේ කකුලෙන් අදින ගමන්.
“ඇත්තමයි බන් උඹලා නම් බැරල් පිටින් පුරවලා ආව දේව සාප.. ඇමරිකාවේ ලංකාරාමේ ඔය තිබ්බේ දන්සැල්..” අනර්වා නැඟිට්ටේ කෙඳිරිගාමින්.
“අනේ මේ.. මෙහෙ දන්සැල්වල තියෙන ලල් එක ගන්න මොන රටකට ගියත් බැහැ. මේ ඒක නෙමෙයි අද අපේ දන්න කියින කීපදෙනෙක්ම හොස්ට් කරන දන්සැල් තියෙනවා..”
එදා මීගමුවේ හොටෙල් එකේදී අනර්වාගේ ඇඟට වයින් හැලුව අනගි ඊට පස්සේ දවසක මැරීන් බේ හොටෙලේදීත් වතුර හැලුවා කියලා දැනගත්තම දැන් සෙට් එකගේම සුපිරි බයිට් එක වෙලා ඉන්නේ අනර්වා.
“අනේ අනගියා දැක්ක කාලයක් මතක නැහැ..”
“මොකක් අනංගයා..” කිචන් එකේ කට්ටියටම කෝපි හදන සසිදරන් ඇහුවේ කෑ ගහලා.

*************************************

“තමුසේ හම්බුණොත් ඇත්නම් මගේ මෙතෙන්ටම බල බලා වතුර දාන්නේ ඇයි මගේ ඉණෙන් පල්ලෙහා පැළයක් තියෙනවා කියලා හිතුවද..? හම්බුණොත් මොනාහරි හලනවම තමා.. ශික්..” අනර් කේන්තියෙන් පිපිරී පිපිරී කිව්වා.
“අනගියා ඕකගේ ඔය ඉණෙන් පහළ තියේනනේ කැක්ටස් පැළයක් බබෝ.. අර කටු කටු හයිය පැළ.. පතොක්.. පතොක්.. අනා ඒ උනාට එව්වා මාර එක්ස්පෙන්සිව් බබා..” ඒ අස්සේ හර්ෂිත අයියා ඒක කිය කියා හැක හැක ගගා හිනාවෙනවා.
අපි හදපු ෆලූඩා බීලා මනුස්සයෙක් මෙහෙම අම්මා මෝ නැතිව හිනාවෙද්දී දැන් අහළ පහළ හැමෝටම ප්‍රශ්නයක්. බීම බොන අයට ඇත්තටම හිතෙනවා ඇති මේක පිස්සු ට්‍රිබල් වෙන ජාතියේ ෆලූඩා එකක් කියලා.. ඔය ජරමර අස්සේ ඔන්න අපේ වත්සලා අක්කා දුවගෙන ආවා.
“මොකද අනගි මොකක්ද අවුල..?”
“අනේ අක්කි මාර වැඩේනේ බීම හැලුණා..”
“අප්පා.. කප්ස් දෙකකට මෙච්චර හැලුණද..?”
“ඇත්තටම කෙීවොත් එතන හතරක් තිබ්බා..” මමනේ දන්නේ ඉතින් මම වැඩි සෙනෙහට හර්ෂිත අයියාට කෝප්ප හතරක් උස්සගෙන දිව්වා කියලා.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart