Sale!

මහසොහොන් Mahasohon

Original price was: රු1400.Current price is: රු1120.

Author – Chethana Nanayakkara
Year – 2023
Publisher – Sadee Publishers

Add to Wishlist
Add to Wishlist
Categories: , Tag:
Guaranteed Safe Checkout

” ඩොනල්ඩ් උඹ දැනගෙන හිටියේ නෑ අපේ තරම.උඹ දැනගෙන හිටියේ නෑ හරියටම අපි කවුද කියලා.අපි ගැන මැන්නේ සාමාන්ය හමුදාවේ සෙබලුන් දිහා මනින මිම්මෙන්.උඹ දන්නවද අපි කවුද කියලා?අපි ෆස්ලි ලාෆීර්ලගේ මිනිස්සු.මුලතිව් කඳවුර බේරගන්න හෙලිකොප්ටර් බාන්න බෑ කියද්දීත් පයිලට්ගේ ඔලුවට තුවක්කුව තියලා හෙලිකොප්ටර් එක බිමට බස්සවලා වැලි යට හැංඟිලා හිටපු කරුණා අම්මාන්ගේ එල්ටීටීඊ කාරයෝ එක්ක මරාගෙන මැරෙන්න සටන් කරපු අස්ලාම් ෆස්ලි ලාෆීර්ලගේ මිනිස්සු.අපි ජනරල් ජානක පෙරේරලගේ මිනිස්සු.හමුදාවේ දෙන්නෙක් විතරක් මැරිලා එල්ටීටීඊ එකේ 503 ක් එක තැන මරපු කරුණා අම්මාන්ලා තීපන්ලා අන්තම පරාජය ලබපු සටන් මෙහෙයවපු ජනරල් ජානක පෙරේරලගේ මිනිස්සු.අපි මහවිරු කර්නල් ලලිත් ජයසිංහලගේ මිනිස්සු.ශංකර්ලා,අමරන්ලා,චාල්ස්ලා උන්ගේ තැනේදිම මරලා දාපු ලලිත් ජයසිංහලගෙ මිනිස්සු.අපි කැප්ටන් සාලිය අලදෙනියලගේ මිනිස්සු.කොකාවිල් කඳවුර බේරගන්න ජීවිත දීලා සටන් කරපු සාලිය අලදෙනියලගේ මිනිස්සු.මැරෙනකන් සටන් කරලා සතුරට යටත් නොවී ස්වකීය ගිනි අවියෙන් ඔලුවට වෙඩි තියාගෙන මැරුණු ජයනාත් ගිනිමැලගේලාගේ මිනිස්සු.ඩොනල්ඩ් අපි එහෙම මිනිස්සු.ගහපු එක බෝම්බයකවත් සාක්ෂියක් ඉතුරු නොකරපු මරපු එක එල්ටීටීඊ කාරයෙක්ගෙවත් නම එලියට නොදුන්න පණ පුදා හරි මාතෘ භූමිය රකින සක්රයගේ දොර සදාකාලයටම විවෘත වෙන මේ මහපොලොවෙම ඉපදුණු මිනිස්සු අපි.කඩන්න බෑ කිව්ව තීපන්ගේ මුහමලේ කඩපු දිනන්න බෑ කිව්ව යුද්ධය අවුරුදු තුනකින් දිනවපු විශ්වමඩු පරන්තන් නාගර් කෝවිල් ඔඩ්ඩුසුඩාන් මාන්කුලම් හැම තැනකම නම තිබ්බ පරාජය ඉස්සරහා දණ ගහන්නේ නැති ඒ මිනිස්සු අපි ඩොනල්ඩ්”

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart