Sale!

එක අහසක් තරු දහසක් Eka ahaska Tharu dahasak

Original price was: රු1620.Current price is: රු1380.

Author – Oshadi Jayasinghe
Publisher – Storyflix
Year – 2023

Add to Wishlist
Add to Wishlist
SKU: EOS 002 Categories: , Tag:
Guaranteed Safe Checkout

දේශන හමාර වී නැවත නවාතැනට යාමට තරම් වේලාවක් නොවීය. විනාඩි කීපයක දුරින් තිබූ පාලෝ ඇල්ටෝ මාර්ගස්ථ හුවමාරුවට පා ගමනින් ගොස් බස් රියකට ගොඩවීමි. එල් කමිනෝ ඇවනියු වෙතින් බැස ගත් පසු රෙඩ් වුඩ් සමාජ ශාලාව පිහිටා ඇත්තේ විනාඩි හයක දුරකින් ය. ඒ වන විටත් සේවයට වාර්තා කළ යුතු වේලාව පසු කරමින් සිටි මම ඉක්මණින් කාන්තා විවේකාගාරයට ගොස් කළු පැහැ දිගු කලිසම ද රතු පැහැ කමිසය ද, ඇඟ ලා පිටතට පැමිණියෙමි. සිකුරාදා දිනයක් වූ හෙයින් සමාජ ශාලාව අන් දිනකට වඩා කාර්යබහුල වේ. බීම කවුන්ටරය අසළ රැඳී සිටි කළු ජාතික තරුණියට සුභ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කළ මම ඇගේ ඇණවුම පිළිබඳ විමසා සිටියෙමි. ඉන්පසු ඇරඹෙන්නේ යුද්ධයකි. සහෝදර සේවක සේවිකාවන්ට සිනහවකින් සංග්‍රහ කිරීමට හෝ කාලයක් නොලැබී යයි.
රාත්‍රී දහය පසුවන විට මා සිටියේ හෙම්බත් වීම ඉහත්තාවේය. දිගින් දිගටම හිටගෙන සිටීම නිසා දෙපා රිදුම් දෙයි. පෙරදා ද, කෙටි නින්දකට පමණක් හිමිකම් කියූ දෑස් සුවබර නින්දක් අයැදමින් සිටියි. මම හැකි තරම් වෙර යොදා ඉවසා සිටීමට උත්සහ දැරුවෙමි. සේවා මුරය හමාර වීමට තවත් දෙපැයක් ඉතිරිව ඇත. දකුණතින් රිදුම් දෙන උරහිස් වරක් පිරිමැදගත් මම බීම කවුන්ටරය අසල ඇති හිස් වූ වීදුරු ඉවත් කිරීමට පටන් ගත්තෙමි.
“අමා.. මොකද අමාරු ද..?” අයකැමි යන්ත්‍රය අසළ මුදල් ලබා ගනිමින් සිටි ජෙනි බිල් පතක් කේතනය කරමින් ඇස් අගින් මා දෙස බැලුවාය.
*****************************
H 1 වරග්යේ එන්ජිම ප්‍රවාහනයේදී එහි ගබඩා වූ ස්ථිති විද්‍යුත් ආරෝපණ හදිසියේම එය රොකට්ටුව මත පතිත කිරීමේදී පොළොව හා සම්බන්ධ වී ඇති අතර එහිදී ඇති වූ ආරෝපණ හුවමාරුව තවත් තීන්‍්‍ර කිරීමට රොකට්ටුව සෑදීමට භාවිතා කර තිබූ විද්‍යුත් සන්නායක අමුද්‍රව්‍ය හේතු වී ඇත. එහිදී හටග්ත ගින්න විශාල පිපිරුමක් බවට පත් ව තිබුණේ පෑස්සීමේ කටයුතු සඳහා භිවාත කරමින් සිටි ඔක්සිඇසටලින් දැල්ල හා ඒ වෙනුවේන ගෙනැවිත් තිබූ ඔක්සිජන් සිලින්ඩර හේතුවෙනි. තාක්ෂණික කමිටුවේ තීරණය පොලීසියේ පරීක්ෂණ දත්ත සමඟ සැසඳුණු හෙයින් කිසිදු සඟවාගත් අරමුණක් අපගේ කණ්ඩායමට නොතිබූ බව ඔවුන්ට ඒත්තු යන්නට ඇත. එම නිසා හදිසි අනතුරක් ලෙස සලකා කටයුතු කරන බව පොලීසිය විසින් දැනුම් දුන් බව මාධ්‍ය සාකච්ඡාව අවසානයේ විලියම් කූපර් මහතා විසින් හෙළිදරව් කළේය.

*******************************

 

වෙරල මත සිටින කිසියම් අයෙකුගේ දෑස ඍජුව මා වෙත යොමුව ඇති බව දැනුනේ ගැහැණු ඉවටය. මම ඉක්මනින් හිස හරවා මෙපිට වෙරල දෙස බැලුවෙමි. පළමුව හඳුනා ගත හැකි වූයේ දීප්තිමත් නිල් පැහැයකින් යුතු ස්කේටින් බෝඩයයි. දෙවනුව එය ඔසවාගෙන පැමිණෙන දේහදාරී පුරුෂයා හඳුනා ගතිමි. බොහෝ දුර අන්ත දෙකක වූ අපගේ දෑස් එකිනෙක හමු විය. ඉන් බොහෝ කලකට පෙර සිටම ඒ දෑස් තිබෙන්නට ඇත්තේ මා මත බව තවදුරටත් රහසක් නොවේ. තත්පර කිහිපයක් විනාඩි කිහිපයක් වී ගතව යන විටද අප සිටියේ එකිනෙකා දෙස බලාගෙනමය. මින් පෙර සෑම මොහොතකම හැර ගිය බැල්ම වෙත මම කාන්දමකින් මෙන් ඇලී සිටියෙමි.
අවසානයේ කොහේදෝ සිට දුව ආ බිල් දුරකථනය ජේඩ්න් අතට දෙන තෙක්ම අප සිටියේ පෘතුවි ඛගෝලයෙන් පිටත කොහේදෝ තැනක නිදහසේ පාවෙමිනි. ස්කේටින් බෝඩය බිල් අතට ද දුරකථනය ජේඩ්න් අතට ද හුවමාරු වී ඔවුන් වෙරලින් මෑතට විට තවත් වරක් අළු පැහැ දෑස් එසවී මගේ මුහුණ මත නතර විය. මම ආපිට හැරුනේ උණුසුම්ව ඇති කොපුල් තල දෑතින්ම මිරිකා ගනිමිනි. පහලට යාමට ඇති වූ කෝල බව උදෑසන හත පසුවී විනාඩි කීපයක් යන තෙක්ම මා තව දුරටත් කාමරයටම කර තැබුවේය. අවසානයේ දුරකථනය හඬනැගුවේ රවීගේ අංකයෙනි.
”උදේම ඇහැරිලා සඳලුතලයට වෙලා හිටපු කුමාරිකාව ආයේ නිදිද?.” ඇමතුමට සම්බන්ධ වූ සැනින් නැගුනු පැනය මා ගොළු කර දැමුවේය. කොතැනක හෝ රවී නොදුටු බව ප්රත්යක්ෂය.
”ආ… මො… මොකක්ද කිව්වේ?.” ගොතය අතරින්ම අපහසුවෙන් විමසා ගතිමි.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart