ශෙනායා තමා ඉදිරියට එන කඩවසම් තරුණයා දෙස බලා සිටියේ පුදුමයෙනි. ඔහුගේ දෙනෙත්වල වූයේ වෙනස්ම පැහැයකි. කුස්සියේ වූ විදුලි එළි නිසාවෙන් එහි පැහැය හඳුනා ගන්නට නොහැකි වුවත් එම දෑස් බොහෝ සුන්දර විය. මෙතරම් තරුණ ප්‍රධානියෙකු ඇය බලාපොරොත්තුවෙන් නොසිටියාය. සමීර ද ඔහු දෙස නෙත් දල්වාගෙන බලා සිටියේ ඇය සේම පුදුමයෙන් වග ඇයට වැටහිණි.
“හායි ගයිස්, අයෑම් සසිඳු සිත්මල්.. සූ චෙෆ්.. වෙල්කම් ටු ද මේන් කිචන්..”
ඔහු තමාව හඳුන්වා දෙමින් දකුණත, ශෙනායා වෙතට දිගු කළේය. කමිසයෙන් අඩක් විවරව තිබූ ඔහුගේ දකුණත වැසී තිබුණේ වර්ණවත් ටැටූවලිනි.
“හා.. හායි.. අයෑම් අසලි ශෙනායා..”
ඇය අපහසුවෙන් හඬ අවදි කර ගනිමින් අතට අත දුන්නේ ඔහුගේ අත දෙස බලාගෙනමය.
*********************************
හිරු බැස ගොස් තැන් තැන්වල විදුලි බුබුළු එක දෙක දැල්වෙමින් තිබුණේ කළුවර වෙන පරිසරය එකළු කරන්නටය. ඈත මුහුදේ ද නැව් හා බෝට්ටුවල විදුලි එළි දිලිසුණේ අමුතුම හැඩතල මවා පාමිනි. ශෙනායා කාමරයේ ඇඳ මත එරමිණිය ගොතාගෙන වාඩි වී ජනේලය හරහා බලා සිටියේ ඒ එළි දෙසයි. ඒ එළි දෙසට දිව යන්නට ඇත්නම්, සීතල ලවණ ජලයේ ගිලී නාන්නට ඇත්නම් යැයි ඇයට සිතිණි.
රෑ බෝ වෙද්දී මලිඳුගේ අතේ පැටලී වෙරළ තීරය දිගේ පිය මනින්නට ඇත්නම් යැයි සිතෙද්දී ඇගේ ගත කිලිපොලා ගියේ නොදැනීමය. තමාව නිවසට ඇරලවන්නට කතා කොට දමා ගිය දිනයෙන් පසු දෙදිනක් ගෙවුණත් ඔහු දැක ගන්නට ඇයට අවස්ථාවක් නොලැබුණේ සිතට පාළුවක් ද එක් කරමිනි. දුටු දිනම ඒ රුව කෙරෙහි සිත ආශක්ත වූයේ මන්දැයි ඇය දැන නොසිටියාය.
**********************************
“එතකොට ඔයා කියපු සසිඳුත් මෙයාද සිල්වි අක්කේ..?”
නදිනි එක්වරම ඇසුවේ දෙනෙත් විසල් කර ගනිමිනි.
“ඔව්..”
ඇය පැවසුවේ දත්මිටි කමිනි.
සරත් හා නිර්මාණි සිටියේ දැඩි අපහසුවකිනි.
සසිඳු, යුවතියන් දෙස බැල්මක් හෙළා ස්ටූලය මත තිබූ තවත් බීම වීදුරුවක් අතට ගත්තේය.
“සරත්, මම මෙහෙම දෙයක් ගැන නම් හිතුවේ නෑ… කලින් එෆෙයාර් එක කැඩුණාම මගේ දුව ගොඩක් දුක් වින්දා.. මම කැමැති නෑ මෙහෙම කෙනෙකුට මගේ දුව දෙන්න..”
මංජුල පැවසුවේ කලකිරීමෙනි.
“මාත් කැමැති නෑ අන්කල් ඔයාගේ දුවව ගන්න..”
*****************************************
ඇයට සැනසුම් සුසුමක් හෙලුණේ සරත්ගෙන්වත් පසිඳුගෙන්වත් ඇය හඳුනනා අන්දමේ බැල්මක්වත් නොවැටුණු නිසාය.
“වැස්සක් වැහලා පෑව්වා වගේ..” මෙත්සලා මිමිණුවාය.
“මට හිතාගන්න බෑ අපේ ලව්ගුරු මේකේ අයිතිකාරයෙක් කියලා.. මෙච්චර ඉඳලා අපි දන්නේ නෑනේ..”
නෙහාරා පවසද්දී අසිත නිහඬ සිනාවක් පෑවේ එම සත්‍යය දැන සිටියේ ඔහු පමණක් නිසාවෙනි.
“රවීශ කරලා තියෙන දේ.. හිතාගන්න බෑ.. ඒ මදිවට සසිඳුට කිව්ව දේවල්..”
සමීර පවසද්දී අසිත හිස සැලුවේ ඔහුට එකඟ වෙමිනි.
“ඒක නම් ඇත්ත.. මම රවීශ ගැන කවදාවත් ඒ විදියට හිතුවේ නෑ.. හිතා ගන්න බෑ.. සසිඳුවට මළ පැනලා ඇත්තේ…”
Reviews
There are no reviews yet.