එය 1972 වසරට අයත් එක් අවාසනාවන්ත දවසක් විය. මා උපන්ගම වූ සැම්රොන් යොන්ග් වෙත කඩා වැදුණු ඛේමර් රූජ් භටයෝ? ගම්මනාය විනාශ කර එහි පදිංචිව සිටි ජනතාව පලවා හැරියහ. මගේ පියාට අයත් වූ ගෙයත් කොහු මෝලත් විනාශ කර දමන ලද්දෙන් අපට සිදුවූයේ රැකවරණය පතා පෙනොන් පෙන්ග් නගරය බලා පලා යන්නටය.
ආර්ථික වශයෙන් ශක්තිමත්ව සිටි මපියා අපේ මුළු පවුලටම සැනසිල්ලේ ජීවත් වීමට තරම් මුදල් උපයා තිබිණි. එහෙත් රජයේ හමුදා පාලනය යටතෝ පැවැති පෙනෙන් පෙන්ග් කරා අපට පලා යන්නට සිදුවූයේ හිස් අතිනි.
කෙසේ වුවත් එම වසරේ අග භාගයේදී මට වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වීමේ වාසනාව ලැබිණි. එහේත උපන් ගම්බිම් හැර එන්නට සිදුවීමේ අවාසනාව වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වීමට ලැබීමේ වාසනාවට හැම විටම අභියෝග කළ බැවින් ඉගෙනීම සඳහා මුදල් සොයා ගැනීමට ද සිදු විය.
**************************************
හ්වොයි සොයා ගන්නට බැරිව දුකින් ගෙවුණු කාලයේ කළ කී දේවල් ඇය සොයා ගිය තැන් ගැන මම හ්වොයිට කීවෙමි.
ඇය සියල්ල අසා සිටියේ කඳුළු පිරුණු ඇස් වලිනි.
“මමත් හැම දවසකම නින්දට ගියේ හෙටවත් ඔ්‍යාවා හමුවේවා කියන ප්‍රාර්ථනාවෙන්. උදේට නැඟිට්ටේ අද ඔයා හමුවෙයි කියන සිතුවිල්ලෙන්..” හ්වොයි කීවාය.
අපි දෙදෙනා එදා රාත්‍රියේ ගං ඉවුර අද්දරට වී එකිනෙකා වැළඳගෙන සිටියෙමු. ඇගේ සුවඳ පෙර හුරු පුරුදු වූ ආදරයේ සුවඳම බව මට දැනිණි.
**************************************
විය ගහට පිරිමැදුණු බෙල්ලෙහි දිය පොක්කලන් මතු වී පුපුරා ගොස් වේදනා දෙන්නට පටන් ගෙනය. හරකුන් හා මිනිසුන් එකට බැඳ සී සාවන්නට තරම් මේ මිනිසුන් කුරිරු වූයේ කෙසේද. සියලු ජනතාවට සමතැන් ලබා දෙන සමාජවාදයට දොර විවර කර දෙන විප්ලවය මේකද? එසේනම් මේ විප්ලවය මෙනා තරම් ජඩ ද
මගේ සිතුවිලිවලට නිමක් නැත. මේ නරුම විප්ලවාදීන්ගෙන් පලිගැනීමේ චේතනාව මොහොතින් මොහොත හිතට වද දෙයි.
එහෙත් මම වහලෙක්මි.
Reviews
There are no reviews yet.