තනිකම දරුණුවට දැණුනු එක්තාරා කාලයක මුළු ලොවින්ම සැඟවි ඒ ගත කළ කාලය තාමත් සුන්දර සනිටුහනක්ව කසුන් මනුරංගගේ හිතේ තැම්පත්ව තිබිණි. සමහර දිනවලට එවැනි ස්වයං වාරණ පනවා ගනිමින් තාක්ෂණය හා සමාජය ඇතැර යාමෙන් තමාට තමා හමුවිය හැකි බව නැවුම් මිනිසෙක්ව පැමිණිය හැකි බව කසුන් මනුරංග අත්දැක තිබුණු දෙයකි. පෙර වසරවලදි එහෙම ස්වයං වාරණ පණවා ගත්තා මතකය. එවැනි තැන්වල සැරසරමින් ස්වභාව දහමට කිට්ටු වු හැටි කදිමය… එහෙත් නාද්යා හමුවු පසු ඒ සියල්ල වෙනස් විය. හිත සැනසුනේ නිවුනේ ඇය හමුවේ පමණි…
“එහෙම කරපන්.. දෙන්නාට වෙඩින්නම් ගන්නම බෑම කියනවානේ… පවියි මායි කතාවුනේ මේ දෙන්නා යන්න කලින් ඉන්න කට්ටිය සේරටම ඉන්වයිට් කරලා පාටියක් ඇරෙන්ජ් කරන්න…“
“ඒක හොඳයි… දෙන්නා මැරි කරනවා දැක්කේ නැති උනාට මුන්ට කියලා තිබ්බේ නැත්නම් කොල්ලයි කෙල්ලයි පව්… දෙන්නාට සමාජෙට උත්තර දිදි ඉන්න වෙන්නේ…“
“හ්ම්.. කොල්ලායි කෙල්ලයිත් පව් එතන විතරක් නෙමෙයි. මෙතනත් පව්..“
ඒ කියුව වටහා ගන්නට කසුන් මනුරංග චේතිය දෙසට බැල්මක් හෙළුවේය. චේතිය කතා කරන්නේ තමා ගැන බව දැනෙද්දි කසුන් මනුරංග යලි මාවත දෙස බැළුවේය.
“නිකං කෙල්ලට කෝල් එක්ක අරන් බලන්නද මම… මොකද වෙන්නේ කියලා“
කසුන් ඊට කිසිත් කිවේ නැත චේතිය දුරකථනයෙන් ඇගේ නම්වරයට ගෙන බැළුවේය.
**********************************
**********************************
“මං ගිලිහිලා යන්න ගිය තාරකාවක්…මාව ආයෙමත් අහසේ මුදුනේ රැන්දුවේ ඔහු…හැමදාමත් මම ආදරයෙන් ගෞරවයෙන් ඔහුව සිහිපත් කරනවා…මගේ ජීවිතේ දෙවියන් ඉන්න තැන අනිත් අයට නැති දේවරූපයක් තියෙනවා…දෙවියන්ට හැමතැනකම ඉන්න බෑ කියන්නේ බොරු… දෙවියෝ මනුස්සයෝ වගේ වෙස්වලාගෙන එනවා වේලාවකට… එහෙම ඇවිත් අපට උදව් කරනවා…මම දන්න එහෙම දෙවි කෙනෙක් ඉන්නවා…“
“කතාවක් තියෙනවා හැම සාර්ථක මිනිහෙක් පිටුපසම ඉන්නේ ගැහැණියක් කියලා…ඒත් මගේ සාර්ථක ගමන පිටිපස්සේ ඉන්නේ යෝධයෙක්…ඒ යෝධ මනුස්සයා නොවෙන්න මම පොළවට පස්වෙච්ච තවත් එක් අවසනාවන්ත කඳුළක්…ලෝකේ කොයි කොනේ හිටියත් මම දන්නවා ඒ ඇස්වල දැන් ඇත්තේ ආඩම්බරකාරි බැල්මක්…ඒ එයාගේ නිෂ්පාදනය සාර්ථක නිසා. මේ ගමන එන්න යෝධ ශක්තියක් මට දුන්නේ ඔහු නිසා…මාව මේ මාවතේ එව්වේ අතින් අල්ලන් එක්ක ආවේ ඔහු නිසා…“
“ඔව් මට පොත ලියලා කියන්න දෙයක් තිබුණා…අපේ දූවරු රැකගන්න…එයාලා හරි පව්…ලොකු උනාම එයා ඩොක්ට කෙනෙක් උනත් ගණිකාවක් උනත් එයා කාගේ හරි දුවෙක්. එයාව ඒ තත්වෙට පත් කරන්නේ සමාජය… කවුරුත් ඉපදෙනකොට තීරණ කරන්නෑ එයා කවුරු වෙනවාද කියලා. ඒත් පහුකාලීනව සමාජය තීරණය කරනවා එයා කවුරු විය යුතුද කියලා… එයාට එයා වෙන්න බැරි ලෝකයක් ඇතුලේ එයාව කවුරු හරි නරක කෙනෙක් කරන්න ඔයාලා දායකවෙන්න එපා…“
“අද විදෙස්ගත වෙන එක විලාසිතාවක් වෙලා…ඒත් රට යන අම්මලාට මම කියන්නේ… කවදාවත් දුවලා කා ලඟවත් දාලා යන්න එපා…ඒ දරුවාගේ ඇතුලාන්තය මරා දැමිමක්…පියා හැරයාමට වඩා දරුණු ඛේදවාචකයක් මවක් හැරයාම කියන්නේ…ඒක දුවලාට විතරක් නෙමේ පුතාලාටත් එහෙමයි…මං දන්නවා ආර්ථිකය සමාජය වගේ කාරණා නිසා අම්මලාට විදෙස්ගතවෙන්න වෙනවා…ඒත් අම්මලා හැරගිය දුවලාට වෙන අගතිය කවදාවත් පිරිමහන්න බෑ… අම්මලාගේ රැකවරණය අපේ දුවලාට අත්යාවශ්යයි… අපි අපේ වර්ගයා වෙනුවෙන් වගකිමෙන් මෙන්ම යුතුකමෙන්ද බැදිලා ඉන්නවා කියලා හැම දුවෙක්ගේම අම්මා කෙනෙක්ම තුන්තිස් පැයේම හිතන්න ඕන… ගතවෙනා හැම තප්පරයකම තමන්ගේ දුවගේ ආරක්ෂාව තියෙන ඉටුදෙවියා අම්මා කියලා අම්මලා දැනගන්න ඕන… තමන්ගේ දුවගේ හොඳම යාළුවා අම්මා වෙන්න තරම් අම්මා දුවට කිට්ටුවෙන්න ඕන…“
Reviews
There are no reviews yet.