උදේට හීලට මී මුත්තිට කෑම බීම හම්බවෙනවා. ඒ හින්දා ඉර නැගෙන්නහෝරාවක් තියලා එයා යන්න යනවා. එයාට තියෙනවා කේතුමතියට ඇතුලු වෙන්න අවසරපතක්. අවසර පතක් කියන්නේ, ඒක පළඳනාවක්. ඒකේ රතු පාට, නිල් පාට මැණික් කැට ඔබ්බවලා තියෙනවා. මට හිතේ ආසා ඇරගන්නවත් ඒක අල්ලලා බලන්න හමුවෙලා නෑ. මං දැකලා විතරයි තියෙන්නේ.
අපි ඉන්නේ මන්දාරම්පුරේනේ. මන්දාරම් පුර මැද තමා කේතුමතිය තියෙන්නේ. මේ හිමාද්‍රාව තියෙන්නේ මන්දාරම් පුරයේත් කෙළවරක. පුංචි පුංචි ගම් කන්දරාවක් පහු කරන්න ඕනෙලු කේතුමතියට යන්න. මට මේවා කියන්නේ අපේ මී මුත්ති තමා. නැතුව කිසි දවසක හැබැයින් මේවා දැකලා නෑ. හිමාද්‍රා කඳු පන්තියයි කැලයයි අසළ තියේනනේ අතරින් පතර ගෙවල් කිහිපයක් විතරයි.
*****************************
මං සයනයේඉන්නකොටම එයා මගේ ඇස් උඩින් අත අරගෙන ගියේ හරියට මගේ අභ්‍යන්තරය කියවන්න වගේ. මට කොච්චර මිනිස්සුන්ගේ ඇතුළාන්තය කියවන්න පුළුවන් වුණත් ඉන්ද්‍රජිත් කුමාරයාගේ හිත් තියවන්න බැරිවුණා.
ඉන්ද්‍රජිත් කුමාරයාගේ අතේ තිබ්බ සකස්මිය දැකලා මට මතක් වුණේ සිද්ව.මට සකස්මි ලියපු සිද්ව. හිමාද්‍රාවේ පාළු මකපු සිද්ව.
“තමුන් මේ මුළු කේතුමතිය පීරලා හරි ඔය හිතේ ඉන්න එකාව හොයාගන්නවා. හොයාගෙන මට කියනවා..”
එයා කොහොමද සිද්ව දන්නේ..? මගේ හුස්මත් හිර වුණා.
“හොයාගත්තත් නොකියා ඉන්නවා මං..” ඒ මම.
මට හිතුවක්කාර වීමට සිතී තිබුණා.. මට සලකන්නේ යම් සේද, මටද එසේම සලකන්නට සිත් වී තිබුණා.
“කේතුමතියේ ප්‍රධානියාට තොරතුරු හංගන එක දඬුවම් ලැබිය හැකි වරදක්..”
මට කට උත්තර නැති වුණා.
“අඥාන අලේ..”
එහෙම මුමුනමින් එයා යන්න හැරුණා.
Reviews
There are no reviews yet.