Sale!

හීන් ඇඳිරි මල් Heen Adiri Mal

රු1280

Heen adiri mal
Chandi Kodikara
Publisher – Rathsara Poth
2024

Add to Wishlist
Add to Wishlist
SKU: HCR 000124 Categories: , Tag:
“අම්මා..”
හිටි හැටියේම කුස්සිය තුළින් සනාරාගේ කටහඬ ඇසිණි. ඒ ටික වේලාවකට කලින් ඇසුණ රළු හඬ නොව ඇයට ආවේණික මුදු හඬය. උදිතා මොන තරම් කලබල වී ද යත් නැගිටින්නට ගිය ඇය පය පැකිළී නැවතත් එතැනම ඉන්දවුණාය. කුමාර ගේ අතේ වූ පිහිය කකුල මතට ඇද නොවැටී බේරුණේ අනූනවයෙනි.
“නංගී..”
කියාගෙන විහාරා ඉගිලෙන්නාක් මෙන් කුස්සියට දිව ආවාය.
“මයෙ අම්මා..”
උදිතා දණිපණි ගා කුස්සියට පැමිණ පොඩි දුවගේ සියොළඟ අත ගා බැලුවේ තමා සිහිනයක් නොදකින බව පසක් කර ගන්නටය.
“පුතේ..”
කුමාර වහා ඇය තුරුළු කර ගත්තේය. උපැස් යුගල නැති වීම හැරෙන්නට කිසිදු වෙනසක් ඇගෙන් විද්යාමාන නොවිණි.
“ඔයාලා මට සමා වෙන්ට.. බොරුවට කලබල වෙලා අයෙමත් මම ඔයාලට දුක් දුන්නා..”
සනාරා අප්පච්චිගේ තුරුලේ හිඳිමින් අනෙක් දෙදෙනා දෙස බලා කීවේ හැඬුම් මුසු හඬිනි.
****************************************
“ශ්රී ලංකා ඒ ටීම් එකේ කෝචින්වලට රිෂිකේෂ් තෝරාගෙනලු.. හැබැයි නියමයි ඈ.. එයා කැප්ටන් වෙලා හිටිය කාලෙ එංගලන්ත ටීම් එක මැච් කීයක්නම් දිනුව ද..? නිම්සිත්ලව හොඳට ප්රැක්ටිස් කරලා ගනියි..”
යකාගේ කම්මල සමානව අවුල් වුණ සිය යෙහෙළියගේ සිත ගැන හාංකවිසියක් හෝ නොදැන සිටි ප්රණීතා කියාගෙන ගියේ පුවත්පත දෙචස බලාගෙනමය. ක්රිකට් තරඟාවලියක් රූපවාහිනියෙන් විකාශය වෙද්දීත් එය නොපෙනෙන නෑසෙන මානයට යන්නට පුරුදු වී සිටි, ක්රිකට් ගැන කිසිදු උනන්දුවක් නැතැයි අනෙක් අයට ඇඟවූ දුලන්යා රිෂිකේෂ්ගේ මෑත අතීතයේ තොරතුරු කිසිවක් දැන සිටියේ නැත. ඔහු එංගලන්ත කණ්ඩායමේ නායකයා වන්නේ නම් හොඳයයි ඇය සිතූ කාලයක් තිබිණි. එහෙත් නායකයා ලෙස ඔහු සාර්ථක වූ එකම තරඟයක්වත් බලන්නට ඇයට වාසනාවක් නොවිණි.
“ඇයි එයා දැන් එහෙ ක්රිකට් ගහන්නෙ නැද්ද..?”
ඇය අඳුරේ අතපත ගාන්නියක මෙන් විමසුවාය.
“එයා හතළිස් ගණන්වලදි රිටයර් වුණානෙ.. මං හිතන්නෙ දැන් පනස් පහකට වැඩියි.. ඒත් බලපන්කො තවමත් ඉලන්දාරියා වගේ ඉන්න ලස්සන.. ලෝබකමේ බෑ..”
ප්රණීතා කීවේ රිෂිකේෂ් ගැන සියලු තොරතුරු දන්නා බැව් අඟවමිනි. ඔහු ගේ වයස පනස් පහට වැඩි බැව් දුලන්යා දැන සිටියාය. ඔවුන් දෙදෙනා හමු වන විට ඔහු සිටියේ තිස් ගණන්වල මුල් භාගයේය. දැන් නිම්සිත්ගේ වයසත් අවුරුදු විසි හතරකි.
“අනුන්ගෙ මිනිස්සු ගැන ලෝබකම් කරන්නෙ නැතුව ගිහින් අර බර්ත් ඩේ ඉවෙන්ට් එකේ ඩිටේල්ස් ටික චෙක් කරපන් ප්රණී..”
ඇය කීවේ ඇය සිය සිත තවත් අවුල් කරනු ඇතැයි සිතූ නිසාය.
“එයා දැන් කාගෙවත් නෙමෙයි.. රිටයර් වෙන්න ටික කාලෙකට කලින් එයා ඩිවෝස් වුණානෙ..”
ප්රණීතා සිනාසෙමින් ඉවතට ගියේ දුලන්යාගේ හිස මතට පරමාණු බෝම්බයක් අත් හරිමිනි.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart