“සෙතෝ.. සෙතෝ.. උඹ කොහෙද බං..”
ඒ පාර තවත් වහුකුණෙක් ඇවිත්. කතා දෙකක් නෑ ඒ අපේ ‘සොරෝ’ ගේ කටහඬ.
ඌට ‘සොරෝ’ කියලා නම වැටුණේ අර කාටුන් චරිතේ නිසා කියලාද ඔයාලා හිතන්නේ.. පිස්සු හැදෙයි. කාටුන් සෝරෝට කරන්න පුළුවන් දේවල්වලින් සීයෙන් පංගුවක්වත් මූට කරන්න බෑ.. මූ මේ සෝරෝ කියලා ජනරජ ව්‍යවස්ථාවට අනුව වෙනස් කරගෙන තියෙන්නේ අපි සීරෝ කියලා උප්පැන්නෙන් රෙජිස්ටර් කරපු නම. මොකද මූ කරන හැම වැඩක්ම ඉවර වේනනේ බින්දුවෙන්.
පුංචි කාලේ ඉඳලම සීරෝ කියලා කිව්වට මේ වහුකුණා ඒ ලෙවල් පන්තියට ආවට පස්සේ ඒක වැදගත් විදියට සෝරෝ කියලා සංශෝදනය කරගෙන.
****************************
“ම..ච..ං සෙත්.. අර..”
මෙන්න යකඩෝ මේ හාදයා ඒ පාර හොල්මනකට බය වලො වගේ වචන ගොත ගහනවා.
“ඇයි..”
මං හිතුවේ නියරේ සර්පයෙක්වත් ඇති කියලා. ඒත් ටෝච් එක හොඳට බිමට අල්ලලා බැලුවත් මෙලෝ සතෙක් පේන්න නෑ..
“අර ඉස්සරහ..”
ඔන්න ඒ පාර තමයි මං අතේ තිබුණ ෆෝන් එක වෙලේ ඉස්සරහට ඇල්ලුවේ. දෙයියනේ. මෙන්න සුදෝ සුදුවට ලොකු ඡායාවක් අපේ පැත්තට ටික ටික පාවෙලා එනවා. මේ මොකක්ද මේ.
****************************
“සුදු පුතේ.. උඹ හැමදාම හවසට ඔය ඉලව් පන්තියට යන්න පටන් ගත්තට පස්සේ මට පාළුයි බං.. උඹ ඇරෙන්න මේ ගෙදර ඉන්න අනිත් උන් මාත් එක්ක කතා කරනවයැ බං..”
මයුමි අක්කයි නිකේෂයි දෙන්නා තරාදියක දෙපැත්තට දාලා කිර කිර ඉද්දී සීයා ඇවිල්ලා දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කරන්න පටන් ගත්තා.
“මොනවා කරන්නද සීයේ. අතට සම්තින් එකක් එන හින්දා යන්න ගත්තා මිසක් මාත් මේ ආසාවෙන් යන ගමනක් නෙමෙයි. එක දවකට දෙදාහක් කිය්නනේ සීයේ මාසෙකට ගේමක් නැතුවම විස්සකට එහා කඩන්න පුලුවන්…”
****************************
මයුමි අක්කව නර්සින් හෝම් එකට බාර දීපු දවසේ දැක්කට පස්සේ අද වෙනනතුරුත් මං එයාව ඇහැටවත් දැක්කේ නෑ. ඇත්තටම එයා වෙනුවේන එච්චර දෙයක් කරපු අපිට එයාව බලන්න යන්න බැරිකමක් තිබ්බේ නෑ. මොකද කෙල්ල ගාව නතර වෙලා ඉන්නෙත් නිකේෂා කිව්වනේ. එහෙව් එකේ අපිට කිසි ගේමක් නැතුව හොස්පිට්ල් එකටම ගිහින් එයාව බලලා එන්න තිබුණා.
ඒත් එදා රෑ ඉඳලා මට මයුමි අක්කගේ මූණ බල්නන බැරි මොකක්දෝ මන්දා අවුලක් වගේ දෙයක් දැනෙන්න ගත්තා.
Reviews
There are no reviews yet.