“මට මැරෙන්න දීපං දස්සා.. මට මැරෙන්න දීපං..”
හැරී නොබැලුවත් මිතුරා පැමිණ ඇති බව දැනුණු හෙයින් ඒ හඬ පෙර තරම් වියරු නැත.
“මැරෙන්න තරම් ප්‍රශ්න උඹට තියෙනවද රශී..”
දසුන්. රශ්මිතගේ මනස නිරවුල් කරනු පිණිස නිවුණු හඬින් ඇසීය.
“මාව පිච්චෙනවා බං.. ඇත්තටම පිච්චෙනවා..”
“ඔය උඹට නින්ද යන්නේ නැති නිසා..”
************************
“මං මෙතුවක් දැක්ක පුදුම ම දෛවය තියෙන්නේ ඔබටයි පුතේ.. වාසනාව.. අවාසනාව දෙකම එක පිට එක පෙරළි පෙරළි ඔබට පහර දෙනවා..”
වනවාසී හිමිනම ඒ කතාව කීවේ කැලෑ සීමාවේ පර්වතයක් අභියසට පැමිණ උන් තරුණයින් දෙදෙනා දෙස බැල්මක් හෝ නොහෙළාය.
“එහෙමයි…”
මිමිණුවේ රශ්මිත නොව දසුන් ය.
“ඔබට කිසිම දෙයක් මහන්සියේන හම්බ කරන්න ඕනේ නෑ.. හැමදේම මෑනියෝ ඔබේ අතට ගෙනත් දෙනවා.. ජීවිත කාලෙම රස්සාවක් කරන්න අවශ්‍යතාවයක් නෑ..”
“හ්ම්ම්..”
************************
හිස වටා වෙළුම් පටි ඔතා අසරණ පෙනුමක් ගෙන උන් මිතුරා ගැන අනුකම්පාවෙන් යුතුව දසුන් ඔහුගේ හිස අතගෑවේය. නමුත් එම අනුකම්පාව එක්වරම පුදුමයක් වූයේ රශ්මිත සිය හිස මත තිබූ දසුන්ගේ අත වැරෙන් අල්ලා ගත් නිසාය.
“රශී.. ඹ නිදි නැද්ද..”
ඒ හඬ පුදුමයෙනි.
“නින්ද යන්නේ නෑ දස්සා..”
“යකෝ.. උඹට නින්ද යන්න බෙහෙතුත් විදලලු තියෙන්නේ..”
ඔහු අසනීපයෙන් බව අමතක වූ දසුන් කීවේ තරමක උස් හඬිනි.
“මෙච්චර නිදි පෙති බීළත් නින්ද යන්නේ නැති මට මේවා අහන්නේ නෑ බං..”
රශ්මිත කීවේ ලොවම කලකිරුණු ස්වරයෙනි.
Reviews
There are no reviews yet.