“එයා අප්පච්චි කවුද කියලා දැනගත්තා.. එයාගේ වැරැද්දක් නැහැ අප්පච්චි.. මමයි නොකියා හිටියේ. එයා දැනගෙන හිටියා අප්පච්චි ඉන්නේ වෙනම කියලා. ඒත් අප්පච්චි නුවන් දෑලබණ්ඩාර කියලා දැන ග්තතාම එයාට ගොඩක් තරහ ගියා.. මොකද එයා මට එයාගේ පවුලේ විස්තර හැමදේම කිව්වා. මමයි කිසිම දෙයක් කිව්වේ නැත්තේ.. ආදරය කියන දේ මම හරියටම ඉගෙන ගත්තේ එයාගෙන්. මම ඒ ආදරේ අඩුවක් නැතුව වින්දා.. සම්බන්ධයකදී තියෙන්න ඕනේ අවංකභාවය කියන කාරණාවේදී මම වංක වුණා අප්පච්චි.. එයා හරිම අවංක නීතියට වැඩ කරන කෙනෙක්..”
***********************************
කකුලේ වෙඩි වැදුණු තුවාලයක් හොඳටම පැසවලා ඉදිමිලා තිබෙනවා දකිද්දී මට හැමදේම තේරුම් ගියා.. තුවාලේ පැසවලා ආව උණට වගේම දවසක් දෙකක් වැස්සේම තෙමී තෙමී නිරාහාරව ඉන්න ඇති කියන සාධාරණ සැකය මගේ හිතට එද්දී මම පළමුවෙන්ම කළේ මේ මනුස්සයව ඇඳට ගෙනියන්න උත්සාහ කරපු එක. බෙඩ්ශීට් එක පිටින්ම පොළව දිගේ ඇදගෙන ගිහින් මම කාමරේ ගාවින් නැවතුණේ හතිදාන ගමන්. මගේ අම්මෝ මේ මනුස්සයගේ බර.. මම එහෙම හිත හිතා ඉණට අත් දෙකත් තියාගෙන කල්පනා කළේ මේ මනුස්සයව ඇඳට ඔසවලා තියන්නේ කොහොමද කියලා. අනේ ඇත්තමයි මේ ගමකට ඇවිත් මට වෙච්ච වින්නැහියක්..
***************************************
පොඩ්ඩෝ දෙන්නගේ වගේම අම්මගේ ඇඬුම්බර මූණු සිපගෙන මමයි තේමියි ආපසු එන්න පිටත්වුණා.
“සූරි අපි මෙහෙම්ම අනුරාධපුරේ යමු.. අප්පච්චි කිව්වා ඔයාගේ ඇඳුම් බෑග් එකක් පීරිස් අන්කල් අතේ හෙට මැදවච්චියේ එවන්නම් කියලා. එතකොට ඔයාට මහන්සියක් නැහැ. හෙටත් ඉඳලා අනිද්දම වැඩට යන්න පුළුවන්..’ තේමි එහෙම කියද්දී මෙතුවක් වෙලා හිරකරගත්තු දුක මට දරාගන්න බැරිම තැනදී තේමිගේ උරහිසට බරවෙලා ඇඬුවා.
“මට පාළුයි මහත්තයා..” ලොකු සුසුමක් හෙළපු තේමි කැබ් එකපාර අයිනකට කරලා නැවැත්තුවා.
“මටත් පාළුයි සූරි.. තවත් නුවරඑළියේ ඉන්නේ නැතුව මම ඔයාව මෙහෙම එක්කගෙන ආවෙත් ඒකමයි.. මේ දවස් දෙකේ මගෙත් එක්ක ඉන්නකෝ. මම වීකෙන්ඩ් එකේ එන්නම්..”
Reviews
There are no reviews yet.