”ඔයා අර ඇඟිලි සලකුණු වාර්තාවක් ගැන අහලා තිබුණනේ. එතන පොඩි ප්රශ්නයක් වෙලා..”
සියපත් කරුණු විමසනු වෙනුවට රණගල මහතා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව කරුණු කියන්නට වූවේය.
“ඇයි සර්.. ඒ වාර්තාවෙන් කිසි දෙයක් හොයාගන්න බැරිවෙලා ද..?”
ඈ විමසුවේ කුතුහලයෙනි.
*********************************
“ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින්ම අනුන්ගේ පවුල් කඩලා දාලා දැන් මෙතන ඇවිත් දහයට ගණින්න බැරි විදියට බෝධි පූජා තියනවා.. ඒවායේ විපාක තමයි ඔය පල දීලා තියෙන්නේ..”
ඔවුන් සමීපයට පැමිණි වැඩිමහල් කාන්තාව මෙය පන්සල් භ-ූමිය බවවත් තැකීමක් නොකර වාග් ප්රහාර එල්ල කළාය.
“අනේ අම්මේ.. මෙතන කෑ ගහන්න එපා.. ඔවා ගැන දැන් කතා කරන එකේ තේරුමක් නෑනේ..”
තරුණිය, සියපත් හා ගඟුලි දෙස ලැජ්ජාවෙන් බලා සිය මව නිහඬ කරවීමට අසීරු උත්සාහයක් දැරීය.
“අනේ මගෙන් මුකුත් නාහා හිටින් මද්දු.. මෙච්චර කල් කෑ නොගහා හිටපු නිසා තමයි මේවා මේ විදියට විසඳුණේ. කොහොමටත් ගහේ කටු උල් කරන්න ඕනේ නෑ කියනවනේ.. මුන්ගේ අම්මලා ආච්චිලා හිටන් හැමදාම කළේ පිරිමින්ට ඉනා දීපු එක..”
********************************
සියපත් චතුරට කියා ගෙන්වාගත් කිරිටොපි කෑලි පාර්සලයක් ද රැගෙන පතිරත්න බංගලාවට පය තබද්දීම ඇගේ මුහුණට මුණ ගැසුණේ චේතනාය. මෙහි පැමිණි මුල් දිනවල සියපත් දෙස සැක සහිතව බැලූ ඈ සියපත්ට කියා හඳහන බලවගත් දා පටන් ඈ ගැන තරමක පැහැදීමෙන් උන්නාය.
“අද හවස් වෙලා..”
සියපත්ව දුටු මතින් චේතනා කීවේ සිනා රහිතවය.
“මං ගඟුලි නංගිට පොඩි කෑමක් හදාගෙන ආවා.. එයා උඩ ඉන්නවා නේද..?”
“ම්.. ඇති බලන්න..”
Reviews
There are no reviews yet.