Sale!

Mandodari මන්දෝදරී

Original price was: රු1200.Current price is: රු960.

Book – Mandodari

Author – Pawani Umayangana

Publisher – Pawana creations.

Publishing Year – 2024 (2nd print)

Add to Wishlist
Add to Wishlist
SKU: MPP 0001 Categories: , Tag:
Guaranteed Safe Checkout

“තරුණ කුමරුන්ට යුද්ධෝපාය ඉගැන්විමට අපූරු කෙළියක් මෙය.. සුර්පණකා කුමරිය දන්නවද මේ කෙළියෙහි නිර්මාතෘ කවරෙක්ද කියා..?” කාලනේමී අසද්දී සුර්පණකා මඳ සිනාවක් පෑවාය.
“ඔබ විශ්වාස කරන එකක් නෑ මාමණ්ඩි ඒ කවරෙක්ද කියා පැවසුවහොත්..”
සුර්පණකා සිනාමුසුව කියද්දී කාලනේමී සේම රාවණ ද ඇය දෙස බැලුවේ කුතුහලයෙනි.
“මෙය නිර්මාණය කර ඇත්තේ තරුණියක්.,”
“ඇය කිනම් ප්‍රදේශයක තරුණියක් ද?”
රාවණ විමසුවේය.
“ගෝකණණ් ප්‍රදේශයේ.. ඇය, මයදානව ගෘහ නිර්මාණ ශිල්පියාගේ දියණිය.. මා ඇසූ අන්දමට ඇගේ නම මන්දෝදරී..’

***********************************

මන්දෝදරී, තමන් නොවැටෙන්නට දී රැක ගත්තේ කවුදැයි බැලුවේ කලබලයෙනි. සිය දෙනෙත් ඉදිරිපිට සිටි කුමරු දුටු ඇයට සිතුණේ තමන් සිහිනයක් දකින්නාක් බඳු හැඟීමකි.
ඇය සිය දෙනෙත් පිස දමා ගත්තාය. යෙහෙළියන් දෙස ද බැලුවාය.
“රාවණ කුමරු..” ඇය මිමිණුවාය.
“ඒ මා තමා මන්දෝදරී.. ඔබ සිහිනයක් දකිනවා නොවේ.. මේ සැබෑවටම මා..” කුමරු ඇගේ දෑතින් අල්ලා ගත්තේය.
ඇගේ දෙනෙතින් කඳුළු කඩා හැලෙන්නට විය. ඇය හඬනවා දුටු කුමරු කලබලයට පත් විය.
“ඇයි මේ..? මාගෙන් කිසියම් වරදක් වූවා ද?”
ඇය දෙපසට හිස සැලුවත් ඇයට කතා කර ගැනීමට නොහැකි විය. කුමරු ඇගේ දෙනෙත් පිස දැමුවේය.
“මන්දෝදරී.. මෙතෙක් දිනක් ඔභ ගැනම සිත සිතා හිටියේ.. ඒ නිසා ඔබ දුටුවාම ඇයට සතුට වාවා ගත නොහැකි වෙන්නට ඇති කුමරුනි..”
චානි කියද්දී කුමරු සිනාසුණේය.

***********************************

“ර.. රජතුමනි..”
ඇය මිමිණුවේ දැඩි සේ බියපත් හඬිනි. ඇගේ උරහිස දෙසම බලා සිටි රාවණ ඇගේ මුහුණ දෙස බැලුවේ ඒ මොහොතේ දුටුවෙක් දෙස බලන්නාක් බඳුවය. බඳ වටා වූ දෑත ඉවතට ගත් රාවණ, ඇගේ තෙත හිසකෙස් එහාට මෙහාට කළේය. හිසත් නළලත් අතර කෙස් අතරේ සැඟවී තිබූ කුඩා උපන් ලපය ඔහුගේ දෙනෙතට ලක් විය.
“කිමෙක් ද?”
ඇය විමසුවේ ඔහුගේ ස්වභාවය වටහා ගත නොහැකිවය.
එම උපන්ලප දුටු රාවණාගේ සිතට දැනුණු රාගී සිතුවිලි සියල්ල ගිනි පුපුරු මතට ජලය වැටුණාක් බඳුව නිවී ගියේය. ඔහුගේ මනසට පිවිසියේ මන්දෝදරීය. උරහිසේ ඇති ආකාරයේ උපන්ලප මන්දෝදරීගේ සිරුරේ ද තිබෙන බව ඔහුට සිහිපත් විණි. තමා ඇයට වරදක් කරන්නට ගිය බව ඔහුට හැඟිණි.
“මට සමාවෙන්න සීතා.. මොහොතකට මගේ සිත කලබල වුණා.. මගෙන්ඔබට වරදක් සිදු වුණා නම් සමාවෙන්න..” ඔහු බැගෑපත් හඬින් පැවසුවේය.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart