Sale!

Idin Premiya ඉදින් ප්‍රේමිය

රු1200

Author – Pawani Umayangana

Publisher – pawana creations

Year – 2022

Add to Wishlist
Add to Wishlist
SKU: IPP 223 Categories: , Tag:

“මොන කරුමයක්ද වීනාශ් මේ..? මම ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ද හිරකාරයෙක් ද..? අවුරුද්දකට වැඩි කාලයක් මම ඔයාගේ හිරේ ඇතුළේ.. ඔයා ජේලර් වගේ ඔයාට කැමැති කැමැති දේ කර කර මට නීති දදා හිර කරනවා.. මම ඇට මස් නහරවලින් හැදුනු මනුස්සයෙක් වීනාශ්.. වැරැද්දක් නොකරම හිරේ යන්න මම මොන කරුමයක් කරල ද..? ඔයාට කැමැති වුණු එක ගැන, ගෙදරට මේවා කිව්ව එක ගැන මම දැන් පසුතැවෙනවා… මීට වැඩිය හොඳයි ඔයා මාව එක පාර මරලා දැම්ම නම්…”
හඬා වැටෙමින්ම නොනවත්වා කියාගෙන ගිය ඇය එතැනින් ඉවතට දිව ගියේ ඔහු ගල් ගැසුණාක් මෙන් ඇය යන දෙස බලා සිටියදීය.
එවදන් තවමත් ඔහුගේ සවනේ දෝංකාර දුන්නේ සිත රිදවමිනි.

************************************

“පිස්සු රෝමියෝ..”
ඇය පවසද්දී ඔහු උස් හඬින් සිනාසී සිය ඇඳුම් අල්මාරියෙන් කළු පැහැ ටී ෂර්ටයක් හා සැහැල්ලු කොට කලිසමක් මෙට්ටය මතට දමා ඔහු වෙනුවෙන් ද ඇඟලුමක් ගත්තේය.
“මෙන්න ඇඳුම්.. ෂෝර්ට් එක ඇඳලම නෑ.. ටී ෂර්ට් එක නම් එක සැරයක් වගේ ඇන්දා..”
“හා..”
ඇය අමනාපයෙන් මෙන් මුමුණද්දී ඔහු නොදැනුවත්වම ඇගේ කම්මුලක් මිරිකුවේ ය.
“ඕප්ස්.. සොරි සමනලී.. ඔයා කැමැති නම් මේවා චේන්ජ් කර ගන්න.. මොනවා හරි ඕනේ නම් කතා කරන්න.. මම එළියෙන් ඉන්නම්..”
ඔහු කලබලයෙන් පැවසුවේය. ඔහු එක්වරම කම්මුල මිරිකද්දී ඇය තිගැස්සුණත් ඔහු කෙරෙහි අමනාපයක් නම් ඇති නොවිණි.

****************************

“අපිට බබාලා ඕනේද මැණික..? එයාලත් මං වගේ වුණොත්.. මං වගේම අසරණ වුණොත්..”
ඔහු විමසුවේ මොහොතක නිහැඬියාවකට පසුවය.
“අනූ,.. එහෙම වෙන්නේ නෑ.. ඕක ජානමය ලෙඩක් නෙමෙයිනේ.. ඔයා අර නික්ගේ පොත් කියෙව්වනේ.. එයාගේ බබාලටත් ප්‍රශ්නයක් නෑනේ.. අනික අපිට පුළුවන්නේ ඩොක්ටර් කෙනෙක් ලවා චෙක් කර ගන්න.”
“ඒ හැමදේම හරි.. ඒත් මට වගේ වුණොත් මොකද කරන්නේ..?”
ඇය නැඟිට පොළව මත එරමිණිය ගොතා ගත්තේ සිය ඇඳුම ද සකසා ගනිමිනි.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart