Sale!

Husmata Pawa Rahasin හුස්මට පවා රහසින්

රු480

Author – Rangana Dilshan
Publisher -Shadow creations

Availability: 2 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: HRS 0003 Categories: , Tag:

“මං හිතුවේ ඔයා අද ක්ලාස් යයි කියලා..”
“පිස්සු ද මිස්ටර්… මගේ බෙස්ට්ම ෆ්‍රෙන්ඩා මෙහෙම හයේ හතරේ ඒවා ගහනකොට මට ක්ලාස් එකේ අර කම්මැලි පාඩම් අහගෙන ඉන්න පුළුවන් ද..?”
කෙල්ල මගේ කොණ්ඩෙ අතින් අවුල් කරන ගමන් හුරතල් විදියට හිනාවෙවී කිව්වා.. තාත්තා තියා අම්මාවත් මැච් එක බලන්න ආවේ නෑ.. ඒත් බලන්නකො වින්ඩි ඇවිත්.. මේ ලෝකේ හැමදේකටම වඩා වටින්නේ හොඳම හොඳ යාළුවෝ කියන කතාවත් බලාගෙන ගියාම ඇත්ත තමා.

******************************

“මොකක්ද තේමිය ඔය අතේ තියෙන පෙට්ටිය..?”
මිස් වේවැලත් අරගෙන අපේ පැත්තට එන ගමන් ඇහුවා. හරි පුතෝ. අද නම් බබා හම්බවෙයි වගේ. දැන් ඉතින් දීපංකෝ උත්තර..
“මො.. මොන පෙට්ටියද මිස්..?’
මිස් බෑග් එක යට තිබ්බ කේක් පෙට්ටිය අතට ගත්තා. ඇතුළෙ තියෙන කේක් එක බලන්නේ නැතුව දැන්ම පෙට්ටිය දුන්නොත් තමා හොඳ.. කොහෙද ඉතින් තත්ත්පරයක්වත් ගියේ නෑ මිස් පෙට්ටිය ඇරලා බැලුවා. බලාගෙන ගියාම මිස්ටත් ඕනේ නැති දෙයක් නෑ.

****************************************

“මේකයි පුතා.. මං මෙච්චර කල් හිතාගෙන හිටියේ ඔයයි, වින්ඩියි එකතු වෙයි කියලා..”
අපොයි දෙයියනේ.. බලාගෙන ගියාම තාත්තා ඉන්නෙත් අපේ රුසිරුවගෙම බෝට්ටුවෙනේ.. හැමෝම මට ජෝඩු කරන්න හදන්නේ වින්ඩිව.. මොකක්ද අප්පා ඒකිගේ මේ තරම් තියෙන විශේෂත්වේ..
“මේකයි පුතා.. වින්ඩි ඔයා ළඟ පොඩි කාලේ ඉඳන්ම ඉන්න යාලුවා.. ඔයාගේ දුකේදීයි, සැපේදීයි දෙකේදිම මටයි අම්මටයි වඩා ඔයා ළඟ හිටියේ වින්ඩිනේ.. තාම ඔයා ඔයාගේ දුක කියන්නෙ එයාටනේ.. පොඩ්ඩක් දැඟලිල්ල තිබ්බට ඒ ළමයගේ හිත හොඳයි කියලා මං හොඳටම දන්නවා.. ඉතින් ඔයාලගේ යාළුකම ආදරේකට පෙරලෙයි කියලා මං හිතුවේ..”

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart