අළු යට සැඟවුනු ගිනි පුපුරු මෙන් ඒකපාර්ශවීය ප්‍රේමය නැවත හිස ඔසවා අවදි වෙද්දී මම දෙනෙත බිමට බර කළෙමි.
“පොඩි පුතා..” නැන්දා තරවටු ස්වරයකින් මිමිණුවාය.
“එහෙම යන්න හිතුණම යන්නයි එන්න හිතුණාම එන්නයි මේක අම්බලමක් නෙමෙයිනේ..”
නැන්දාගේ තරවටුව ගණනකට නොගෙන ඔහු කියන්නේ මා දෙසම බලාගෙන වග දැනුණ ද මම හිස නොඑසවීමි. ඔහුගේ නපුරුකම් ඉදිරියේ කිසිදා නොවැටුණු කඳුළු අද වැටුණේ ද නැත.
“පොඩි පුතා.. ඇයි මේ දරුවගේ හිත රිදවන්නේ.. හැම පැත්තෙන්ම තැලෙනවා අසරණී..”
නැන්දා තරවටුව දැඩි කොට කීවාය. අග්‍ර නිහඬ වූයේ කෝපයේන බව වැටහුණි.
තැලෙනවා.. තැලෙන්න ආස නිසාද හිතුවක්කාරි ගියේ..?”
ඔහු අසන්නේ කෝපයෙනි.
පේශල අයියා කළ කී වෙනස්කම් ඔහු දැනගෙන ඇතුවාට සැක නැත. මේ වන විටත් අක්කා ද කන් පිරෙන්නට අසාගෙන ඇතුවාටත් කිසිදු සැකයක් නැත.
“ආව නම් පණ්ඩිත නොවී ආයිම පාඩම් කරන්න පටන් ගන්න එකයි ඇත්තේ..”
*******************************************
මසිත් හා මිහිලි දෙදෙනා භාවිතා කළ කාමරය ඇය වෙනුවෙන් වෙන් කිරීම ද එම සැලසුමේම කොටසකි. අයියාත් අක්කාත් දැනට මා විසින් භාවිතා කරන කාමරයේ සිටි කාලයේ දරුවන් දෙදෙනාව නිරීක්ෂණය කිරීමට සම්බන්ධ කළ බේබි මොනිටරය තවමත් එම කාමරයට සම්බන්ධ කොට ඇත. එය දන්නේ අයියාත් මමත් පමණි.
එහි ඩිවිආර් යන්ත්‍රයත් දර්ශන තිරයත් අයියාගෙන් ලබා ගත්තේ ධාරා අක්කාටත් රහසිනි. එය මා හට ලබා දෙමින් අයියා සමච්චලයට සිනාසුණේ විවිධ අදහස් සිත ඇතිව බව දන්නා නමුත් ඒවා සියල්ල ඉවසා සිනාසුණෙමි.
ඇය උදෑසන අවදි වන වේලාව පිළිබඳ අදහසක් ලබා ගැනීමට සිතා බේබි මොනිටරය ක්‍රියාත්මක කොට ඇඳ අසළ තබා ගත්තේ ඉතා සුළු හඬකට පවා අවදිවීමේ හැකියාව මත විශ්වාසය තබමිනි. ඇය කාමරයෙන් පිට වෙද්දීම බේබි මොනිටරය නිවා දමා නිදි ඉරියව්වක සිටියෙමි. සිතා මත නොකළත් කාමරයේ දොර අඩවල් කොට ය. සිහින් චිරිස් නාදයකින් එය විවර වේදදී ගැඹුරු නින්දක වේශයක් මවා ගන්නට සමත් වුණෙමි.
සෙමෙන් අඩි තබා පැමිණි ඇය මිමිණූ සියල්ල සිනා නොවී අසා සිටියේ හදවත කිති කැවෙද්දීය. මා ඇයගේ බඳවටා බාහුව යවා ඒ කුඩා සිරුරම යහනට බර කර ගතිමි. ඇයටත් සිතා ගත නොහැකි නිමේෂයදී පොපියන රෝස ලවන් අත්පත් කර ගතිමි.
*******************************************
එක්වරම නිවසේ ඉදිරිපස විදුලි පහන් දැල්වුණි. කුඩා විදුලි බුබුළු වැල්වලින් හැඩකොට ඇතුළුවීමේ දොරටුව සරසා තිබුණේ යන වදන හැඩ කොට ගෙනය.
හොඳින් බලන කල මුළු නිවසම තෑගි පාර්සලයක් සේ පෙනෙන ලෙස කුඩා විදුලි බල්බ සහිත වැල්වලින් සරසා තිබේ. කිසිවකට නොහඬන, කිසිසේත්ම නොසැලෙන සංවේදිත්වයක් නොපෙන්වන චූටි මැණිකේ හඬාගෙනම අග්‍ර ගමාරච්චිගේ ගෙලේ එල්ලුනාය.
“මෙකාටද මෙච්චර ආදරේ කරන්නේ..?” ඒ ගෙල පාමුල මුහුණ සඟවාගෙනම අසද්දි ඔහු මා තදින් තුරුළු කර ගත්තේය.
“දැන් ඔතන ඔහොම ඉන්නද කල්පනාව..?”
අප දෙදෙනාට පිටුපසින් ධාරා අක්කාගේ හඬට හැරී බලද්දී මසිත් මිහිලි දෙදෙනා ද කැටුව සිනාසෙමින් සිටින අක්කා මා දෙසට ඉඟි කලාය.
“හොඳ දෙයක් වේනන යන්නේ කියලා දන්න නිසානේ බොරු කියලා එව්වේ ඉතින්..” මගේ බැල්ම හඳුනාගත් ඇය සිනාසෙමින් කීවාය.
*******************************************
“ඔයා හිතනවද මල්ලී ඔයාට ඩිවෝස් එක දෙයි කියලා..”
නිහඬ බව බිඳ දැමුවේ අසේකා අක්කාය. මම ටයිල් පොළොවට සිනාසුණෙමි. එය කොතරම් අපහසු වෙනු ඇති ද..?
“මං දන්නෑ..”
සෙමේන මිමිනුවේ එබැවිනි.
“හිතට දැනෙන දේ කරන්න හිතන්න එපා නංගී.. අනික මෙයාගේ තාත්තාගේ ආදරේ එයාගේ අයිතියක්.. ඒක එයාගෙන් උදුර ගන්න ඔයාට කිසිම අයිතියක් නෑ.. අනික කිසිම සාධාරණ හේතුවක් නැතිව..”
අසේකා අක්කා අවධාරණයෙන් කියා සිටියාය.
Reviews
There are no reviews yet.