Sale!

Dewadara දේවදාරා

Original price was: රු 2,000.00.Current price is: රු 1,600.00.

  • USD: 5.26$

Author – Pawani Umayangana

Year – 2025

Publisher – Pawana creations

Add to Wishlist
Add to Wishlist
Categories: , Tag:
Guaranteed Safe Checkout

“හෙලෝ..”
මොහොතකින් ඔහුට ඇසුණේ නිදිබර හඬකි.
“කෙල්ල නිදි ද..?” ඔහුට ඉබේටම ඇසිණි.
“නෑ නානවා.. මේ රෑ නිදියන්නේ නැතුව ඇහැරලා ඉන්න පිස්සු කියලා හිතුවද මනුස්සයෝ..”
නිදිමතේ, නොරිස්සුම් සහගතව නෝක්කාඩු කියන මෙතුවිගේ හඬට අකේන් තනිව සිනාසුණේය. ඔහු නිකමට මෙන් ඔරලෝසුව දෙසට නෙත් හෙලුවේය.
“ඕ ෂිට්..”
එහි වෙලාව රාත්‍රී දොළහමාර ලෙසින් සටහන්ව තිබෙනු දකිද්දී ඔහු මුමුණා ගත්තේය.
එතරම් වේලාවක් ගත වූ බවට හැඟීමක්වත් ඔහුට නොවිණි.
“සොරි දහරා..”
“කව්ද මේ..? ඇයි අකේන් වගේ කතා කරන්නේ..?”
දුරකථනය විසන්ධි කරන්නට උත්සාහ කරන විටම ඇය ඇසූ පැනය නිසා ඔහු දුරකථනය යළි සවනට තෙරපා ගත්තේය.
“ඇයි අකේන් කොහොමද කතා කරන්නේ..?”
“දහරා කියලා..”
ඇය සිනාසෙනු ඇසිණි.
‘මේකි නිදි ද? නැත්නම් බීල ද මෙහෙම කියවන්නේ..?’
ඔහු ජනේලය වසා දමා යළි ඇඳ මත වැතිරුණේ තනිව සිනාසෙමිනි.
“ම්ම්ම්.. එයා විතර ද ඉතින් දහරා කියන්නේ..?”
“හ්ම්ම්ම්.. ඔයා කව්රු වුණත් කමක් නෑ තියන්න ෆෝන් එක.. එයා මගේ හීනෙක ඉන්නේ..”
මෙතුවිගේ නිදිබර වදන් හමුවේ, ඔහුට සිනාව නවතා ගැනීමට අපහසු විය. ඔහු ඇමතුම විසන්ධි කර දමා නිදහසේ සිනාසුණේ ඇයට නිදා ගන්නට ඉඩ දෙමිනි.
“පිස්සු කෙල්ලෙක්..” හිස දෙපසට සලා සිනාව නවතා ගනිමින් ඔහු, ලබාදීමට අවශ්‍ය පණිවිඩය කෙටි පණිවිඩයක් ලෙස අකුරු කළේය.
“හෙට හවසට මාත් එක්ක තියටර් යන්න රෙඩි වෙන්න.. උදේ ගිය ගමන්, මම කිව්වා කියලා, හංසනව, (ඔයා එව්ව රිපෝර්ට්ස්වල අයිතිකාරයාව) එම්ආර්අයි එකකට ගෙනියන්න.. අර්ජන්ට්..”
දුරකථනය පසෙකින් තබන්නට පෙර, ඔහු දෙවෙනි පණිවිඩයක් ද අකුරු කළේය.
“උදේට මගේ මූණ බලන්න පුවළුන් විදියේ හීන විතරක් දකින්න..”

*******************************************

“බයි සෙක්ෂුවල් කෙනෙකුට ආදරේ හිතෙන්නේ, ලිංගිකව හැසිරෙන්න පුළුවන් වෙන්නේ එක පාර්ශවයක් එක්ක විතරක් නෙමෙයි. හෝමෝන වෙනස්වීම් එක්ක, ඒ අයට ගෑනු පිරිමි ට්‍රාන්ස්ජෙන්ඩර් ඔය ඕනම කෙනෙක් ගැන අදහස් පහළ වෙන්න පුළුවන්. ඒ නිසා බයි සෙක්ෂුවල් කෙනෙක් මැරි කරද්දී, තමන්ට ජීවිත කාලෙම ජීවත් වෙන්න පුළුවන් පාර්ශ්වය මොකක්ද, ඇත්තටම එයාලා ආදරේ කාට ද, සැටිස් වෙන්නේ මොන පාර්ශ්වය එක්ක සෙක්ස් කළොත් ද කියලා පරිස්සමින් තෝරා ගන්න ඕනේ. මොකද වැරදි තේරීමක් කළොත් ඒක ජීවිත කාලෙටම බලපාන නිසා…”
ඔහු දීර්ඝව පැහැදිලි කළේය.
“එත.. එතකොට ඔයා..? අනික ඔයාට එහෙම හැමෝටම හිත යනවද..? හැමෝම එක්ක ඉන්නවද..?”
අකේන් සිනාසෙමින් සිය නළලත පිරිමැද ගත්තේ ඇගේ බොළඳ සිතුවිලි නිසාය.
“දහරා.. ඔයා, පිරිමි එක්ක වර්ක් කරනවනේ.. ඔයාට දකින හැමෝටම හිත යනවද..? හැමෝම ගැන මොනවා හරි හිතෙනව ද..?”
“නෑ..”
ඇය කෝපයෙන් මෙන් පැවසුවාය.
“සේම්.. ගේ වුණත්, බයි සෙක්ෂුවල් වුණත් එහෙම දකින දකින හැම එකාටම හිත යන්නෙත් නෑ.. හැමෝම එක්ක ඉන්න හිතෙන්නෙත් නෑ.. ඔයා සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක වෙනස් මිනිස්සු අමුතු සත්තු ගාණට දාලා බලන්න එපා.. නෝර්මල් විදියට හිතන්න බලන්න..”
ඇය සුසුමක් හෙලුවාය.

***********************************************

‘අකේන්’ යන නම ඇසෙන විටම ඇය වේගයෙන් ඇඳෙන් බිමට පැන්නාය. දොර විවර කර සැණින් දොර අසළ සිටි තනුරුගේ උරහිස් තදින් ග්‍රහණය කර ගත්තේ සිදුව ඇත්තේ කුමක්දැයි විමසමිනි.
“තාත්තලා දුවලා පුතාලා හැමෝම කරේ තියාගෙන හිටියනේ දොස්තරව..”
එක්වරම උදානිගේ සරදම් සහගත හඬ ඇසෙන විට, මෙතුවි එදෙස බැලුවේ කුතුහලයෙනි.
“මොකක්ද වෙලා තියෙන්නේ..?”
එක්වරම නින්දෙන් අවදි වීම නිසා පීඩාවට පත් හිස ද තෙරපා ගනිමින් ඇය ඇසුවේ තිදෙනා දෙසම මාරුවෙන් මාරුවට බලමිනි.
“අර ඔයාගේ යාලුවා අමන්දිට හම්බවෙන්න හිටිය බබා දොස්තරගෙලු..”
“මොකක්.?” ඇය උස් හඬින් කෑ ගැසුවේ විසල් කර ගත් නෙතිනි.
“අමාට බබෙක්.. අකේන්ගෙන්..?”
හිසේ ඇති බර ගතිය නිසාදෝ ඇයට ඔවුන් පවසන දේවල් නිවැරදිව ග්‍රහණය කර ගන්නට නොහැකි විය.
“අනේ අම්මා කියන දෙයක් පැහැදිලිව කියන්නකෝ.. මොකද මල්ලී වෙලා තියෙන්නේ..?”
“උදේ මම තාත්තා එක්ක ඉස්කෝලෙට යද්දී හොස්පිට්ල් එක හරියේ අකේන් අයියට විරුද්ධව කැලෑපත්තර ගහලා.. හොස්පිට්ල් එකේ නර්ස්ලට එයා ළමයි දෙනවලු.. නයිට් ඩියුටි දවසට හොස්පිට්ල් එකේ හරි හරි වැඩ කරන්නේ අලුත් දොස්තර. එහෙම කියලා පෝස්ටර්ස් අලවලා තිබ්බා…”
මෙතුවි සිටියේ කුමක් කියන්නද අසන්න ද සිතා ගත නොහැකිවය.
පෙරදින සවස රෝහලෙන් පිටව එන විට නොතිබූ දේ බොහොමයක් ගෙවී ගිය රාත්‍රියේ සිදු වූයේ කෙසේදැයි ඇයට සිතා ගත නොහැකි විය.
“කොහොමද එහෙම වෙන්නේ..?”
“ඕක තමයි මම කිව්වේ පරිස්සම් වෙන්න කියලා.. ඉගෙන ගත්ත පළියට මිනිස්සු හොඳ වෙන්නේ නෑ.. ඔයාගේ යාලුවාව, දොස්තර පාවිච්චි කරලා කියලා දන්නේ නැද්ද..?”
“අයියෝ අම්මා.. මට තේරෙන්නේ නෑ ඔයා කියන දේවල්.. අමාට, ඩොක්ටර්ගෙන් බබෙක් කියලා කව්ද කිව්වේ..?”

 

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart