“හැබැයි වන්දනා, විනෝද ගමන් යන බස් ඉම්පෝර්ට් කරන්න එයාලට අවසර තිබිලා තියෙනවා.. තාත්තගෙ තාත්තා තමයි ඒ බිස්නස් එක හැන්ඩ්ල් කරගෙන ගිහින් තියෙන්නෙ.. හැත්තෑ නවයෙදී ප්රයිවට් බස් ඉන්ඩස්ටි්ර එක පටන් ගත්තට පස්සෙ සීයා මහා පරිමාණෙන් බිස්නස් එකට බැස්සලු.. ඒත් මෙච්චර දියුණු කරලා අරන් තියෙන්නෙ අපේ තාත්තා.. දැන් සෙනෙවිරත්න කම්පැනි එකේ තියෙන වාහන කොච්චරක් ද කියලා මංවත් දන්නෙ නෑ.. පබ්ලික් ට්රාන්ස්පෝර්ට්වලට බස් සීයක් විතර තියෙනවා.. ඔය ෆැක්ටරීස්වල, එයාර්පෝර්ට් එකේ වගේ ට්රාන්ස්පෝර්ට් සර්විස්වල දුවන්නෙත් සෙනෙවිරත්න බස්..”
මින්සාරිට සිය පියාගේ සුන්දර ව්යාපාරය සිහිපත් වී සුසුමක් හෙලුණේය. අයියා අධ්යාපනය අවසන් කළාට පසුව ඔහු සමඟ එක්ව ව්යාපාරය දිවයින පුරාම ව්යාප්ත කිරීමේ අපේක්ෂාව ඔහු තුළ තිබිණි. එහෙත් යුද්ධයේ කුරිරු සාපයට හසු වී සියල්ල විනාශ වී ගියේය. අද ව්යාපාරය තබා උන්හිටි තැන්වත් ඔවුන්ට නැත. ඔවුන් තුළ ඉතිරිව ඇත්තේ අයියා කවදා හෝ ආපසු පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුව පමණකි.
“තාත්තට බිස්නස් එක දියුණු කරන්න හුඟක් උදව් කරලා තියෙන්නේ දුලීකා ආන්ටි.. දැනටත් බිස්නස් එකේ ලොකු පාර්ට් එකක් කරන්නෙ එයා තමයි..”
“ඇයි අම්මා බිස්නස්වලට කැමති නැද්ද..?” මින්සාරි ඇසුවාය.
“නෑ.. අම්මා බිස්නස් එකේ අයන්න ආයන්නවත් දන්නෙ නෑ.. එයා කොහොමටත් බිස්නස්වලට කැමතිත් නෑ.. දුලීකා ආන්ටි නොහිටින්න බිස්නස් එක කොහොමවත් කරගෙන යන්න වෙන්නෙ නෑ කියලා හැම වෙලාවෙම තාත්තා කියන්නෙ ඒකයි..”
“ඒ කියන්නේ දුලීකා ආන්ටි ඔයාලගෙ නෑදෑයො ද..?”
මින්සාරි විමසුවේ නෙත්සිලු දුලීකා පිළිබඳව අවධාරණාත්මකව කතා කළ නිසාය.
“එයා අපේ කවුරුත්ම නෙමෙයි මින්.. ඒත් අපේ තාත්තාගෙ පණ..” ඔහු සුසුමක් හෙළනු ඇසිණි.
“මොනවා..? මට තේරෙන්නේ නෑ ඔයා මොනවද කියන්නෙ කියලා.. නෑදෑයොත් නෙමෙයිලු.. තාත්තගෙ පණලු..”
ඇය මඳ නොරිස්සුමකින් පැවසුවාය. ඇගේ සිතට යම් අසුබ සෙවනැල්ලක් වැටෙමින් තිබිණි.
“ඒක තමයි මම කලින්ම වෝර්න් කළේ තව ඔයාට ෂොක් වෙන්න හුඟක් දේවල් තියෙනවා කියලා.. අපේ තාත්තගෙයි දුලීකා ආන්ටිගෙයි එෆෙයාර් එකක් තියෙනවා..”
මින්සාරිට සැබෑම කම්පනය දැනුණේ එමොහොතේය. අසම්මත සබඳතා යනු මේ සමාජයේ නොවූවිරූ දේවල් නොවේ. අරුමය වන්නේ සිය පියා පිටස්තර ගැහැනියක හා පවත්වන ප්රේම සම්බන්ධයක් පිළිබඳව එතරම් ලිහිල්ව කතා කරන්නට පුතෙකුට හැකියාව තිබීමය. යමක් අසන්නටවත් මුව විවර කර ගත නොහී මින්සාරි ගල් ගැසුණාය.

********************************************
“තව ටිකෙන් තාත්තා මාවත් ඔය පවුලට බිල්ලට දෙනවනෙ..”
“තව ටිකෙන් තාත්තා මාවත් ඔය පවුලට බිල්ලට දෙනවනෙ..”
නෙත්සිලුට ඉබේටම කියැවිණි. රජීව පුතු දෙසත් බිරිඳ දෙසත් මාරුවෙන්මාරුවට බලා බිම බලා ගත්තේ ශෝකයෙනි.
“මට තේරෙන්නෙ නෑ කිසිම දෙයක් නෙත්.. ඒ නිවුස් එක දැකලා ඔයාලා ඇයි අවුල් වුණේ..?” මින්සාරි කුහුලින් විමසුවාය.
මුතුලතාගේ මුව කොනේ සිනාවක් ඇඳිණි.
“මහින්ද කියන්නෙ ශෂිනිගෙ තාත්තා.. ඉසුරංග බෝයි ෆ්රෙන්ඩ්..‘’ නෙත්සිලු පහත් හඬින් කීවේය.
මින්සාරි මුවින් පිට වෙන්නට ආ කෑ ගැසීම වළක්වා ගන්නට දෑතින්ම මුව වසා ගත්තාය.
“මට මේ කිසිම දෙයක් හිතා ගන්න බෑ.. ඔය කියන්නෙ ඇත්තම නම් පොලිසියට ඕවා හොයා ගන්න මෙච්චර කාලයක් ගියෙ ඇයි..?”
රජීව තමටම කියා ගන්නාක් මෙන් මිමිණුවේය.
“ඒ ප්රශ්නෙට මම උත්තර දෙන්නම්.. ඊට ඉස්සර වෙලා මට කියන්න මේවා පිටිපස්සෙ දුලීකා ඉන්නවා කියලා ඔයා දැනගෙන හිටියෙ නැද්ද..?” මුතුලතා සෘජුවම රජීව දෙස බලා විමසුවාය.
ඔහු බොහෝ සෙයින් කැළඹුණේය.
“මොකක්..? මේවා පිටිපස්සෙ දුලීකා ඉන්නවා..? මම ඕන තැනක දිවුරන්නම් මුතු.. සත්තකින්ම මම ඒ වගේ දෙයක් දැනගෙන හිටියෙ නෑ..” ඔහු කීවේ අසරණ ලෙසය.
“ඔයා දැක්කෙ දුලීකගෙ එක මූණක් විතරයි රජී.. ඒකයි ඔයාට එයා ඇරෙන්න වෙන ලෝකයක් තිබ්බෙ නැත්තෙ.. ඒත් එයා දාගෙන ඉන්න වෙස් මූණක් කියලා මම හොඳටම දැනගෙන හිටියා..”
“මුතු මම.. මම..”
ඔහු යමක් කියන්නට උත්සාහ කළත් මුතුලතා එයට ඉඩ නොදී දිගටම කතා කරගෙන ගියේ මින්සාරි දෙස බලාගෙනය.
“දුවට මේවා අරුමයක් වගේ පේනවා ඇති.. ඒත් දැන් ඔයත් මේ පවුලේ සාමාජිකයෙක් හින්දා මේවා දැනගෙන ඉන්න ඕන.. එතකොට මේ පවුලට ගැලපෙන්න ඔයාට ලේසි වෙයි.. සමහර විට ඔයා දැනටමත් දන්නවා ඇති.. දුලීකා කියන්නෙ රජීව සෙනෙවිරත්නගෙ අනියම් බිරිඳ.. අද ඊයෙක නෙමෙයි අවුරුදු තිහකටත් කාලයක් ඉඳලා..”
ඇය කීවේ තමාට කිසිදු සම්බන්ධයක් නැති නැති කෙනෙකු ගැන කතා කරන්නාක් බඳු ස්වරයකිනි. රජීවගේ හිස වඩාත් බිමට නැඹුරු විණි. ඔහු බලවත් ලැජ්ජාවකින් පෙළෙන්නට වූයේය. මින්සාරි බලා සිටියේ හුස්මත් හිර කරගෙනය. තාත්තා වෙන සම්බන්ධයක් පටන් ගත්තේ අම්මා වෙනම ජීවත් වෙන්නට පටන් ගත් නිසා බැව් නෙත්සිලු ඇයට කියා තිබිණි. එහෙත් අම්මාගේ වදන්වලින් ගම්ය වන්නේ ඒ සම්බන්ධය ඔවුන්ගේ විවාහයටත් පෙර සිටම පැවති බවකි.
“රජී හිතාගෙන හිටියෙ එයා ළං වෙලා ඉන්නෙ ආදරේට කියලා.. ඒත් එයාට ඕන සල්ලි විතරයි කියන එක රජීගෙ අම්මා වගේම මමත් දැනගෙන හිටියා.. අම්මා දේපොළ ඔක්කොම මගෙ නමට ලිව්වෙ ඒ හින්දා.. හොඳ වෙලාවට රජී ඒක දුලීකට කියලා තිබුණෙ නෑ.. නැත්නම් දේපොළ ගන්න මාවත් මරනවා.. රජී අතෑරලා ගියෙ නැත්නම් මරනවා කියලනම් එයා කීප සැරයක් මට තර්ජනය කළා..”
නෙත්සිලු මෙන්ම මින්සාරිත් ඇය දෙස බැලුවේ බිය රැඳි ඇස්වලිනි. රජීව හිස එසවූයේ නැත. මුතුලතා මරන බවට දුලීකා තමා ඉදිරියේදීත් දිවුරූ වාර ගණන අනන්තය. එම නිසාම ඇයටත් නොදැනී ඇය ප්රවේසම් කරන්නට තමා උත්සාහ දැරූ බැව් කිවහොත් මුතුලතා එය පිළි නොගන්නා බැව් රජීව දැන සිටියේය. තමා ඇයගේ විශ්වාසය ඉතා සාහසික ලෙස බිඳ දැමුවේ බොහෝ කාලයකට පෙරය.

Reviews
There are no reviews yet.