Sale!

සඳ සරපත් Sada Sarapath

Original price was: රු 1,600.00.Current price is: රු 1,280.00.

  • USD: 4.17$

Author – Sudheera jayarathna

Publisher – Rathsara poth

Year – 2025

Add to Wishlist
Add to Wishlist
Categories: , Tag:
Guaranteed Safe Checkout
ශිවන්තිකාට ඇත්තේ එකිනෙකට නොගැලපෙන අමුතුම ගතිගුණ බැව් කසුනි කියන අවස්ථාවල ගිහාන් හැම විටම ගත්තේ අක්කාගේ පැත්තය. ඇය අක්කා හෙළා දකින්නේ ඔවුන් දෙදෙනාට දෙදෙනා නොරුස්සන නිසායයි ඔහු විශ්වාස කළේය. අම්මා මියගිය දා පටන්ම අම්මා මෙන් සියලු යුතුකම් ඉටු කළ අක්කා සිය බිරිඳ වෙතින්වත් අවමානයට පත් විය යුතු නැත. එහෙත් ඕනෑම දෙයක යථාර්ථය පසක් වන්නේ එතුළ සිට නොව පිටස්තරව සිට එදෙස බලා සිටින කල්හිය. ඔහුට නොපෙනුණ අක්කාගේ එකිනෙකට පියවි ස්වභාවය ගැන පොඩි අක්කාත් දිනෙක කතා කළා ඔහුට මතකය.
“අක්කා හොඳයි තමයි.. අපිවත් හොඳට බලාකියා ගත්තා.. අපි වෙනුවෙන් කරන්න ඕන හැමදේමත් කළා.. තාත්තගෙ බරවත් අපිට දුන්නෙ නෑ.. ඒත් එයත් එක්ක ඉහ ගහගෙන ඉන්න හරි අමාරුයි මල්ලී.. මම ටිකක් ඈතින් ඉන්නෙ ඒකයි.. එයාට කිසිම දෙයක් පොඩ්ඩක්වත් වරදින්න බෑ.. හැම දෙයක්ම සීයට සීයක්ම හරියන්න ඕන කියලා බලාපොරොත්තු වෙනවා.. ළමයින්ට හරි ආදරෙයි.. ඒත් ළමයි ඉන්නෙත් ලොකු පීඩාවක කියලා වෙලාවකට මට හිතෙනවා.. ඇත්තටම මට පුදුම හිතෙනවා විමන්ත අයියා ඉවසන ඉවසිල්ල ගැන.. අපේ මිනිස්සු එක්ක බලනකොට ඒ මනුස්සයා දෙවියෙක් වාගෙ.. අක්කා ඒකවත් තේරුම් ගන්නෙ නෑ..”
ඇය කියාගෙන කියාගෙන ගියේ ගිහාන් නොරිස්සුමට පත් කරමිනි.
“අක්කා ඉන්නෙත් පීඩාවක නෙමෙයි කියන්න අපිට බෑනෙ.. ඒ හින්දා අපි එයා ගැන මීට වැඩිය ටිකක් හොයලා බලන්න ඕන.. මට හිතෙන්නෙම තාත්තගෙ වගකීමුත් එයා පිට පටවලා අපි නිදහසේ ඉන්නවා කියලා..”
ඔහු තදින් කීවේය. පොඩි අක්කා උපහාසයට මෙන් සිනාසුණාය.
“අක්කා ඔයාව හැදුවේ එයාගෙම පුතා වාගෙ.. ඒ හින්දා කවුරු හරි එයාගෙ වරදක් කියනකොට ඔයාට ඒක දරා ගන්න බෑ කියලා මම දන්නවා.. හැබැයි ඒකෙන් වෙන්නෙ අක්කට වරදක් පෙන්නලා දීලා එයා ඒකෙන් මුදවා ගන්න අපිට චාන්ස් එකක් නැතුව යන එක..”
පොඩි අක්කා ඇගේ වගකීම් පැහැර හැරීම සාධාරණීකරණය කරන්නට එසේ කීවා විය යුතුයයි එදා ගිහාන්ට සිතිණි. එම නිසාම ඔහු මේ කනින් ඇසූ දේවල් අනෙක් කනින් පිට වෙන්නට ඉඩ හැර නිහඬව සිටියේය. එහෙත් ලොකු අක්කාගේ පිටස්තර මුදු බවට යටින් ඇති රළු ස්ථරය ඉස්මතු වූ අවස්ථා ගණනාවක්ම ඔහු මේ දින දෙකතුනේ අත්වින්දේය. ඒ හැම විටෙකම පීඩාවට පත් වූ විමන්ත ගැනත්, මධ්යස්ථව සිට සියල්ල සමතුලිත කරන්නට උත්සාහ දරන කෙත්මි ගැනත් මහා අනුකම්පාවක් ඔහු තුළ පිළිසිඳී තිබිණි. පොඩි අක්කා කී ලෙසින්ම මේ සියලු දෙනාම සිටින්නේ සඟවා ගත් පීඩාවකින් නොවන්නේ ද..? විමන්ත අයියා සහ ඔහුගේ අධ්යක්ෂවරිය තානායමේ කෑම කන ආකාරය අක්කා දැක තිබුණේ නම් ඔහු තවත් සිය ගුණයකින් පීඩාවට පත් කරනවා නිසැකය.
“එහෙම දැක්ක ද කියලා හොයලා බලලා කොහොම හරි ෂේප් කරන්න මල්ලි.. නැත්තං මම ගෙදර ගිහිල්ලත් ඉවරයි..”
විමන්තගේ බියමුසු හඬ ගිහාන්ට සිහිපත් වූයේය.
**************************************
ගැහැනු වෙනස් වෙන්නේ පිදුරුතලාගල කාලගුණයටත් වඩා ඉක්මනින් නොවෙන්නේදැයි විමන්තට සිතුණේ මීගොල්ල පාලම් ව්යාපෘතිය අසළට පැමිණියාට පසුවය. මෙතෙක්ම සංදීපනී සැහැල්ලු ලීලාවෙන් මඟතොට දකින දේවල් පිළිබඳව කතාබහ කරමින් පැමිණියා පමණකි. ඇය එන බැව් කී විට රියැදුරා බියපත් වී සිටියාට ඇය ඔහුගේ රිය පැදවීමේ වරදක් ගැනවත් කිසිවක් කීවේ නැත. එහෙත් වාහනයෙන් බට විගසම ඇය අධ්යක්ෂවරියට ආවේණික සුපුරුදු උදාරම් බව ආරූඪ කර ගත්තාය. විමන්තට නොසන්සුන් බවක් දැනිණි.
“කෝ මේකේ ප්ලෑන් එක මට පෙන්නන්න..”
දොළ පාරක් මතින් ඉදි කිරීමට නියමිතව තිබූ පාලමේ අවසන් වී තිබූ කොටස දෙසත්, වාහන ගමනාගමනය සඳහා තාවකාලිකව සකස් කළ මේ වන විට අබලන්ව වතුර පිරී ඇති කොටස දෙසත් මාරුවෙන් මාරුවට බැලූ ඇය අණ කළාය. එක් පැත්තක වූයේ කුඹුරු යායකි. එයින් කොටසක් ද ඉදි කිරීම් කටයුතු සඳහා පවරාගෙන තිබූ අතර එතැනින් එහා වූ කුඹුරේ වැලි පිරී පාළුවට ගොස් තිබිණි. ගම්මුන් ජනාධිපතිවරයාට පෙත්සම් යැවීම පුදුමයක් නොවේයයි විමන්තට පවා සිතිණි.
“විමන්තට ඇහුණ ද මම කිව්ව දේ..?”
ඇය මඳක් සැරෙන් ඇසුවාය. ඒ ආසන්නයේම සිටි රියැදුරා මඳක් ඈතට ගියේ ඔහුටත් බැනුම් අසන්නට සිදු වෙනු ඇතැයි බියෙන් විය යුතුය.
“ඇයි මැඩම්.. අපි කෑම කකා ඉන්නකොට මම ප්ලෑන් එක පෙන්නුවේ..”
ඔහු මඳක් පුදුමයෙන් පැවසුවේය.
අඹේපුස්ස තානායමේදී ඇගේ සැමියා ඉක්මනින් කෑම කා පිටත්ව ගියේ හමු වීමට නියමිත පුද්ගලයා ඔහු බලාපොරොත්තුවෙන් සිටින බවට දුරකථන ඇමතුමක් ලැබුණ බැවිනි.
“සොරි මචං.. මම දැන් යන්න ඕන.. උඹලා නිවීසැනසිල්ලේ කාලා පිටත් වෙයල්ලා..”
කියූ ඔහු සංදීපනීගේ කම්මුලක් සිප, විමන්තගේ උරහිසට ද තට්ටු කර නික්ම ගියේය. සමීප මිතුරෙකු හෝ නෑදෑයෙකු නොවන පිරිමියෙකු සමඟ සිය බිරිඳ තානායමක් තුළ සිටිද්දී නික්ම ගිය ඒ අසාමාන්ය මිනිසා ගැන විමන්ත පුදුම වූයේය. ශිවන්තිකා මොන තරම් විශ්වාසවන්ත වුවත් ඔහුට නම් කවදාවත් එසේ කරන්නට හැකි නොවනු ඇත.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart