Sale!

මේකුළු ඇද හැලෙයි Mekulu Ada Halei

Original price was: රු 1,500.00.Current price is: රු 1,200.00.

  • USD: 3.91$

Publishing year – 2025

Publisher – Pawana Creations

Add to Wishlist
Add to Wishlist
Categories: , Tag:
Guaranteed Safe Checkout
“තව කොච්චර වෙලා ඔහොම අඩනවද…?”
එක්වරම තමාට ඇසුනු කට හඬ නිසාම ලයාදි ඉක්මනින් හිස එසෙව්වාය.දෑස් වලට දැනුනු පුදුමයටම ලයාදි අතින් සිය වයලීනය පවා ගිලිහි ගියාය.දෑත් ළය හරහා බැදගෙන එක එල්ලේ තමා දෙස බලා සිටිනා මේඝ දුටු ලයාදි හට මෙය සිහිනයක්දැයි සිතෙනා තරමට පුදුමයක් දැනෙන්නට විය.ඇය දෑස් මෙන්ම මුවද විසල් කරගෙන ඔහු දෙස බලා සිටිද්දිම මේඝ දණිස් වලින් ඇය අසලට පහත් වන්නට වූවේය.ඒ හාම දැනුනු බියට ඇය ගත මදක් පිටුපසට කළාය.වැහි බිදු වෙලා ගත් ඔහුගේ හිස කෙස් මත වූ ජල බිදු එකින් එක ලයාදිගේ අතකට වැටෙන්නට වූයේ ඔහු තමා සමීපයේම උන් නිසාය.
“මොකක්ද ප්රශ්නෙ කියලා අහන්න මට අයිතියක් නෑ ලයාදි…බට් මේ විදිහට පාරෙ අඩ අඩා ඉද්දි එහෙම අහන් නැතුව ඉන්නත් බෑ…”
ආඩම්බරකාරයා ඈ වත පුරා දෑස් ගෙන යමින් කියන්නට වෙද්දි ලයාදි ඉක්මනින් දෑස් වල කදුළු පිසදාගත්තාය.මේඝ මෙහි සිටීම ඇයට ගෙන දුන්නේ පැනයකි.
“ඔයා කවුද…?”
තමා හෝටලයේදි වැරදි ඇගේ හැපුනේත් තමාට කැබ් රථයක් ඇනවුම් කර දුන්නෙත් මොහු බව ඇත්තය.එනමුත් ඔහු මේ අයුරින් තමාගේ බෝඩිම අසල සිටින්නේ කෙසේදැයි ඒ මන්දැයි ඇයට තිබුනේ ප්රශ්නයකි.
“ගේ ඇතුළට යන්න ලයාදි..ගෑණු ළමයෙක් මේ විදිහට පාරෙ ඉන්න එක හොඳ මදි…”
හඬා විඩාබර වී ඇති ඈ වත දෙස බලාගෙන මේඝ කියන්නට වෙද්දි ඈ දෑස් නොසන්සුන් වන අයුරු ඔහු දුටුවේය.
“අම්මා බලාගෙන ඇති ඔයා එනකන්…”
ඇගේ නොසන්සුන් බව වගක් නොකර එසේ කියමින් මේඝ ඇය අසලින් නැගිට්ටේය.මේඝගේ ඒ වදන් පෙළ ලයාදිව නැවත හඩවන්නට තරම් සමත් බව මේඝ දැන සිටියේ නැත.ඔහු නැගිටිනවාත් සමඟම නැවත නොසිතූ ලෙස ඇය ඉකිගසමින් හඬන්නට ගත්තාය.
“ඔහ් ගෝඩ්…”
මේඝ නළල අතකින් තෙරපවාගෙන මුමුණන්නට වූයේ නැවත ඇය හඬනවා දුටු නිසයි.තමා එනතුරු බලා ඉන්නට අම්ම තියා කිසිවෙකු නැතැයි කියා ඇයට කෑ ගසා කීමට අවැසි වුවද ඇය ඒ වේදනාව ඉකිගසමින් පමණක් පිට කළාය.
ඇගේ ඉකි ගැසීම වැඩි වනවා මිස අඩුවන පාටක් නම් නොමැත.තමා කුමකට ඇය පසුපස මෙහි ආවාදැයි මේඝ සිතන්නට වූයේ ඇය හඩනා දෙස නළල තෙරපවමින් බලාගෙනයි.
“කෝ නැගිටිනවා…”
**********************************
“ඔහොම ටිකක් ඉන්න මං සල්ලි අරන් එන්නම්…”
“පේමන්ට් එක කරලා තියෙන්නේ මිස්…”
රියදුරු කියන්නට වෙද්දි ලයාදිගේ දෑස් විසල් විය.
“මම සල්ලි දුන්නෙ නෑනෙ..”
ලයාදි කියන්නට වූයේ කුතුහලයෙනි.
“හයර් එක දාලා තියෙන්නෙ මේඝ සස්වින් කියලා කෙනෙක් මිස්..එයා පේමන්ට් එකත් කරලා තියෙන්නේ..”
රියදුරු කියන්නට වෙද්දි ලයාදි හට දුඹුරු දෑස් හිමි හාදයාව සිහිවන්නට විය.ඇයට ඔහු කෙරේ දැනුනේ පුදුම තරම් පැහැදීමකි.
“හරි තැන්ක්යූ…”
මේඝ කැබ් රථය ඇනවුම් කරන විට එහි ගාස්තුවද ඒ මොහොතේ ගෙවා දැමු බව යුවතිය දැනගත්තේ දැන්ය.කැබ් රථය ඇය අසලින් ගිය පසු ලයාදි විසල් හුස්මක් පිට කර හැරියාය.ඒ තමා තුළ වූ පීඩනය දරා ගන්නටම නොහැකි තැනයි.ඇයට ලාවට වැටෙනා පොද ගෙන දුන්නේ සැනසීමකි.ඇයට බෝඩිමට යන්නට හිත දුන්නේ නැත.අතුරු මාවතක් වන බැවින් පාර ඉතා පාළුය.ඇය ඔහේ ගේට්ටුව අසලට වී වැස්සට සිය වත අල්ලගෙන උන්නාය.වැහි බිදු එකින් එක විත් වත හා ගත ස්පර්ශ කර සීතල සම තුළටම කිදා බැස්සද ඇයට එය වගක් නොවූවාය.
මාස හයකට පසු දුටු සිය මවගේ වත මතක් වී ඇය හැඩුම් ආවාය.ඇය වේගයෙන් හුස්ම ගත්තාය.වයලීනය තව තවත් පපුවට තද කර ගත්තාය.උත්සව ශාලාවේදි අම්මාත් අයියාත් තමාට කියූ වදන් එකිනෙකට ඇයට සිහි වන්නට වෙද්දි වැස්සට අල්ලාගෙන සිටිනා වතෙහි දෑස් මතින් කදුළු වැල් ගලාගෙන යන්නට පටන් ගත්තේය.
“උබ ඔය තරමටම අපිට හිතුවක්කාර නම් අදින් පස්සෙ උබ අපේ පවුලට මැරිලා ගිය දරුවෙක් විතරයි ලයාදි….”
වෙනදාට පුංචි මැනිකේ යැයි අමතන හඬින් තමාගේ නම කියා මව තමාට ඇමතූ අයුරු සිහි වෙද්දි ඇයට ඉකි ගැසුනි.තව දුරටත් ඒ පවුලෙ තමාගේ අම්මා හෝ තමාව පිළි නොගන්නා බව ඇය අද දැන ගත්තාය.අයියා තමා ඔහුව වැළඳගන්නට යද්දි තමාව තල්ලු කර දැමු අයුරු ඇයට සිහිවූවාය.ඒ දේවල් මැවි මැවි පෙනෙද්දි ඇයට තවත් ඉවසා ඉන්නට නොහැකි විය.
“අනේ අම්මේහ්…”
හිරිපොද වැහි මැදම ඇය හඬමින් බිම වාඩි වන්නට වූයේ වයලීනයද අත් නොහැර තුරුලු කරගෙනය.
හෝටලයේ සිට යුවතියගෙ කැබ් රිය පසුපසින් ආ මේඝ කැබ් රථය ඇගේ බෝඩිම අසල නතර වූ පසු මදක් ඈතට වන්නට සිය ප්රියස් වර්ගයේ මෝටර් රථය නවතාගෙන උන්නේය.කැබ් රථය පිටව ගොස් ඇය නිවස තුළට යනතුරු කියා ඔහු බලා උන්නේය.එනමුත් ඔහු නොසිතූ අයුරින් ඇය වැහිපොදට තෙමෙමින් වයලීනයද තුරුලු කරගෙන ඉකිගසනා අයුරු ඔහු මෝටර් රථයෙහි ඉදිරි වීදුරුවෙන් වයිෆරය එහා මෙහා වන අතරින් බලා ඉන්නට පුදුමයෙනි.අඳුරේ වුව මාර්ගයේ පහන් එළි වල ආලෝකයෙන් ඔහුට ඇයව හොඳින්ම පෙනුනි.
“වට්ද ෆක් ඕයි…?”
එක් මොහොතක යුවතිය හඬාගෙන බිම වැටෙද්දි මෙතෙක් වේලා ඉවසීමෙන් බලා උන් මේඝ සස්වින් සමරදිවාකර සිය කබාය ගලවා දමා ආසනයේ පසෙකට විසි කරන්නට වූයේ දසන් අතරින් එසේ මුමුණමිනි.ඒ හාම මෝටර් රථයේ දොර හැරගෙන ඔහු වැහිපොද මැදම ඈ වෙත දිව යන්නට වූයේ කළු පැහැති ශර්ටයේ අත්ද වැලිමිට දක්වා නවමිනි.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart