ශාලාවෙහි වූ ඝෝෂාවට හාත්පසින්ම වෙනස් නිහඞතාවයක් පාළු කොරිඩෝව පුරා වූවද තේජාන්ගේ ආරක්ෂක නිළධාරියෙකුගේ දෑසක් ඒ වන විටත් කොතැන හෝ සිට තමා දෙසට යොමුව ඇති බව දත් විහංගාට බියක් නොදැනුණි.ගමනාන්තයට ළඟා වීමට පෙරම ආසන්නයේ ඇසෙන වේගවත් අඩි ශබ්දයට වේගය මදක් අඩාල වුවද නතර නොවුණු දෙපා ඇය තවත් පියවරක් ඉදිරියට ගෙන ගියේය.වම්පසින් වූ හදිසි පිටවුම් දොරටුව විවෘත වූයේත් ඇය ඉන් පිටතට තල්ලු වී ගියේත් එක්වරමය.අන් දිනයන්ට වඩා උස් වූ පාවහන් ඇයගේ සිරුරේ සමබරතාවය අවසන් කළේය.වටයක් කැරකී ගිය විහංගා අවසානයේ ඒ දෑතට සිරව නතර විය.සිව් නෙත් ගැටී ගෙවීගිය තත්පර ගණනාවකට පසු තේජාන් මුව විවර කළේය.
“අඞන්න නම් යන්නෙ මෙහෙම ඉඳගෙන අඞන්න”
“මම මොකටද කාගෙවත් දේවල් වලට අඞන්නෙ”
“එහෙනම් තරහ ඉවර වෙනකල් බනින්න”
“බනින්න දේකුත් නෑ .ඔයා මැරි කරන්න ඉන්න කෙනා එක්ක මොනවා කරාම මට මොකද”
“නපුරු කම බේරෙනවා…….මැරි කරන්න ඉන්න කෙනා දැක්ක වෙලාවෙ ඉඳලා මොනවාහරි කරන්න තමයි බලන් හිටියෙ………..ලස්සනයි රාධි.මෙහෙමම අරගෙන යන්න හිතෙනවා”
මුහුණ පුරා ගමන් කරන ඔහුගේ දෑස් අභියස කෝපිමල් සිනහව විසිරුණි.එහි සුවඳ විඳගැනීමට ඔහු ලංවූයේත් ඇයගේ දෑත් ගෙලවටා පැටලී ගියේත් එකම මොහොතකය.
“දකින දේවල් වලට හිත රිදෙනවා තමයි.ඒත් මම වෙනුවෙන් අද දවසත් ඉවසන්න රාධි”
බොහෝ වේලාවකට පසු සවන් අද්දර ඔහුගේ කෙඳිරුම් හඞ ඇසෙන විට ඇය දෑස් එසවූවාය.
“ඔයා වෙනුවෙන් තමයි අනූ මම මෙච්චර දවසක් ඉවසුවේ.ඒත් දැන්නම් මටවත් හිතාගන්න බැරි තරම් මම දුර්වලයි.වෙන ගෑණියෙක් ඔයාගෙ කරේ නැගගෙන ඉද්දි මම කොහොමද මගේ නෙමෙයි වගේ අහක බලාගෙන ඉන්නෙ……..දැන් ඔයා නැතුවට හොයනවා ඇති.අපි යමු”
“ඉන්න……”
දොරටුව අවහිර වන සේ සිටගත් ඔහු දුරකථනය සමග මොහොතකට කාර්ය බහුල විය.
“දැන් යන්න……”
ඇමතුම අවසන් කළ ඔහු සාරිපොට විහංගාගේ උරහිස් වටා ගෙන ගියේය.
“මේ හැට්ටෙ මම කලින් දැක්ක නම් අඳින්න දෙන්නෙ නෑ.ඔහොම වහගෙන ඉන්න”
“ඉරිසියාකාරයා…..”
විහංගා කාන්තා විවේකාගාරය තුලට යන තුරු බලා සිටි තේජාන් චානකගේ කටහඞින් ආපසු හැරුණි.
“සර්….. ඕක දිහා බලාගෙන ඉඳලා තව කාඩ් එකක් ගහගන්න.ගොසිප් සයිට් කීපෙකිනුයි ඕපදූප පත්තර කීපෙකුනුයි වටේ කැරකෙනවා හේතුව මොකද්ද මන්දා”
චානක විසින් පැවසූ නවතම පුවත ඇති කළ කුතුහලයෙන් කල්පනා බරව තේජාන් ආපසු හැරුණි.
“සර්……… පොඩ්ඩක් අරක ඇතුලට ගිහින් ඔය ගාගෙන තියන මේකප් එක හෝදගෙන යන්න”
******************
ඒ මතක මැද මොහොතකට ඇයගේ දෑස් පියවුණි.
“අනූ දැන් යන්නෙ නෑ නේද”
නැවතත් කාමරයට පැමිණෙන තුරු පැටලී තිබූ දෑත් ලෙහෙන පමාවට විහංගාගේ මුව විවර විය.ඔහු නිහඞව උරවටා බර කළ දැතින් ඇය කාමරය තුලට තල්ලු කළේය.
“දැන් ආයෙ වතුරෙ නටන්නෙ නැතිව මේ පැය දෙක තුන ඔහොමම නිදා ගන්න”
“අනූ………. ඔයා යනවද…..”
ආයාචනාත්මක දෑස් මග හැරි ඔහු බලහත්කාරයෙන්ම ඇය ඇඳ මත සතපවා පොරෝනයෙන් ගෙල දක්වා ආවරණය කළේය.
“නිදා ගන්න රාධි …… කිරි වෙහෙර ළඟදි තැන්පන් උන හිත මේ විදියම තව මාස දෙක තුනක් තියා ගන්න ඕන. ඔය ඇස් දෙකේ කඳුළක් දුකක් පසුතැවීමක් ඉතිරි නොවෙන දවසක ඒ දේ උනාම ඇති.”
වායු සමීකරණ යන්ත්රයෙහි උශ්නත්වය සැකසූ ඔහු ඇඳ අසළින් දණ නමා ඇය වෙතට නැඹුරු විය.
“බය නැතිව නිදා ගන්න මේ ඇඳත් අග බිසවටම වෙන් කරලා තිබුණ එකක්”
නළලත මත බරැති සුසුමක් තැබූ ඔහු වහා නික්මින.
Reviews
There are no reviews yet.