Sale!

නිකළැල් හාදු Nikalal Hadu

රු1040

Author – Wasana Perera

Publisher – Sotry flix
Year 2024

Availability: 3 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: SFS 0002 Categories: , Tag:
“අනුජ් රාජරත්න ව දන්නව නේද?”
“එයාව කවුද දන්නැත්තෙ?”
එයාගෙන් පරිස්සම් වෙලා ඉන්න මන්දාකිණී!”
“පරිස්සම් වෙලා ඉන්න කිව්වේ?”
“ඕකා දකින දකින කෙල්ල දැලේ දාගන්නවා. ඊටපස්සෙ හපයක් වෙනකම් පාවිච්චි කරලා කුණු මාලු කෑල්ලක් වගේ විසි කරල දානවා. අහුවෙන්නැතුව ඉඳපන්. එච්චරයි.”
**********************************

මන්දාකිණී මෙලොව බෙහෙවින්ම ආශා කළේ හුදෙකලාවට ය. දෙවනුව ඡායාරූප ශිල්පයට ය. කැමරාව පිටුපස සැඟව සිටිමින් කැමරා ඇසට හසුවන ඕනෑම දෙයක ජීවය මිලින වන්නට නොදී සේයාරුව තුළ සිර කරලන්නට ඈ තුළ වූයේ සහජ දක්ශතාවයකි. කිසිවෙක් ඈ ගැන කිසිවක්ම දැන නොසිටියෝ ය. ඇය කිසිවෙකුට වත් තමා ගැන පැවසුවේ ද නැත. ඇය ඇගේ සෑම දුකක් කරදරයක් ම බෙදාගත්තේ ඇගේ සොහොයුරා සමඟින්ම පමණකි.

“එයා හරිම ගුප්ත කෙල්ලක්”. බොහෝ විට ඈ හඳුනන අයවළුන් ඇයව හැඳින්වූයේ එලෙසිනි. සූම් ඇඩ්වර්ටයිසිං ආයතනයට ඡායාරූප ශිල්පිනියක ලෙස සේවයට බැඳුනු මන්දාකිණී සපරමාදු ආයතනයේ අනෙකුත් සියළුම යුවතියන්ට වඩා වෙනස් යුවතියක් වූවා ය.
අනුජ් රාජරත්න ඉපැරණි වලව් පැළැන්තියක පවුලක ජීවතුන් අතර සිටි අවසාන පුරුක වූයේ ය. ඒ නිසාම ඔහු ගත කළේ සෙල්ලක්කාර දිවි පෙවෙතකි. ඔහුට නීති දමන්නට හෝ පාලනය කරන්නට හැකි කිසිවෙක් මිහිපිට නොසිටියෝ ය. ඒ ගෙවූ ජීවිතයම මුළුමනින්ම උඩු යටිකුරු වූයේ අහම්බෙන් ඔහුගේ දිවියට පෑයූ මන්දාකිණියක් හේතුවෙනි. ඔවුන් දෙදෙනාගේ ජීවිත වෙනස්ම මඟකට හැරවෙන්නට ඒ අහඹු හමුව ඉවහල් වී තිබිණි.
නමුත්, අනුජ් සිහිනයෙන් වත් නොසිතූ යමක් ඇගේ දිවිය වටා රැඳී තිබිණි. ඇගේ ජීවිතයට බලපෑම් කරමින් තිබිණි. ආදරයට ඕනෑම දෙයක් වෙනස් කළ හැකි බව සැවොම පවසති. ආදරය එතරම්ම බලගතු ය. එසේ නම් ඈ වටා රැඳි ඒ අඳුරු අභියෝගයෙන් ඈ මුදවා ගැනීමට ඔහුගේ ආදරය ප්රමාණවත් වේද?

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart