“කියාරා, අපි අදම ඩයිවින්ග් පටන් ගන්නවද..?” ක්ෂිතිජ කරදිය සුවඳ මුසු හුළඟ විඳිමින් සිටි තරුණිය පසුපස හැරී බැලුවේ නුරුස්නා සහගත හැඟීමකිනි. ඇය රූමත්, සිහින් උස් සිරුරැති අයෙක් වූවාය.
“ඔව් මාක්, අදම වැඩේ පටන් ගමු.. ලොකු කාලයක් ලංකාවේ ඉන්න මට බෑ..” ප්‍රශ්නය යොමු වූ තරම් චතුරවම ඉංග්‍රීසි බසින් පිළිතුරු දුන් ඇය පිටව යන්නැයි තරුණයාට මුවින් නොපවසා නැවත සිය දෑසේ එල්ලය සයුර මතට යොමු කළාය. තරුණයා එතැනින් පිටව ගියේ පිළිබඳව කිසිදු තැකීමක් නොකරමිනි.
“තිසංකග.. ප්ලීස් හෝල්ඩ් මී…” ඒ මොහොතේ ඇයට අවශ්‍ය වූයේ සමීපතමයෙකුගේ වැළඳ ගැනීමකි. නොසන්සුන් හදවත සන්සුන් කළ හැකි ස්පර්ශයකි. ඉදිරියේ සිටි තිසංකගෙන එය ඉල්ලා සිටීමට බොහෝ කලක් අපරදිග ජීවත් වූ තරුණිය පැකිලුනේ නැත. තිසංක ද දෙවරක් සිතුවේ නැත. පටු ඇඳ තීරුව මත අසුන් ගත් ඔහු කියාරාව ඔසවා වැළඳ ගත්තේය. බොහෝ දුරක් යනතේක ඔවුන් එලෙසින්ම සිටියහ.
“දෙවියනේ..” ඇගේ මුවින් නික්මුනේ අව්‍යක්ත රාවයකි. එය සියල්ලන්ගේම අවධානය කියාරා වෙතට යොමු කර ගැනීමට සමත් විය. හුස්ම ගැනීමට හෝ අමතකව පාෂාණිභූතව සිටින ඇය වෙතට තිසංක පැමිණියේ කලබලයෙනි. ඇයට යම් අනතුරක් සිදු වී යයි පළමුව දැනුණු හැඟීම විසල් වූ ඇගේ දෑස් නිසා කුතුහලයකට පෙරළී යද්දී ඔහුගේ දෑස් කියාරාගේ බැල්මට සාමාන්තරව ඉදිරියට යොමු වූයේය. ශාලාවේ ඈත කෙළවරක අඩි දහයක් පමණ උසින් වූ වේදිකාවක් මත තැන්පත්ව තිබුණේ යෝධ යානාවකි. කුරුළු හොටක හැඩයට සැකසූ මුහුණතක් සහිත එහි බඳ වැසී තිබුණේ කුරුළු පියාපතක් ආකාරයට සැකසූ සැකිල්ලකිනි.
Reviews
There are no reviews yet.