Sale!

ඒ ගහට එතුනේ සමන්වැලක් E gahata ethune samanwalak

Original price was: රු 990.00.Current price is: රු 790.00.

  • USD: 2.68$

Short Stories

Author – Durendra Indika Peries

Publisher – Sadamadavi publishers

Year – 2025

Add to Wishlist
Add to Wishlist
SKU: DES 0825 Categories: , Tag:
Guaranteed Safe Checkout

බලාගෙන ඉන්නකොට බඹරයක් කැරකෙනවා වගේ ලොකු අයියාගේ පවුල දියුණුවෙන් දියුණුවට පත්වෙනකොට පොඩි අක්කා හුඹහෙන් එළියට ඇදලා ගත්ත තලගොයෙක් වගේ කළු වෙලා කේඩෑරි වෙලා දිය වෙලාම යන්න පටන් අරන් තිබුණා. අවුරුදු තුනක් පුරාවට සුරංජිත් ගේ නම අතුරුදහන් වෙච්ච ලැයිස්තුවේ තියෙන කොට ඒ අතුරුදහන් වීම කවදාවත් හම්බවෙන හම්බවිල්ලක් නෙමෙයි කියලා අපි හැමෝටම තේරෙන්න පටන් අරගෙන තිබුණා.ලොකු අයියා ඊළඟ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වෙනකොට ජිලේ බතික් ඔසරිය අඳින්න පටන් අරගෙන තිබුණා.ලොකු අයියාටත් කලින් ජිලේ ආයුබෝවං කියාගෙන ඉස්සරහට යනවා කියලා මිනිස්සු හිනාවෙන්න පටන් අරගෙන තිබුණා.
********************

පැත්තෙන් බලන් ඉන්න කෙනෙකුට පේන්න ඇත්තේ ජේසන් සොභාව සෞන්දර්යයෙන් අනූන වෙලා හිත සතුටෙන් පිරිලා ආනන්දයෙන් ආනන්දයට පත් වෙලා හිතේ ඇති වෙච්ච සන්තෝෂයට සින්දු කිය කියා යනවා කියලා වෙන්න ඇති..හොඳ වෙලාවට ඒක ඉංග්රීසි සිංදුවක් උනේ කියලා මට හිතුනා.ජේසන් ඇත්තටම ඒ සින්දුව කිව්වේ නිකම්ම නිකං හිතට දැනිච්ච පාළුව කාන්සිය මකා ගන්න වෙන්න ඇති කියන අදහසින් මමත් උන්නා . ඒ උනාට සමහර වෙලාවට තව කෙනෙකුගේ භාෂාවක් තේරුම් ගන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා කියන එක මහා මානසික වදයක් කියන එක මට හිතුනා.
මාව අගුලු දමා ඇත්නම්…
අද අපිට ඒ හැමදේම නැතිවෙලා නම්….
මට අවංකවම කියන්න,
ඔබ තවමත් මට එලෙසම ආදරය කරනවාද?
මම අඩුපාඩු සහිත පුද්ගලයෙක් නම්…
මට ශක්තිමත් වෙන්න බැරි නම්…
මට අවංකවම කියන්න,
ඔබ තවමත් …
මට එලෙසම ආදරය කරනවාද?
ජේසන් කියන සින්දුවේ දළ අදහස ඒ විදිහට මට තේරුණා..
කිසිම දෙයක් නොතේරෙන
සාගලකන්ද වෙද ගෙදර හාමිනා විදිහට මම ජේසන්ව තල්ලු කරගෙන ගියේ බෙහෙත් ඔරුව ගාවට.. නන්දෙ බාප්පයි සීයප්පච්චි යි උදව්වට එන පිරිමි දෙතුන් දෙනයි එතන හිටපු හින්දා මම ජේසන්ගේ පුටුව එතනින් නවත්තලා මගේ කාමරයට ආවා.
*****************

ඡන්දයට මාසයකට කලින් ලොකු අයියා පියංගිකාව කසාද බැංදේ චන්දෙන් පස්සේ තමන් දිනලා ප්රාදේශීය සභාවට ගියාට පස්සේ හම්බෙන ටෙන්ඩර් වලින් ගන්න කොමිස් වලින් හදන ගෙදරට ඉක්මනින්ම පියංගිකාව එක්කගෙන යනවා කියන පොරොන්දුව පිටයි. හේතුවක් ඇතත් නැතත් මට ආටකී නාටකී නොහොත් ජිලේ නොහොත් පියංගිකා පෙන්නන්න බැරි වෙලා තිබුණා.
ඉච්ඡානුකව හරි අනිච්චානුකව හරි පියංගිකා කතා කර කර ඉන්නකොට උඩ තොල රැලි කරලා නහය ගාවට ගෙනල්ලා අතාරින්නේ තත්පරෙන් දහයෙන් පංගුවටත් වඩා වේගයෙන් උනාට මට එතකොට එයාව පේන්නේ හරියටම ඌරු පුකක් වගේමයි .

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart